News Sinhala Column

“ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී අප ඉදිරියට ඇවිත් තිබෙනවා”- ජෙෆ්රි වැන්ඩසේ

ලෝක කුසලාන ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ විමසුමෙන්…………..

ඕස්ට්‍රේලියාව සමගත් දකුණු අප්‍රිකාව සමගත් ජයගැනීමට තරම් දස්කම් අප කණ්ඩායම සතුව තිබුණා. ඒ සමග වැස්සට අහිමිවු පාකිස්තානය හා බංග්ලාදේශය සමග තරග පවත්වා එකක් හෝ පවත්වා ජයගත්තා නම් අපට අවසාන පූර්ව තරගයට ඒමට අවස්ථාව තිබූ බව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබදව අදහස් දක්වමින් ජෙෆ්රි වැන්ඩසේ ප්‍රකාශ කරයි.

එසේ වුවා නම් ශ්‍රී ලංකා කණ්ඩායටමත් රටටත් ගෞරවයක් අත්වනවා මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනයක් හා පිබිදීමක් අනිවාර්යෙන් උදාවන බව වැන්ඩසේ කියයි.

එම තරග ජයගැනීමට නොහැකි වූවත් අප හයවන ස්ථානයට පැමිණියා. ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේ දී අප ඉදිරියට ආවා.මෙම සිද්ධීන් අපේ ජයග්‍රහණයක් ලෙස සැළකීමට අපට පුළුවනි. එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් හා තරග නැරඹීමට පැමිණි අපගේ විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවට ස්තූතිවන්ත වන බවද ජෙෆ්රි වැන්ඩසේ පවසයි.

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමාගේ පුද්ගලික් දක්ෂතා පිළිබදව අදහස් දැක්වු වැන්ඩසේ මම ක්‍රීඩා කළේ අප ජයගත් තරගයක් වූ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමග තරගයයි. එහිදී මා හැකි තරම් හොදින් ක්‍රීඩා කළා. මා විශ්වාස කරනවා මට තරග තුනක්වත් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබුණානම් වඩා හොද  ආත්ම විශ්වාසයක් ඇතිව මීටත් වඩා හොදින් ක්‍රීඩා කිරීමට පුළුවන් කියලා. මගේ කාර්යය භාර්ය්‍ය වන්නේ දකුණතින් පා දඟපන්දු යවමින් හැකිතරම් අඩුවෙන් ලකුණු දීමත් අංක 9 හෝ 10 පිතිකරුගේ ස්ථානයට පැමිණ නිතරම අනෙක් පිතිකරුට පන්දු පහරදීමට අවස්ථාව ලබදීමත්ය. තව හොදින් පුහුණුව ලබා අනාගතයේ දස්කම්පෑමට අපේක්ෂා කරන බවවද වැන්ඩසේ පවසයි.

1990 පෙබරවාරි 5 වැනිදා උපත ලද ජෙෆ්රි ඩෙස්ඩටර් ෆ්‍රාන්සිස් වැන්ඩසේ කොළම වෙස්ලි විදුහලේ අධ්‍යාපනය ලබා නීල් රාජපක්ෂ පුහුණුකරුගේ පුහුණුව යටතේ පාසල් කණ්ඩායම නියෝජනය කළත් ඔහු ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළේ නැත. පාසල් අවධියේ ඔහු දක්ෂ මලල ක්‍රීඩකයෙකු වූයේ දුර පැනීම උස පැනීම සහ දුර දිවීමේ ඉසව් ජය ගනිමිනි. ඔහුගේ පියා රැල්ෆ් වැන්ඩසේ සූපවේදියෙකු ලෙස බේරුවල බීච් හෝටලය එයාර් ලංකා කේටරින් සේවය කර ඇත. මව අලීත් වැන්ඩසේය. 2017 දී ඔහු ඩයනා සමග විවාහ වීය.

ඔහු අන්තර් සමාජ ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසියේ සීදුව රද්දොළුන ක්‍රිකට් සමාජය නියෝජනය කරමිනි. 2015 වසරේ ප්‍රථම වරට පාකිස්තානය සමග තුන්දින පුහුණු තරගයකට සහභාගිවී කඩුලු 8ක් දවාලූවේ ප්‍රථම ඉනිමේ කඩුලු පහක්ද දෙවන ඉනිමේ කඩුලු තුනක්ද බිද දමමිනි.

2015 දෙසැම්බරයේ ටෙස්ට් එක්දින හා 20-20 තරගවලට එක්වූ ඔහු 2016 ආසියානු කුසලාන, 20 -20 ලෝක කුසලාන (එංගලන්තයේ දී ) සහභාගි විණි. මුවර්ස් සහ එස්.එස්.සී.කණ්ඩායම් නියෝජනය කළ මොහු ජාත්‍යන්තර මට්ටමට පිවිසි පසුව පියල් විජේතුංග හා අජිත් ඒකනායක යටතේ දග පන්දු යැවීමට පුහුණුව ලැබීය.ජෙෆ්රි වැන්ඩසේ එක්දින තරග 12කදී කඩුලු 11ක්ද 20-20 තරග දහයකදී කඩුලු හයක් ද පළමු ශ්‍රේණියේ එක්දින තරග 44 කදී කඩුලු 199ක්ද ලබාසිටී.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

Sri Lanka Test squad for Zimbabwe tour 2020

Web Admin

ඩේවිඩ් වීසා නැම්බියාව ජයග්‍රහණය කරා ගෙන යයි

Web Admin

සී.සී.සී. සහ එන්. සී. සී. ඉදිරියට එයි

Web Admin