Sinhala Column

ජයග්‍රාහී සී.සී.සී.කණ්ඩායමට විශාල දයකත්වයක් ලබා දෙන ලසිත් අබේරත්න

          වසර අටක කාලයක් අන්තර් සමාජ ක්‍රිකට් වාරයන් නිමාවන විට ලකුණු හයසියයකට පමණ සමාන්‍යය ලකුණු ප්‍රමාණයක් ලබා සිටින ,මෙවර ප්‍රිමියර් ලීග් තරගවලියේ සූරතාවය දිනූ සී.සී.සී කණ්ඩායමේ අංක පහ ප්‍රබල පිතිකරු ලසිත් අබේරත්න මෙවර (2020) ප්‍රමියර් ලීග්  තරගාවලියේ දී  ලකුණු 788 ක් ලබා පිත්කරුවන් අතර සිව්වන ස්ථානයේ සීටී.ඔහු ජයග්‍රාහී සී.සී.සී කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා ය.

          සී.සී.සී කණ්ඩායමට 2020 තරගාවලියේ අවසාන තරගයට පෙර තරගයේදීම සූරයන් බවට පත්වීමට අවස්ථාව උදා වුයේ ලසිත් අබේරත්න සිය නායක කුසල් මෙන්ඩිස් සමග එන්.සී.සී තරගයේදී ලකුණු 468 ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් මුල් ඉනීමේ ලබා ගත් ජයග්‍රාහණයෙනි.තම කණ්ඩායම කඩුලු තුනක් දැවී සිටියදී අංක පහ පිතිකරු ස්ථානයට පැමිණි ලසිත් අබේරත්න  ලකුණු 104 ක් ලබා සිව්වන කඩුල්ලට ලකුණු 173 ක සබඳතාවයක් කුසල් මෙන්ඩිස් සමග තබා ගනිමින් එම කාර්යයට දායක විණි.

          2019 වසරේ දී ලකුණු 560 ක් ද 2018 වසරේ දී ලකුණු 620 ක් ද ලැබු ලසිත් අබේරත්න මෙවර තරගාවලියේ ස්ථානගතව සිටින්නේ ළහිරු උදාර ,දිනේෂ් චන්දිමාල් සහ භානුක රාජපක්ෂට පමණක් පිටුපසිනි. මොහුගේ අපෙක්ෂාව වන්නේ පිතිකරුවන් අතර ඉහළම ස්ථානයට ගොස් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමයි.

          1993 මැයි 23 වෙනිදා උපත ලද ලසිත් අබේරත්නගේ ගම මාවනැල්ලය.කොළඹ ඩී.එස්.සේනානායක විදුහලේ කුඩා කළ සිට උසස් පෙළ දක්වාම අධ්‍යාපනය හැදෑරීය.විද්‍යාලීය අවුරුදු 13න් පහළ,15න් පහළ,17න් පහළ සහ 19න් පහළ තරගාවලියන් නියෝජනය කළ ඔහු 2012 වසරේ දී 19න් පහළ නායකත්වය ද දැරීය. කඩුලු රකින්නා සහ ප්‍රබල පිතිකරුවකු වන ලසිත්2011 වසරේ ඔබ්සර්වර් පාසල් ක්‍රිකට් සම්මාන උළලේ පන්දු රැකීමේ අනුසූර සම්මානය දිනා ගත්තේ ය. 2011-12 කාලයන් හි ශ්‍රි ලංකා 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ ලසිත් 2011 වසරේ එංගලන්ත කණ්ඩායම ශ්‍රි ලංකාවට පැමිණි අවස්ථාවේ ගාල්ලේ ප්‍රථම ටෙස්ට් තරගයේ දෙවන ඉනිමේ දි ලකුණු 96ක් ද (පන්දු86) දෙවන තරගයේ මුල් ඉනිමේ දි ලකුණු 30ක්ද රැස් කළේ ය. එම වසරේ ම ඉන්දියාවේ හයිද්‍රාබාද් හි රටවල් හතරක සහභාගීත්වයෙන් සිවිකොන් තරගාවලියට එක් විය.

          වසර 17දි හලාවත මේරියන්ස් කණ්ඩායමත් පසුව ලියෝ සහ මුවර්ස් කණ්ඩායම ද නියෝජනය කර 2012 සිට සී.සී. සී. කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෙකු ලෙස  පත්ව සිටි 2015 -16 වසරවල දී ශ්‍රි ලංකා නැගී එන (එමර්ජින්) කණ්ඩායම නියෝජනය කරමින් දකුණු අප්‍රිකාවේ සහ ඉන්දියාවේ සංචාරකයන්ට එක් විණි.

          ලසිත් අබේරත්නට ද ක්‍රිකට් ක්‍රිඩාවට පිවිසිමට කුඩා කළ සිටම අත්වැල ලබා දී ඇත්තේ ඔහුගේ මාමා ලක්ෂ්මන් හරිශ්චන්ද්‍ර ය. ඇමති ආරක්ෂක අංශයේ සාජන්වරයෙකු වන ඒ. ජී. අබේරත්න ලසිත්ගේ පියා ය. විවාහකයෙකු වන ලසිත්ගේ බිරිඳ තරුෂි අනුරාධා ය. පියාගේන් සහ බිරිඳගෙන් ද ක්‍රිකට් ඉදිරි ගමනට සහයක් ලැබෙන බව ලසිත් පවසයි. ඔහු සේවය කරනුයේ ඩීමෝ ආයතනයේ ය.     

Related posts

ටෙස්ට් වරම් ලබන්න සිහින දකින තරගයේ වීරයා

Web Admin

ලෝක කුසලාන ක්‍රිකට් නිමාවු වගයි

Web Admin

හර්ෂිතා මාධවී නොදැවී 106ක් ලබා ගනී

Web Admin