Featured News Sinhala Column Womens Cricket

දක්ෂම ක්‍රීඩිකාවන් දහයක්ම මහනුවර කණ්ඩායමේ සිටිනවා – හර්ෂිතා මාධවී කියයි

කාන්තා සුපිරි පළාත් තරගාවලියට සහභාගි වන මහනුවර කණ්ඩායම යනුවෙන් හදුවන්නේ දෙසැම්බර් මුලදී නේපාලයේ පැවැත්වෙන සාග් ක්‍රීඩා උළෙලට (දකුණු ආසියා) සහභාගිවන ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 15දෙනා සහභාගිවන කණ්ඩායමටයි. අපගේ අපේක්ෂාව වන්නේ අන්තර් පළාත් කාන්තා සුපිරි තරගාවලියේදී ජ්‍යෙෂ්ට ජාතික මට්ටමේ පළපුරුදු ක්‍රීඩිකාවන් සමග හොදින් තරග කර අත්දැකීම් ලබා සාග් (දකුණු ආසියා) තරගාවලිය ජය ගැනීම යැයි මහනුවර කණ්ඩායමේ නායිකාව හර්ෂිතා මාධවී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වෙබ් අඩවිය සමග පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කළාය.

සුපිරි පළාත් සහ සාග් තරගාවලියට සහභාගිවන අපගේ ක්‍රීඩිකාවන් 15දෙනාගෙන් සමන්විත කණ්ඩායම ඉතාමත් ප්‍රබලයි. ඊට ජාතික කණ්ඩායමට අයත් ක්‍රීඩිකාවන් හතරක් වන මමත් (හර්ෂිතා මාධවී) කවීෂා දිල්හාරි,තාරිකා සෙව්වන්දි සහ උමේෂා නිමේෂනීත් නැගී එන කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතරක් වන සත්‍යා සංදීපනී, නිලක්ෂි සදමිනි, ළිහිණි අප්සරා සහ ජිමාජී ලී විජේනායකත් අවුරුදු 19න් පහළ ක්‍රීඩිකාවන් වන උමේෂා නිමාෂිණී (ජාතික මට්ටමේ ක්‍රීඩිකාවක්) සචිනි නිසංසලා,ශිකරි නුවන්තා අයත් වනවා. මේ දසදෙනාම හොදින් ක්‍රීඩා කරන නිසා අපට ඕනෑම කණ්ඩායමකට හොදින් මුහුණදිය හැකියි.

    සාග් තරගාවලියේ අපේ කොටසට නේපාලය,භූතානය, ඉන්දියාව සහ අපත් (ශ්‍රී ලංකාව) අනෙක් කොටසට බංග්ලාදේශය, පාකිස්තානය සහ මාලදිවයිනත් අයත් වනවා. ඉන්දියාව එන්නේ නැති රාවයකුත් තිබෙනවා. එය කෙසේ වුවත් අපගේ අපේක්ෂාව ඒ සූරතාවත් දිනාගැනීමයි.

    පසුගිය දිනවල අපට පිටිය මැද තණතිල්ලේ පන්දු යැවීමේ යන්ත්‍රය (මෙෂින්) උපකාරී කරගෙන හොදට පුහුණු වෙන්න අවස්ථාවක් ලැබුණා. නෙට් (දැල්) ඇතුලේ වේගපහර එල්ල කිරීමටත් (පවර්හිටින්) පිටිය මැද සිට ඕනෑම තැනකටත් (රේන්ජ් හිටින් ) පහර එල්ල කිරීමටත් (Power hitting and range hitting) අප පුහුණු වුවා. එය කලාතුරකින් ලැබුණු අවස්ථාවක්.ඊට අමතරව බස්නාහිර කණ්ඩායම සමග අප තරග හතරකට සහභාගිවූවා යැයිද හර්ෂිතා මාධවී ප්‍රකාශ කළාය. තසිනම් යුසුෆ් හා රුවිදු භෞතික චිකිත්සක ලෙසත් චාමිකා පෙරේරා සම්භාහක ලෙසත් බුද්ධික හේරත් පුරුදුකරුවන්නෙකු ලෙසත් අප වෙනුවෙන් හොද සේවය කරනවා.

    මා ඉපදුණේ 1998 ජුනි 29 වැනිදායි. අප පදිංචිව ඉන්නේ නාරහේන්පිට ඇල්විටිගල නිවාස සංකීර්ණයේ. මගේ අම්මයි තාත්තායි දෙන්නම පොලීසියේ (ඇගිලි සලකුණු අංශයේ) සේවය කරනවා. මගේ අපේක්ෂාව අනාගතයේදී රටට කීර්තියක් අත්කර දීම යැයි හර්ෂිකා මාධවි පැවසූවාය.

ලංකා ද සිල්වා (පුහුණුකරු) මෙසේ කියයි.

මහනුවර කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රියාකරන්නේ ලංකා ද සිල්වාය. තම කණ්ඩායම පිළිබදව ලංකා ද සිල්වා මෙසේ තම අදහස් දැක්වීය.

සුපිරි අන්තර් පළාත් තරගාවලියට අපට තරග තුනකට ලීග් ක්‍රමයට මුහුණදීමට අවස්ථාව ලැබී තිබෙනවා. තරග දෙක බැගින් හයක් ලැබුණානම් අපට අත්දැකීම් ලබාගැනීමට අවස්ථාව තිබුණා. අප නේපාලයේ සාග් තරගාවලියට යාමට පෙර ලැබෙන මෙම පුහුණුව ඉතාමත් වැදගත්.

    හර්ෂිතා මාධවී, කවීෂා දිල්හාරී, උමේෂා තිමේෂිණී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන අපගේ හොදම ක්‍රීඩිකාවන් තිදෙනෙකි. මේ සුපිරි තරගාවලියෙන් පසු අප නේපාලයට යන්නේ රන් පදක්කම අපේක්ෂාවෙනුයි.

    ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩිකා‍වන්ද අපගේ කණ්ඩායමට අයත්වනවා. ඔවුන් ජාතික කණ්ඩායමට ඇතුලු කළ යුත්තේ සෙමින් ඉතාමත් ක්‍රමානුකූලව වසර දෙක තුනක් ඇතුළතයි. නැතිනම් ඔවුනගේ ක්‍රිකට් දිවිය විනාශවනවා.

    අප මේ යන ක්‍රමයට ජාතික කණ්ඩායමට හොද දෙවන පෙළක් ඉබේම බිහිවනවා. අපට අවශ්‍යත් එයයි. ජාතික කණ්ඩායමකට දෙන සියළුම පහසුකම් මේ කණ්ඩායම් හතරටත් ලබාදීම පිළිබදව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තූතිවන්ත වන බවද ලංකා ද සිල්වා පැවසීය.

බන්දුල මොල්ලිගොඩ

Related posts

Paul Khoury resigns

Web Admin

යොවුන් තරු අතර දිදුළන තරුව – කමිල් මිශාර

Web Admin

වාර්තාගත ජයක් සමගින් ශ්‍රී ලංකාව එක්දින තරගාවලිය ජය ගනියි

Web Admin