Featured New Zealand tour of Sri Lanka 2019 News Sinhala Column

ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරග වාර්තා

ශ්‍රී ලංකා නවසීලන්ත ටෙස්ට් තරගාවලියන්ගේ ආරම්භය වන්නේ 1983 වර්ෂයේ සිටය. එතැන් සිට කණ්ඩායම් දෙක ටෙස්ට් තරග 35කට සහභාගිවී නවසීලන්තය තරග 15ක්ද ශ්‍රී ලංකාව තරග 9ක්ද ජයගෙන තරග 11ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.

එදා සිට මේ දක්වා ටෙස්ට් තරගාවලියන් 16ක් පවත්වා නවසීලන්තය තරගාවලි හතක්ද ශ්‍රී ලංකාව තරගාවලි හතරක්ද ජයගෙන තරගාවලි පහක් විසදුමකින් තොරව නිමාවිය. ශ්‍රී ලංකාව ජයගත් තරගාවලියන් වූයේ 1992-93 (1-0), 1994-95(1-0), 1998 (2-1) සහ 2009-10(2-0) ලෙසටය.

  • ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාව – නවසීලන්තය කඩුලු 4ට 671 (1991 ජනවාරි) නවසිලන්තය මෙලෙස අටවතාවක් වැඩිම ලකුණු ලබා ඇත. ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු 498යි. (2005 අප්‍රේල්) දෙරට අතර නවවන වැඩිම ලකුණු සංඛ්‍යාව වේ.
  • අඩුම ලකුණු සංඛ්‍යා ශ්‍රී ලංකාව 93යි (1983) නවසීලන්තය 102යි (1992)
  •  ඉනිමක වැඩිම ලකුණු සංඛ්‍යාවකින් ජයලැබීම – නවසීලන්තය ඉනිමකින් හා ලකුණු 61කින් ජයලැබීම (1984) ශ්‍රී ලංකාව ඉනිමකින් හා ලකුණු 16කින් ජයලැබීම (1998 ජූනි)
  • ඉනිමක අඩුම ලකුණු සංඛ්‍යාවකින් ජයලැබීම -ශ්‍රී ලංකාව 96කින් ජයලැබීම (2009 අගෝස්තු) නවසීලන්තය ලකුණු 120කින් ජය ලැබීම (1997 මාර්තු)

කණ්ඩායම් දෙකේ වැඩිම ලකුණු ලබාඇති පිතිකරුවෝ;

  1. ස්ටීවන් ෆ්ලෙමින් නවසීලන්තය (1995-2006) ලකුණු 1166යි – ඉනිමක වැඩිම ලකුණු 274යි – ශතක 2යි – අර්ධ ශතක හතයි. (සාමාන්‍ය 58.3යි)
  2. මහේල ජයවර්ධන ශ්‍රී ලංකාව 1998-2012 ලකුණු 1028යි – වැඩිම ලකුණු 167යි – ශතක තුනයි – අර්ධ ශතක හයයි. (සාමාන්‍ය 48.9යි)

හොදම පිතිකරු සබඳතාවන්;

  1. තෙවන කඩුල්ලට 467යි ඒ.ජෝන්ස් සහ මාටින් ක්‍රෝ 1991 ජනවාරි
  2. හයවන කඩුල්ලට 365 (නොදැවී) කේන් විලියම්සන් සහ ජේ.වොට්ලින් (2015 ජනවාරි)
  3. සිව්වැනි කඩුල්ලට ලකුණු 274 (නොදැවී) කුසල් මෙන්ඩිස් සහ ඇන්ජලෝ මැතිව්ස් (2018 දෙසැම්බර්)

මීට අමතරව ප්‍රථම කඩුල්ලට දිමුත් කරුණාරත්න සහ ළහිරු තිරිමාන්න 2019 අගෝස්තු වේ ලැබු ලකුණු 161ත්, හත්වන කඩුල්ලට රොමේෂ් කලුවිතාරණ හා චමින්ද වාස් 2005 දී ලැබු ලකුණු 137ත්, දසවන කඩුල්ලට රොමේෂ් කලුවිතාරණ සහ මුත්තයියා මුරලිදරන් 1998 ලැබු ලකුණු 71ත් එම කඩුලුවලට හොදම සබදතාවයන්ය.

වැඩිම කඩුලු ලාභියෝ;

  1. මුත්තයියා මුරලිදරන් (1992-2009) ලකුණු 1766ට කඩුලු 82යි. ඉනිමක හොදම 87ට 6යි තරගයක 118ට 10යි.
  2. ඩැනියෙල් විටෝරි (1997-2009) ලකුණු 1205ට කඩුලු 51යි ඉනිමක හොදම ලකුණු 130ට කඩුලු 7යි. ඉනිමක 183ට කඩුලු 10යි
  3. ටිම් සවුදි (2012-2019) ලකුණු 880ට කඩුලු 47යි. ඉනිමක 68ට 6යි. තරගයක 120ට 8යි.
  4. චමින්ද වාස් (1995-2006) ලකුණු 991ට කඩුලු 42යි ඉනිමක 87ට 6යි. තරගයක 90ට 10යි.

තරගාවලියක වැඩිම කඩුලු ලැබු පන්දු යවන්නෝ;

  1. රිචඩ් හැඩ්ලි 1983 තරග තුනක දී ලකුණු 230 කඩුලු 23යි – ඉනිමක 29ට 5යි – තරගයක 102ට 10යි.
  2. රංගන හේරත් තරග තුනයි (2012-13) ලකුණු 278ට කඩුලු 20යි – ඉනිමක 43ට 6යි – තරගයක 108ට 11යි.
  3. මුත්තයියා මුරලිදරන් (2006-07) තරග තුනකදී ලකුණු 374ට කඩුලු 19යි – ඉනිමක 30ට 5යි – තරගයක 227ට 9යි.

තරගයක හොදම පන්දු යැවීම;

  1. රංගන හේරත 2012 නොවැම්බර් ලකුණු 108ට කඩුලු 11යි.
  2. චමින්ද වාස් ලකුණු 90ට කඩුලු 10යි. (1995 නේපියර්)
  3. රිචඩ් හැඩ්ලි ලකුණු 102ට කඩුලු 10යි 1984 කොළඹ
  4. මුත්තයියා මුරලිදරන් ලකුණු 118ට කඩුලු 10යි 2006 දෙසැම්බර්

ඉනිමක හොදම පන්දු යැවීම;

  1. ඩැනියෙල් විටෝරි ලකුණු 130ට කඩුලු 7යි 2006 වෙලිංටන්
  2. ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 30ට කඩුලු 6යි 2018 ක්‍රයිස්චර්ඩ්
  3. රංගන හේරත් ලකුණු 43ට කඩුලු 6යි 2012 ගාල්ල

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

දකුණු අප්‍රිකාව පැරදවූ ශ්‍රී ලංකාව තරගාවලියේ පෙරමුණට

Chamila Karawita

Pathum Nissanka went past a 40-year long iceberg in SL cricket to rare overseas debut ton feat

Web Admin

ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳගත් කලුතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ‘ක්‍රිකට් තරු කැට සොයා’ ගවේශණ චාරිකාවක

Web Admin