Domestic Cricket Featured Media Centre News

නායකයෝ දස්කම් පාති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පන්දුවාර විස්සයි-20 ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ සදුදා (09 වැනිදා) පැවැති තරගවලදී කණ්ඩායම් නායකයන්ගේ දක්ෂතා කැපී පෙනුණි. හලාවත මේරියන්ස් සහ මුවර්ස් තරගයේදී මුවර්ස් කණ්ඩායමේ රනිත ලියනආරච්චිගේ දක්ෂ පන්දු යැවීම හමුවේ (27/4යි) මේරියන්ස් ලකුණු 96කට දැවීගිය අතර මුවර්ස් පන්දුවට පහර දෙද්දී නායක මහේල උඩවත්ත පන්දු 45කදී හයේ පහක් හතරේ තුනක් සමඟ නොදැවී ලකුණු 68ක් ලබා කඩුලු7ක ජයග්‍රහණයට මුල්විණි.

සැරසන්ස් – සෙබෙස්ටියනයිට්ස් තරගයේදී සරසන්ස්ට ලකුණු 11ක ජයක් අත්වූ අතර සරසන්ස් නායක හෂාන් දුමිඳු පන්දු 36කදී හයේ හතරක් හතරේ පහක් සමග ලකුණු 62ක් ලබා තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

එන්.සී.සී. – ගුවන් හමුදා තරගයෙන් එන්.සී.සී ලකුණු 80ක පහසු ජයග්‍රහණයක් අත්කරගත් අතර එන්.සී.සී නායක ඇන්ජලෝ පෙරේරා ලකුණු 45ක් රැස්කර එම තරගයේදී වැඩිම ලකුණු රැස්කළ පිතිකරු බවට පත්විය. රාගම – පානදුර තරගයේදී පානදුර අටවන කඩුල්ලට නිමේෂ් විමුක්ති (නොදැවී 33) සහ චතුර පීරිස් (නොදැවී 27) පන්දු 21කදී ලකුණු 56ක් රැස්කර තම කණ්ඩායම ජයග්‍රාහී තත්ත්වයකට ගෙන ආහ. එහෙත් රාගම නායක ඉෂාන්  ජයරත්න ලකුණු 35කට කඩුලු 2ක් දවා පසුව ලකුණු 29ක් ලබා තම කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

එස්.එස්.සී – කුරුණෑගල තරගයේදී එස්.එස්.සී ලකුණු 128ක් හඹායද්දී ඔවුන් කඩුලු තුනක් පමණක් දැවී ඊට ළගාවූයේ තව පන්දු 31ක් ඉතිරිව තිබියදීය. එස්.එස්.සී. නායක චරිත් අසලංක සිල්වා නොදැවී ලකුණු 37ක් ලැබීය.

බී.ආර්.සී.කැන්ඩි කස්ටම්

බී.ආර්.සී. ට ලකුණු 39ක ජයක්

එස්.එස්.සී. පිටියේ පැවති “ඒ” කොටසට අයත් මේ තරගයේදී මුලින්ම පන්දුවට පහර දුන් බී.ආර්.සී. කණ්ඩායමේ ෂානුක දුලාජ් ලකුණු 55 ක් සහ අනුක් ප්‍රනාන්දුගේ නොදැවී ලකුණු 46 ක් වශයෙන් ලකුණු රැස් කිරීමට සමත්වීම නිසා බි.ආර්.සී පිලට ලකුණු 169ක් වැනි ප්‍රමාණවත් සංඛ්‍යාවකට යාමට අවස්ථාවන් උදාවීණි. මෙහිදි අනුක් ප්‍රනාන්දු නොදැවී ලකුණු 46ක් ලැබූවේ  හයේ  දෙකක් හා හතරේ හතරක් ද සමගිනි.

ඉලක්කය හඹා ගිය කැන්ඩි කස්ටම්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 කට ලකුණු 130 ක් පමණක් ලබා ගත් අතර එහිදී බි.ආර්.සී පිල වෙනුවෙන් පන්දු යෑවීමේදී දස්කම් දැක්වූ සචින්ත පීරීස් කඩුලු 3ක් දවාලුවේ ලකුණු 28 දීමෙනි.

බී.ආර්.සී. පන්දුවාර 20කදී කඩුලු 7ට 169යි – (ෂානුක දුලාජ් 55,අනුක් ප්‍රනාන්දු 46*, ලියොන් ෆ්‍රැන්සිස්කෝ 26, ඉසිත් විජේසුන්දර 52/3, ෂෙහාන් වීරසිංහ 33/2 යි)

කැන්ඩි කස්ටම් පන්දුවාර 20කදී කඩුලු 9ට 130යි – (විශ්ව විජේරත්න 30, ෂෙහාන් වීරසිංහ 45, රිෂි බාද්වාල් 18, සචින්ත පිරීස් 28/3, ළහිරු සමරකෝන් 33/2, චමීර දිසානායක 16/2යි.)

බ්ලූම්ෆිල්ඩ් – වාරය අධිකාරිය

බ්ලූම්ෆිල්ඩ්ට ලකුණු 39 ක ජයක්

සරවනමුත්තු පිටියේ පැවතී බ්ලූම්ෆිල්ඩ් සහ වරාය අධිකාරීය අතර “බී” කොටසේ තරගයේ දී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ දිල්හාන් කුරේ පන්දු 58කදී හතරේ අටක් සමග ලකුණු 73ක් ලබා මේ තරගයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.

බ්ලූම්ෆිල්ඩ් කණ්ඩායමේ ගයාන් සිරිසෝම, මිෂේන් සිල්වා සහ දේශාන් ප්‍රනාන්දු කඩුලු දෙක බැගින් දවා ලීමෙන් වරාය අධිකාරීයට ලබා ගත හැකිවුයේ ලකුණු 88ක් පමණකි.

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 20කදී කඩුලු 6ට 127 යි – (දිල්හාන් කුරේ 73, මදුෂාන් රවිචන්ද්‍රකුමාර් 19, පසිඳු මාධව 7/3, අදීෂ නානායක්කාර 29/2යි.)

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පන්දුවාර 20කදී කඩුලු 8ට 88යි – ( ශෂික පුස්සගොල්ල 23,නමෝද් ඉමේෂ් 20,ගයාන් සිරිසෝම 19/2,මිෂේන් සිල්වා 5/2,දේශාන් ප්‍රනාන්දු 20/2 යි)

හලාවත මේරියන්ස් – මුවර්ස්

මූවර්ස් කඩුලු 7කින් ජයගනී

කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති “සී” කොටසට අයත් වූ මේ තරගයෙන් මූවර්ස් කඩුලු 7ක පහසු ජයග්‍රහනයක් අත්කර ගත්තේ තවත් පන්දු 34ක්ම ඉතිරිව තිබියදීය. මූවර්ස් නායක මහේල උඩවත්ත මේ තරගයේදී ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලෙමින් පන්දු 45කදී හයේ පහරක් හා හතරේ පහර තුනක් සමග ලබාගත් ලකුණු ප්‍රමාණය නොදැවී 68කි. මූවර්ස් කණ්ඩායමේ රනික ලියනගේ කඩුලු හතරක්ම දවාලුවේ ලකුණු 27ක් පමණක් දීමෙනි .

මේරියන්ස් පන්දුවාර 20කදී ලකුණු 96යි – (පුලින තරංග 36, රවීන් යසස් 19*, රනික ලියනආරච්චි 27/4, දිලේෂ් ප්‍රනාන්දු 12/3, අදීශ තිලංචන 14/2යි)

මුවර්ස් පන්දුවාර 14.2කදී කඩුලු 3ට 97යි – (මහේල උඩවත්ත 68*, දිනුක දිල්ෂාන් 14, කවිඳු තීක්ෂණ 23/2යි)

සැරසන්ස් – සෙබස්ටිනයිට්ස්

සැරසන්ස්ට ලකුණු 11ක ජයග්‍රහණයක්

එන් .සී.සී. පිටියේ පැවති “ඩී” කොටසට අයත් මේ තරගය තියුණු මුහුණුවරක් ඉසිලූ අතර සැරසන්ස් අවසානයේ ජය ලැබුවේ ලකුණු 11කිනි. සැරසන්ස් නායක හෂාන් දුවිඳු ප්‍රහාරාත්මක පිතිහරඹයක නියැලමින් පන්දු 36කට මුහුණ දී හයේ හතරක් හතරේ පහක් සමග ලකුණු 62ක් රැස්කිරීමට සමත් විය. සැරසන්ස් කණ්ඩායමේ හෂේන් රාමනායක ලකුණු 26කට කඩුලු 3ක් දවාලීය .

සරසන්ස් පන්දුවාර 20කදී කඩුලු පහට 161– ( හෂාන් දුවිඳු 62, චරිත් කුමාරසිංහගේ 35, කවීෂ කහදුවආරච්චි 31, චතුර රන්දුනු 16/2යි)

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 20කදී කඩුලු 8කට 150යි – (සචිත්‍ර ජයතිලක 43, සමීන් කඳනආරච්චි 42, සචා ද අල්විස් 29, හෂේන් රමනායක 26/3, මාලිංග අමරසිංහ 14/2 යි.)

එස්.එස්.සී – කුරුණෑගල යූත්

එස්.එස්.සී.කඩුලු 7කින් ජයගනියි

කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති “සී” කොටසට අයත් මේ තරගයෙන් එස්.එස්.සී කණ්ඩායම කඩුලු හතක පහසු ජයග්‍රහණයක් ලබා ගත්තේ පන්දු 31ක්ම ඉතිරිව තිබියදීය. නුවනිඳු ප්‍රනාන්දු සහ චරිත් අසලංක එස්.එස්.සී තෙවන කඩුල්ලට ලකුණු 40ක් ලබා ජයග්‍රහණය ඉක්මන් කළේ පන්දු වාර පහක් තුළය. කුරුණෑගල කණ්ඩායමේ රවීන්ද්‍ර කරුණාරත්න පන්දු 33කදී හයේ දෙකක් හතරේ හතක් සමග 56ක් ලැබීය.

කුරුණෑගල පන්දුවාර 20කදී කඩුලු 6කට 127යි – (රවීන්ද්‍ර කරුණාරත්න 56, රන්දීර රණසිංහ නොදැවී 38, හිමේෂ් රාමනායක 16/3, ජෙෆ්රි වැන්ඩසේ 21/2යි)

එස්.එස්.සී පන්දු වාර 14.5කදී කඩුලු 3ට 128යි – (නුවනිඳු ප්‍රනාන්දු 39, චරිත් අසලංක නොදැවී 37යි, නිපුන් ධනංජය 28, ළහිරු ජයරත්න 19/1යි, සමීර සදමාල් 25/1යි)

එන්.සී.සී – ගුවන් හමුදාව

එන්.සී.සි ලකුණු 80කින් ජයගනී

සරවනමුත්තු පිටයේ පැවැති “බී” කොටසට අයත් මේ තරගයෙන් එන්.සී.සී පහසු ආකාරයකින් ජය ගත්තේ ලකුණු 80කිනි. එන්.සී.සී පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු හතළිහ ඉක්මවා රැස් කිරීමෙන් ඔවුනට ලකුණු 170ක් වැනි සංඛ්‍යාවක් කරා යාමට අවස්ථාව උදාවිණි. එම පිතිකරුවන් වූයේ නායක ඇන්ජලෝ පෙරේරා (45), සහන් ආරච්චිගේ (නොදැවී 44) සහ චතුරංග ද සිල්වා (නොදැවී 41) වේ. ඒ අතරම එන්.සී.සී පන්දු යවන්නන් තිදෙනෙකුම කඩුලු දෙක බැගින් දවාලීමට සමත්වූහ.

එන්.සී.සී පන්දු වාර 20කදී කඩුලු 5කට 170යි – (ඇන්ජලෝ පෙරේරා 45, සහන් ආරච්චිගේ නොදැවී 44, චතුරංග ද සිල්වා (නොදැවී 41) සංජය රණවීර 21/2යි, මොවින් සුබසිංහ 7/1යි)

ගුවන් හමුදාව පන්දු වාර 16.4කදී සියල්ල දැවී 90යි – (උදයවංශ පරාක්‍රම 22, සමීර ද සොයිසා 25, රවිදු සෙම්බුකුට්ටිගේ 15, අෂේන් ඩැනියෙල් 20/2යි, සහන් ආරච්චිගේ 17/2යි, තිවංක කැකුලවලගේ 4/2යි)

බදුරලිය – නිගම්බු

බදුරලියට ලකුණු 48ක ජය

එස්.එස් සී ක්‍රීඩාංගණයේ පැවැති ඒ කොටසට අයවත් මෙම තරගයෙන් බදුරලියට පහසු ජයග්‍රහණයක් ලබාගැනීමට ගමිදු කණිෂ්ක (නොදැවී 38) යශෝධ ලංකා (33) පිතිකරුවන්ගේ දක්ෂ පිතිහරඹයත් නිමන්ද මධුශංඛ (26/3) සහ අලංකාර සිල්වාගේ (25/2) දක්ෂ පන්දු යැවීමත් බෙහෙවින්ම ඉවහල්විය. ගමිදු කණිෂ්ක පන්දු 21කදී හයේ දෙකක් හතරේ දෙකක් සමග නොදැවී ලකුණු 38ක් ද යශෝධ ලංකා පන්දු 20කදී හයේ දෙකක් හතරේ දෙකක් සමග ලකුණු 33ක්ද රැස් කළහ.

බදුරලිය පන්දු වාර 20කදී කඩුලු 8කට 156යි – (ගමිදු කණිෂ්ක නොදැවි 38, සදුන් වීරක්කොඩි 35, තිලකරත්න සම්පත් 23, යශෝධ ලංකා 33, රොෂේන් ප්‍රනාන්දු 36/2යි, නිසල තාරක 26/2)

මීගමුව පන්දුවාර 18.5කදී සියලු  ක්‍රීඩකයන් දැවී 108යි – (දිල්ෂාන් මුනවීර 27, ඇන්ජලෝ ජයසිංහ 16, රොස්කො තටිල් 12, උපුල් ඉන්ද්‍රසිරි 14, නිමන්ද මධුශංඛ 26/3යි,අලංකාර සිල්වා 25/2යි)

රාගම – පානදුර

පානදුරට ලකුණු 42ක ජය

එන්.සී.සී පිටියේ පැවැති බී කොටසේ මේ තරගයේදී පානදුර කණ්ඩායමේ අටවන කඩුල්ලට නිමේෂ් විමුක්ති (නොදැවී 33) සහ චතුර පීරිස් (නොදැවී 27) එක්ව පන්දු වාර 3.3කදී ලකුණු 56ක් රැස්කිරීම මත ඔවුනට ජයග්‍රහණ අවස්ථාව උදාවිණි. රාගම නායක ඉෂාන් ජයරත්න තුන් ඉරියව්වේම කැපීපෙනුණි. ඉෂාන් ජයරත්න ලකුණු 35කට කඩුලු 2ක් දවා පසුව ලකුණු 29ක් රැස්කළේය.

පානදුර පන්දුවාර 20කදී කඩුලු 7කට 130යි – (නිමේෂ් විමුක්ති නොදැවී 33, චතුර පීරිස් නොදැවී 27, ඉෂාන් ජයරත්න 35/2, ජනක සම්පත් 8/2යි)

රාගම පන්දුවාර 16.2දී 88යි – (ඉෂාන් ජයරත්න 29, ජනිත් ලියනගේ 16, ඩෙලන් පීරිස් 16, චරිත් ජයම්පති 22/2යි, යොමේෂ් රණසිංහ 18/2, ෂානුක මධුෂාන් 14/2යි)

Related posts

රමේෂ් මෙන්ඩිස්ට ටෙස්ට් වරම්

Chamila Karawita

Onus on Sri Lanka to come good vs. rampant South Africa

Web Admin

එංගලන්ත පිලට කඩුලු 7 ක ජයක්

Chamila Karawita