Featured News Sinhala Column Under 19

19 න් පහළ කැපී පෙනුණු (නැගී එන) කණ්ඩායම ඇෆ්ගනිස්තානයයි

ආසියානු කුසලාන අවුරුදු 19න් පහළ ක්‍රිකට්  තරගාවලියට සහභාගිවු කණ්ඩායම් අතුරින් වඩාත් පෙනුණු නැගී එන කණ්ඩායමක් ලෙස ඇෆ්ගනිස්තානය අවුරුදු 19න් පහළ කණ්ඩායම නම් කළ හැකිය.

2019 ආසියානු ක්‍රිකට් තරගාවලියේ ඒ කොටසට අයත්වූ ඇෆ්ගනිස්තානය සමග ප්‍රබල කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානයත් එතරම් ප්‍රබල නොවූ කූවේටය යන කණ්ඩායම් හතර අයත් විණි. ඇෆ්ගනිස්තානය මුලික වටයේදී ප්‍රබල පාකිස්තානය ලකුණු 84කින් පරාජය කළ අතර ඉන්දියාව සමග තියුණු තරගයකින් පසුව කඩුලු තුනකින් පරාජය විය. ඇෆ්ගනිස්තානය කූවේට් පරාජයට පත්කළේ කඩුලු හතකිනි.

බංග්ලාදේශ – ඇෆ්ගනිස්තාන අවසාන පූර්ව තරගය බ්‍රහස්පතින්දා (12) අධික වර්ෂාව මත මොරටුවේදී පැවැත්වූයේ නොමැත. බී කොටසේ සිටි බංග්ලාදේශය මූලික වටයෙන් තරග තුනම ජයගෙන සිටීමෙන් ඔවුන්ට අවසාන තරගයට යාමට අවස්ථාවක් උදාවිණි. ඇෆ්ගනිස්තානය – බංග්ලාදේශය තරගය සුපුරුදු පරිදි පවත්වා ඇෆ්ගනිස්තානය ජය ගත්තේ නම් ඔවුන්ට අනිවාර්යෙන් අවසාන තරගයට සහභාගිවීමට තරම් අවස්ථාව තිබිණි.

ඇෆ්ගනිස්තාන – පාකිස්තාන අතර මූලික වටයේ පස්වෙනි තරගයේදී ඇෆ්ගනිස්තානය කඩුලු නවයකට ලබාගත් ලකුණු 162ට (ඕවර 46) පිළිතුරු ලෙස පාකිස්තානය ලබාගත්තේ ලකුණු 78ක් පමණි. ඇෆ්ගනිස්තානය – කුවේට් තරගයේදී කුවේට් පිල ඕවර 27.3කදී සියළු ක්‍රීඩකයන් දැවී ලබාගත් ලකුණු 85කට පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය කඩුලු 3කට ලකුණු 86ක් ලබාගත්තේ ඕවර 12.3කට පමණක් මුහුණ දෙමිනි. ඉන්දියාව – ඇෆ්ගනිස්තානය තරගයේදී ඇෆ්ගනිස්තානය ඔව්ර 40.1කදී ලබාගත්තේ ලකුණු 124කි. එහෙත්ඔවුන් පෙරළා සටන් කරමින් ඉන්දියාව ලකුණු 128ක් ලබන විට කඩුලු 7ක්ම දවා ගැනීමට (ඕවර 38.4) සමත්විය.

මෙම ඇෆ්ගනිස්තාන 19න් පහළ කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ අවුරුදු 16 මාස හතරක් පමණ වයසැති ෆාහාන් ෂාකිල් නැමැති බාල වයස් ක්‍රීඩකයකු වීමද විශේෂත්වයකි. ඔහු දකුණතින් පිත්ත හසුරුවන දකුණතින් පිට දග පන්දු යවන දක්ෂ ක්‍රීඩකයෙකි. සෙඩිකුල්ලා ආටල්,ෆාහාන් ෂාකිල් සහ අබ්දුල්ලා ටනිවාල් කණ්ඩායමේ දක්ෂ පිතිකරුවෝද නූර් අහමඩ්,සාෆිකුල්ලා,ගෆාරි සහ අබිඩුල්ලා ටනිවා ප්‍රබල පන්දු යවන්නෝද වෙති.

ඇෆ්ගනිස්තාන ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම මීට දින කිහිපයකට පෙර බංග්ලාදේශයේ පැවැති එකම ටෙස්ට් තරගයකදී බංග්ලාදේශය පරදා ලකුණු 224ක දැවැන්ත ජයග්‍රහණයක් ලැබීය. ඔවුනගේ තරුණ පිල ද දැන් ආසියානු තරගාවලියේ දක්ෂතා පෙන්වා ඇත.නවක කණ්ඩායම් වලට මොවුන් ආදර්ශයකි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Related posts

ක්‍රිකට් දියුණුව ගැන ක්‍රිකට් සභාපතිවරයා හෙළි කළ රහස…

Chamila Karawita

කෝටි 2 ක ත්‍යාග මුදල් රැගෙන දෙවැනි වරට එන LPL බලන්න ප්‍රේක්ෂකයින්ට අවසර

Chamila Karawita

Jayasundera n.o. 154, Thirimanne 140 as Ragama blaze to 309/2 Vs. BRC

Web Admin