Domestic Cricket Featured Premier League Sinhala Column

හොඳම පන්දු යැවීම කසුන් රජිතගෙන්

ශ්‍රි ලංකා කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නෙකු ලෙසින් කටයුතු කරන වේග පන්දු යවන කසුන් රජිත දැන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලිය යටතේ රාගම ක්‍රීඩා සමාජයට එරෙහි තරගයේදී ලකුණු 31 ක් ඇතුළත පිතිකරුවන් 8 දෙනෙකු දවා ගනිමින් මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු වාර්තා කරන ලද හොදම පන්දු යැවීම වාර්තා කිරීමට සමත්විය.

තරගාවලියේ තෙවන සතිය වන මෙම සතියේ පළමු දිනය වූ අද (14 දා)  රාජිතගේ දක්ෂතා මත රාගම පළමු ඉනිම ලකුණු 119කට සීමාවිය. මේ අතර හලාවත මේරියන්ස් සහ එන්.සී.සී.අතර තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී.කණ්ඩායම ලකුණු 170කට කඩුලු අටක් දැවී අසීරු තත්ත්වයක සිටියදී සහන් ආරච්චිගේ (128) සහ චාමික ගුණසේකර (50) නවවන කඩුල්ලට ලකුණු 124ක සබදතාවයක් තබාගනිමින් තමපිලට ලකුණු 300 සීමාව ඉක්මවීමට දායකවිණි.

“බී” කොටසේ තරගාවලියේදී මහනුවර ආගමන විගමන ක්‍රීඩා සමාජය ප්‍රථම ඉනිමේදී කඩුලු 9 කට ලකුණු 443ක් ලබාගැනීමට සමත්විය. නාවික හමුදාව සහ සෙබස්ටියනයිට්ස් තරගයේ මුල් ඉනිමේදි කණ්ඩායම් දෙකම ලකුණු සමීප තත්ත්වයක පසුවේ. මහනුවර ආගමන විගමන කණ්ඩායමේ අකීල් ඉන්හම් ලකුණු 148 ක් රැස්කර ගැනීමට සමත්විය.

“ඒ” කාණ්ඩය

රාගම – සැරසන්ස්

රාගම 119 කට දැවී යයි

මග්ගොන සරේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන රාගම ක්‍රීඩා සමාජය සහ සැරසන්ස් අතර තරගයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ සරසන්ස් කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ආරම්භක පන්දු යවන්නෙකු වන කසුන් රාජිත ලකුණු 31කට කඩුලු අටක්ම දවාලීම මත රාගම කණ්ඩායම මුල් ඉනිමේදී ලබාගත්තේ ලකුණු 119ක් පමණකි. මෙහි වැඩිම ලකුණු ලාභියාවූ ළහිරු තිරිමාන්න ලකුණු 28ක් රැස්කළේය.

රාගම ක්‍රීඩා සමාජය පළමු ඉනිම පන්දුවාර 53කදී සියලුමදෙනා දැවී 119යි – (ළහිරු තිරිමාන්න 28, චතුර පීරිස් 18, කල්හාර සෙනරත් 17, කසුන් රාජිත 31/8)

සැරසන්ස් පන්දුවාර 37 කදී  කඩුලු 1ට 134 – (සිතාර ගිම්හාන් 74, නවිඳු විතානගේ 52*)

යුද හමුදාව – මීගමුව

මීගමුවෙන් ප්‍රභල පිළිතුරක්

මුවර්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් යුද හමුදාව ඕවර 42.1කදී සියලුම දෙනා දැවී ලබාගනු ලැබුවේ ලකුණු 155ක් පමණකි. ලකුණු විස්ස ඉක්මවූ එකම පිතිකරුවා වූ හිමාෂ ලියනගේ අර්ධශතකයක් (56) රැස්කළේය. පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන මීගමුව කණ්ඩායම කඩුලු 2කට ලකුණු 164ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවේ.

යුද හමුදාව පළමු ඉනිම පන්දුවාර 42.1කදී සියලුදෙනාදැවී 155යි – (හිමාෂ ලියනගේ 56, හෙෂාන් හෙට්ටිආරච්චි 19, උපුල් ඉන්ද්‍රසිරි 73/3, දිල්ෂාන් මුනවීර 29/2, සාඩ් නසිම් 4/2)

මීගමුව ක්‍රිකට් සමාජය මුල් ඉනිම පන්දුවාර 42.2දී කඩුලු 2ට 164 – (අෂේන් සිල්වා  61*, ඇන්ජලෝ ජයසිංහ 51*, සීක්කුගේ ප්‍රසන්න 66/2)

එන්.සී.සී. – හලාවත මේරියන්ස්

සහන්ගෙන් වටිනා ශතකයක්

එන්.සී.සී.පළමු ඉනිම 312 (පන්දුවාර 79)

කටුනායකදී පැවැති මේ තරගයේදී මුලින් පන්දුවට පහරදුන් එන්.සී.සී.කණ්ඩායම වරක් කඩුලු 8ක් දැවී ලකුණු 170ක් ලබා අසීරු තත්ත්වයක සිටියදී නවවන කඩුල්ලට සහන් ආරච්චිගේ (128) සහ චාමික ගුණසේකර (50) ලකුණු 124ක සබඳතාවයක් තබාගනිමින් කණ්ඩායම අසීරුතාවයෙන් ගොඩගත්හ. සහන් ආරච්චිගේ ලකුණු 128ක් (පන්දු 218) ලබාගත්තේ හතරේ 13ක් හා හයේ පහරක් සමඟය.

එන්.සී.සී.පළමු ඉනිම පන්දුවාර 79කදී සියලුදෙනා දැවී 312යි (සහන් ආරච්චිගේ 128, චාමික ගුණසේකර 50,චතුරංග ද සිල්වා 47, අසිත ප්‍රනාන්දු 46/5,නිම්සර අතරගල්ල 58/2,ෂෙහාන් ජයසූරිය 90/2)

හලාවත මේරියන්ස් පළමු ඉනිම පන්දුවාර 7කදී කඩුල්ලක් දැවී 35යි.

එස්.එස්.සී. – කෝල්ට්ස්

මේ තරගයේදී එස්.එස්.සී කණ්ඩායමේ සචිත්‍ර සේනානායක ලකුණු 39ක් ලබා පසුව පන්දු යවමින් ලකුණු හතරකට කඩුලු දෙකක් දවාලූවේය.

එස්.එස්.සී පළමු ඉනිම පන්දු වාර 76දී ලකුණු 301යි – (සඳුන් වීරක්කොඩි 55, චරිත් අසලංක 32, කමිඳු කුලසේකර 36, ක්‍රිෂාන් සංජුල ආරච්චිගේ 54,ෂම්මු අෂාන් 41,සචිත්‍ර සේනානයක 39, ප්‍රභාත් ජයසූරිය 89/5, ධනංජය ලක්ෂාන් 49/2)

කෝල්ට්ස් පන්දුවාර හයකදී කඩුලු 2ට ලකුණු 14යි  (සචිත්‍ර සේරසිංහ 4/2)

මුවර්ස් – බී. ආර්. සී.

මුවර්ස් පළමු ඉනිම පන්දුවාර 77කදී 353යි – (සචිත්‍ර සේරසිංහ 94, පබසර වඩුගේ 76,අදේශ තිලන්ච 64,දුමිදු තිලකරත්න 103/3, තරිදු කෞශල්‍ය 58/2, සොහේල් බුල්ලා 66/2, කෙවින් කොත්තිගොඩ 34/ 2

බී.ආර්.සී.පළමු ඉනිම ඕවර 10දී කඩුලු 1ට 23යි.

“බී”කොටස

නාවික හමුදාව – සෙබස්ටියනයිට්ස්

නාවික හමුදාව පන්දුවාර 37දී සියලු ක්‍රීඩකයන් දැවී 153 – (තනූෂ ප්‍රනාන්දු 31, නිලංක පතිරණ 22, නවීන් ගුණවර්ධන 57/6)

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 37දී කඩුලු 8ට 144යි – (දසුන් සෙනෙවිරත්න 41, එස්.ප්‍රනාන්දු 24,තිලංක සිල්වා 22*, නිලංක ප්‍රසන්න 44/5)

වරාය අධිකාරිය – ගුවන්හමුදාව

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඕවර 76දී කඩුලු 4ට 231යි – (රමේෂ් නිමන්ත 62,අදේශ නානායක්කාර 51,ගයාන් ද සිල්වා 46/2)

නුගේගොඩ – කුරුණෑගල තරුණ

නුගේගොඩ පන්දුවාර 47කදී කඩුලු 2ට  201යි -(ඉරෝෂ් සමරසූරිය 50,පැතුම් මධුශංඛ 84*, ප්‍රමුද් හෙට්ටිආච්චි 61*,පී.ජයරත්න 29/1)

ගාල්ල – පානදුර

ගාල්ල ක්‍රිකට් සමාජය පන්දුවාර 69.2දී ලකුණු 175යි – (රවිශ්ක විජේසිරි 48, ඩී.හුනුකුඹුර 29,උමේෂ් කරුණාරත්න 48/4, සී.ද සිල්වා 52/3)

පානදුර පළමු ඉනිම පන්දුවාර 18දී කඩුලු 3ට ලකුණු 32යි

මහනුවර කස්ටම්ස් – කලුතර

මහනුවර ආගමන විගමන කණ්ඩායම පන්දුවාර 85දී කඩුලු 9ට 443 (අකීල් ඉන්හම් 148, ඉයන් සිං 79, සසිත් මනුරංග 54, සචිත්‍ර පෙරේරා 57, ඩී.පෙරේරා 55*, ආර්.පුංචිහේවා 78/3, ඉෂාන් අබේසේකර 116/3

කලුතර නගර කණ්ඩායම පන්දුවාර 3කදී කඩුල්ලක් දැවී ලකුණු 6යි.

බන්දුල මොල්ලිගොඩ

Related posts

ලකුණු 300 ක් ගත්තොත් සටනක් දිය හැකියි – ලසිත් ඇඹුල්දෙණිය

Web Admin

Appointment of 05 Member Panel to inquire the alleged misconduct of three players

Web Admin

අවිශ්කගේ ‘ගිණිකෙළි’ ඉනිමෙන් ස්ටැලියන්ස් අපරාජිතව ඉදිරියටම

Web Admin