Featured Media Centre New Zealand tour of Sri Lanka 2019 News

නවසීලන්ත පෙරහුරුව වැස්සට සේදෙයි

සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර පැවැත්වෙන පුහුණු තරගයේ තෙවැනි දිනය වූ අද (10 දා) දිනයේදීත් උදෑසන සිටම කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයට වර්ෂාව ඇද හැළීම නිසා පෙරවරුවේදීම තරගය අත හැර දැමීමට විනිසුරුවෝ තීරණය කළහ.

පෙර දින රාත්‍රියේ සිට වර්ෂාව ඇද හැළුණු නමුත් පෙ.ව. 9 ට පමණ කාලගුණ තත්ත්වය සතුටු දායක තත්ත්වයකට පැමිණි බැවින් ක්‍රීඩාංගණය පුරා එළා තිබුණු වැසි ආවරණ ඉවත් කිරීමට ක්‍රීඩාංගණයේ කාර්ය මණ්ඩලය කටයුතු කළේය. එහෙත් පෙ.ව. 9.30 ට පමණ යළිත් ධාරාණිපාත වර්ෂාවක් ඇද හැළුණු අතර එය පෙ.ව. 10 වන තෙක්ම නොනවත්වා පැවැති බැවින් පෙ.ව. 10 වන විටම තෙවැනි දිනට තරගය අත හැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

ලබන 14 වැනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලියට පෙර නවසීලන්ත පිලට හිමිවූ එකම පුහුණු තරග අවස්ථාව වූ මෙම තරගයේදී එකම පන්දුවකට හෝ ක්‍රීඩා කිරීමේ අවස්ථාව සංචාකක නවසීලන්ත පිලට අහිමි වීම විශේෂත්වයක් විය.

තරගයේ පළමු දිනයටද වර්ෂාවෙන් බාධා ඇති වූ නමුත් තරගය පන්දුවාර 78 කට සීමා වෙමින් තරගය ප.ව. 12.30 ට ආරම්භ කිරීමට අවස්ථාව උදා වූ අතර ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල කඩුලු 6 කට ලකුණු 323 ක් ලබා ගැනීමට සමත්විය.

තෙවැනි දිනට තරගය අත හැර දැමුවද අවම වශයෙන් පිතිකරණ පුහුණුවක හෝ නියැළීමේ අරමුණ ඇතිව යහපත් කාලගුණ තත්ත්වයක් අපේක්ෂාවෙන් නවසීලන්ත කණ්ඩායම මේරියන්ස් ක්‍රීඩා පිටියේ රැඳී සිටීම විශේෂත්වයක් විය.

Related posts

චමරි – විශ්මි ගේ ශතක නිසා එක් තරගයකදී ලකුණු 516 ක්

Chamila Karawita

Onus on Sri Lanka to come good vs. rampant South Africa

Web Admin

Sri Lanka World Cup Squad | 5 additional players to join

Web Admin