Featured New Zealand tour of Sri Lanka 2019 News Sinhala Column

නවසීලන්ත ඉනිම් සංඛ්‍යා වැඩිපුරම බේරාගත් රොස් ටේලර්

නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් එක්දින සහ 20-20 කණ්ඩායම් තුනේම අංක හතර ස්ථානයේ පන්දුවට පහරදෙන රොස් ටේලර් බදාදා (14) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භවු ශ්‍රී ලංකා  නවසීලන්තය ප්‍රථම ටෙස්ට් තරගයේදී නැවත වතාවක් නවසීලන්තය වෙනුවෙන් ගැලවුම්කරු වෙමින් තම යුතුකම් කොටස ඉටු කළේ ලකුණු 86ක් ලබාගනිමිනි.

එංගලන්තයේ පැවැති 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තයට අවසාන තරගයේ ලකුණු සමාන වනතෙක්ම තරගාවලිය පුරාම රොස් ටේලර්ගේ පිතිහරඹය විශාල ලෙස දායක වීය. මේ පිතිකරු ශ්‍රී ලංකාව සමග නිතරම ලකුණු අතරට පිවිසීමද දක්නට ලැබේ. ශ්‍රී ලංකාව සමග පමණක් ඔහු ටෙස්ට් ශතකයක් හා එක්දින ශතක දෙකක් ලබා සිටී.

ටෙස්ට් තත්ත්වය ලබා සිටින සියලුම රටවල් සමග ශතක ලබා සිටින නවසීලන්තයේ එකම පිතිකරු ද මොහුවේ. එලෙසම ලොව හයවැන්නාය. මොහු දැනට ටෙස්ට් ශතක 18ක් ද එක්දින ශතක 20ක්ද ලබාසිටි.

ටේලර් පිතිකරණ දස්කම් බලන කළ මෙතෙක් ටෙස්ට් තරග 93කට සහභාගිවී බ්‍රහස්පතින්දා (15) ලකුණු 86ක් ලබන විට ලකුණු 6813ක් ලබා සිටියේ ටෙස්ට් ශතක 18ක් සහ අර්ධ ශතක 30ක් සමගය. 2015 ඕස්ට්‍රේලියාව පර්ති ලැබු ලකුණු 290 ඉනිමක වැඩිම සංඛ්‍යාවයි. මීට අමරව එක්දින 228කදී 8376ක් ලබාසිටින්නේ ශතක 20ක් සහ අර්ධ ශතක 50ක් සමගය. 2018 මාර්තු මස එංගලන්තය සමග ලැබු ලකුණු 181 ඔහුගේ වැඩිම එක්දින සංඛ්‍යාවයි. 20-20 තරග 88කදී ලකුණු 1579ක් රැස්කළේ අර්ධ ශතක 5ක් සමගිනි. ටෙස්ට් ශතක 18 අතුරින් 8වෙනි ටෙස්ට් ශතකය ඔහු ලැබුවේ 2012 නොවැම්බර් 25 වැනිදා ශ්‍රී ලංකාව සමග පී.සරවනමුත්තු පිටියේ දී (නොදැවී 142යි) ටේලර් ප්‍රථම එක්දින ශතකයත් 20 වන එක්දින ශතකයත් ලබාගත්තේ ශ්‍රී ලංකාව සමගය. ප්‍රථම එක්දින ශතකය 2006 දෙසැම්බර් 28 වැනිදා නේපියර් හිදී (නොදැවී 128) අවසාන එක්දින ශතකය 2019 ජනවාරි 08 වැනිදා නෙල්සන් හිදීත් (ලකුණු 104යි) ශ්‍රී ලංකාව සමග හේ ලැබීය.

ඔහු ප්‍රථම වරට ටෙස්ට් තරගයකට සහභාගි වූයේ 2007 දකුණු අප්‍රිකාව සමගය. 2006 මාර්තු මස කොදෙව් පිල සමග එක්දින තරගයකට සහභාගිවී ප්‍රථමවතාවට ජාත්‍යන්තර පිටියට පිවිසියේය. ඔහු නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය ද දරා තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව නම් කරන ටෙස්ටය් එක්දින ලෝක කණ්ඩායම් වලට ද මොහුගේ නම ඇතුළත් විය.

1984 මාර්තු මස 8 වැනිදා නවසීලන්තයේ ලොවර්හට්හි උපත ලද රොස් ටේලර්ගේ මව සැමෝවා ජාතික කාන්තාවක් වන අතර පියා නවසීලන්ත ජාතිකයෙකි. 2011 දී ඔහු වික්ටෝරියා සමග විවාහ වී දැනට දරුවන් තිදෙනකුගේ පියෙකි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

වනිඳු හසරංගගේ ටෙස්ට් සිහිනය කල් යයි

Chamila Karawita

ශ්‍රී ලංකාවට කඩුලු 3 ක් අහිමි වෙයි

Chamila Karawita

LPL හි ගුණාත්මකභාවය කඩකරන්නන්ට දැඩි දඬුවම්

Web Admin