A Team Featured News Sinhala Column

“අපට හොද අවස්ථාවක් තිබෙනවා”- අෂාන් ප්‍රියංජන් කියයි

වත්මන් ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායමේ සියළුම අංශ අතුරින් පන්දුවට පහරදීම ප්‍රබලම තත්ත්වයක පවතී. මේ වන විට ශ්‍රී ලංකාවේ තරගාවලියකට සහභාගි වන බංග්ලාදේශ “ඒ”  කණ්ඩායමට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම ඇතුළත්වුවත් අපට ඔවුන් සමග කරට කර සටනක් දීමට හැකියාවක් ඇතැයි ශ්‍රී ලංකා “ඒ”  කණ්ඩායමේ නායක අෂාන් ප්‍රියංජන් ශ්‍රී ලංකා ඒ බංග්ලාදේශ “ඒ”  අතර ප්‍රථම නිල නොවන ටෙස්ට් තරගයට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

බංග්ලාදෙශ “ඒ”  කණ්ඩායමේ සෞම්‍ය සාකර් සහ එම්.මුතුන් එරට ටෙස්ට් කණ්ඩායමේ අංක එක දෙක හා තුන ස්ථානයන්හි පන්දුවට පහර දෙන පිතිකරුවෝය. එවැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් හය හතක්ම ඔවුනගේ ඒ කණ්ඩායමට ඇතුළත්ව සිටියත් ලංකා “ඒ”  කණ්ඩායමටද දක්ෂයන් රැසක්ම සිටින හෙයින් ගැටළු පැන නොනගින බව අෂාන් ප්‍රියංජන් කියයි.

විශ්ව ප්‍රනාන්දු සහ අසිත ප්‍රනාන්දු යන වේග පන්දු යවන්නන් හා මලින්ද පුෂ්පකුමාර (දග පන්දු) අපගේ ප්‍රබලම පන්දු යවන්නන් තිදෙනාය. මොවුනට බංග්ලාදේශ පිතිකරුවන් මෙල්ල කිරීමට හැකි බවට අපතුළ ප්‍රබල විශ්වාසයක් පවතිනවා.පැතුම් නිශ්ශංක, සංගීත් කුරේ,ළහිරු උදාර, ප්‍රියමාල් පෙරේරා, කමිදු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර හා නායක අෂාන් ප්‍රියංජන් ලකුණු අතර සිටින ප්‍රබල පිතිකරුවෝය.

ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ පසුගිය දකුණු අප්‍රිකා සහ බංග්ලාදේශ සංචාරයන්හි අප දක්ෂතා පෙන්වුවා. ඒ කණ්ඩායම ඉන්දියාවේ එක්දින තරගාවලියේදී තරග 2-2 ක ජයග්‍රහණ සමකිරීමක් සිදුකළා. විශේෂයෙන්ම ඉන්දියාවේදී මේ දස්කම් පෙන්වීම ඉතා අසීරුයි වත්මන් ඒ කණ්ඩායම සමන්විතව සිටින්නේ මෙම ක්‍රීඩකයන්ගෙනි. එම නිසා අපගේ කණ්ඩායම ඉතා ප්‍රබල ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණඩායක් ලෙස තමා දකින බව අෂාන් ප්‍රියංජන් පවසයි.

අෂාන්ගේ අනාගත ක්‍රිකට් දිවිය පිළිබදව විමසු විට ඔහු කීවේ ජාතිත කණ්ඩායමේ පෙර පුහුණු තරගවලදී මා නවසීලන්තය සමග ලකුණු හැට ඉක්මවා ලබා තවත් පුහුණු තරගවලදී දස්කම් පෙන්වා තිබෙනවා. අනාගතයේදී ජාතික පිල නියෝජනය කිරීමට ලැබෙනු ඇතැයි තමා විශ්වාස කරන බවද අෂාන් ප්‍රියංජන් කීවේය. 30 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන අෂාන් එක්දින තරග 23කට සහ 20-20 තරග තුනකට සහභාගිවී ඇත. එක්දින ලකුණු 420ක් ලබා ඇති අෂාන් එක්දින කඩුලු පහක්ද දවා තිබේ.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

Office bearers of Sri Lanka Cricket for the period of 2021 – 2023

Web Admin

Thirimanne 111, wins battle over form, Mathews 71 last line of resistance; England 3/36 chasing 74

Web Admin

යොවුන් කණ්ඩායමේ ලෝක කුසලාන ගමන 10 වැනි තැනින් නවතියි

Chamila Karawita