Domestic Cricket Premier League

එන්.සී.සී. සහ ටැමිල් යූනියන් පහසු ජයග්‍රහණ අත්කර ගනී

    ප්‍රිමියර් ලීග් තෙදින අන්තර් සමාජ ක්‍රිකට් තරගාවලියේ සදුදා (16) නිමාවට පත්වූ තරග දෙකේදී එන්.සී.සී කණ්ඩායම් සහ ටැමිල් යූනියන් ජයග්‍රහණය අත්කර ගත්හ. මේ තරග දෙකම ඒ කොටසට අයත්ය. 

    එන්.සී.සී ඉනිමකින් හා ලකුණු 84කින් සරසන්ස් කණ්ඩායමද, ටැමිල් යූනියන් කඩුලු 7කින් බදුරලිය කණ්ඩායමද පරාජය කළේය. මේ තරග දෙකත් සමග මූලික වටයේ තෙදින තරග නිමාවට පත්විය. මෙහි  සුපිරි අට තරගාවලියේ දින දැනුම්දේ.

එන්.සී.සී – සරසන්ස්

එන්.සී.සී කණ්ඩායමේ ලසිත් ඇඹුල්දෙණිය සරසන්ස් දෙවන ඉනිමේදී ලකුණු 86කට කඩුලු 9ක් දවාලීම මත සරසන්ට දෙවන ඉනිමේදී ලබාගත හැකිවූයේ ලකුණු 137ක් පමණකි.

එන්.සී.සී පළමු ඉනිම 421යි.

(ඇන්ජලෝ පෙරේරා 148, සහන් ආරච්චිගේ 77, ළහිරු උදාන 70, සමන් ජීවන්ත 81/4, සචිත්‍ර පීරිස් 135/2)

සරසන්ස් පළමු ඉනිම 150

(අෂේන් බණ්ඩාර 45, සචිත්‍ර පීරිස් 27, සිතාර ගිම්හාන් 22,චතුරංග ද සිල්වා 51/4,දිනේෂ් ගුණරත්න 21/2, ළහිරු කුමාර 26/2)

සරසන්ස් දෙවන ඉනිම පන්දු වාර 45.4දී සියලුදෙනා දැවී 187යි.

අෂේන් බණ්ඩාර 40,මිලින්ද සිරිවර්ධන 62, ප්‍රමෝද් මධුවන්ත 29,සිතාර ගිම්හාන් 19, ලසිත් ඇඹුල්දෙණිය 86/9යි)

බදුරලිය – ටැමිල් යූනියන්

ටැමිල් යූනියන් කණ්ඩායම මේ තරගයේදී කඩුලු හතක පහසු ජයක් ලැබීය.ටැමිල් යූනියන් කණ්ඩායමේ සුරංග ලක්මාල් දෙවන ඉනිමේදී ලකුණු 30කට කඩුලු 4ක් දවාලීය. 

බදුරලිය පළමු ඉනිම 286

( ළහිරු මිලන්ත නොදැවී 155,යශෝධ ලංකා 50, ඉසුරු උදාන 19/2, ධනංජය ද සිල්වා 74/6යි)

දෙවන ඉනිම පන්දුවාර 37.4දී 107යි

(දමිත් පෙරේරා 39, ළහිරු මිලන්ත 18, යශෝධ ලංකා 16 සුරංග ලක්මාල් 30/4, ඉසුරු උදාන 45/2)

ටැමිල් යූනියන් පළමු ඉනිම 282

(ධනංජය ද සිල්වා 110, ෆයිසාන් ඛාන් 49, සුරංග ලක්මාල් 48, තිලකරත්න සම්පත් 84/5, අසලංක ද  සිල්වා 27/3)

දෙවන ඉනිම පන්දුවාර 33.1දී කඩුලු 3ට 114

(තරංග පරණවිතාන නොදැවී 36,ධනංජය ද සිල්වා 31(ඉවත්වූවා) මිනෝද් සරත්චන්ද්‍ර නොදැවී 17, ළහිරු සමරකෝන් 15/1, බුද්ධික සංජීව 14/1)

බන්දුල මොල්ලිගොඩ

Related posts

අන්තර් සමාජ තෙදින තරගාවලිය – දෙවැනි සතිය

Web Admin

අවු. 23 න් පහළ පළමු වටය නිපුන්ලා පෙරමුණ ගනිති

Web Admin

Army SC, Ragama CC, Badureliya CC and NCC through to semi-finals

Web Admin