Domestic Cricket Featured Media Centre News

නිපුන් ධනංජය සහ ලසිත් අබේරත්න යළිත් දස්කම් දක්වති

එස්.එස්.සී.පිලේ ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 56 කදී හයේ පහර පහක් හතරේ පහර දෙකක් සමග නොදැවී රැස් කරන ලද ලකුණු 80ක ඉනිම හේතුවෙන් හලාවත මේරියන්ස් පිලට එරෙහිව කඩුලු හතක ජයක් වාර්තා කිරීමට එස්. එස්. සී. කණ්ඩායමට හැකියාව ලැබිණ.

සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න නැවත වතාවතක් ලකුණු අතරට පැමිණෙමින් ලබා ගන්නා ලද අර්ධ ශතකය හේතුවෙන් බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 26 ක ජයක් වාර්තා කිරීමට සී. සී. සී. පිල සමත්විය. හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සිය ඉනිමට ඇතුළත් කර ලසිත්, ලබාගත් ලකුණු 52 සඳහා පන්දු 52 කට මුහුණ දුන්නේය.

කෝල්ට්ස් – එන්.සී.සී තරගයෙන් එන්.සී.සී. කඩුලු අටක පහසු ජයක් වාර්තා කළ අතර එන්.සී.සී වෙනුවෙන් තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූ චතුරංග ද සිල්වා ලකුණු 19කට කඩුලු දෙකක් දවා පසුව පන්දු 30කදී ලකුණු 46ක් රැස් කරමින් දස්කම් දැක්වීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී මේ තරගාවලිය යුද හමුදා – රාගම අතර තරගයේදී යුද හමුදා නායක අසේල ගුණරත්න පන්දු 42කදී හයේ පහරක් හතරේ හතක් සමග ලකුණු 57ක් ලබා ගනිමින්ද පොලීසිය සහ කලුතර නගර අතර තරගයේදී පොලිස් කණ්ඩායමේ නායක අසේල සිගේරා පන්දු 34කදී හයේ පහරක් හතරේ පහක් සමග නොදැවී ලකුණු 44ක්ද රැස්කරමින් තම කණ්ඩායම් දෙකට ජයග්‍රහණ අත්කර දීමට දක්ෂතා පෙන්වූහ.

වරාය අධිකාරිය සහ ලන්කන් අතර තරගයේදී ලන්කන් කණ්ඩායමේ ගීත් කුමාර ලකුණු 13කට කඩුලු 4ක් දවාලීමෙන් වරාය ඉනිම 95කට සීමාවිණි. ලන්කන්ට කඩුලු හතක ජයක් අත්වූ අතර එහිදී දමිත සිල්වා නොදැවී ලකුණු 41ක් ලැබීය.

කැන්ඩි කස්ටම් – නුගේගොඩ තරගයෙන් කැන්ඩි කස්ටම් ලකුණු 43ක ජය අත්කර ගත් අතර ඔවුනගේ දෙවන කඩුල්ලට විශ්ව විජේරත්න (52) සහ සසිත් මධුරංග දෙවන කඩුල්ලට ලකුණු 92ක් රැස් කළේ පන්දු වාර 12.4කදීය.

කැන්ඩි කස්ටම් -නුගේගොඩ

කැන්ඩි කස්ටම් ලකුණු 16කින් ජයගනි

එස්.එස්.සී ක්‍රීඩාංගණයේ පැවති මේ තරගයේ දී (“ඒ” කොටස) කැන්ඩි කස්ටම් කණ්ඩායමේ දෙවන කඩුල්ලට විශ්ව විජේරත්න (52) සහ සශිත් මධුරංග (50) පන්දු වාර 12.4 කදී ලකුණු 92 ක සබඳතාවයක් තබා ගැනීමෙන් ඔවුනට ලකුණු 159 ක  ප්‍රමාණවත් ඉනිමකට යාමට අවස්ථාව උදාවිණි.

විශ්ව විජේරත්න පන්දු 46කදී හතරේ හතරක් සමග ලකුණු 52ක් ද සශිත් මධුරංග පන්දු 44කදී හතරේ හතරක් හයේ පහරක් සමග ලකුණු 50ක් ද රැස් කළහ. නුගේගොඩ පන්දුවට පහර දෙන අවස්ථාවේ සචිත්‍ර පෙරේරා ලකුණු 12කට කඩුලු 3ක් ද හසිත් නිමල් සහ ෂෙහාන් වීරසිංහ කඩුලු දෙක බැගින් දවාලීමෙන් නුගේගොඩ ඉනිම 116කට සීමා විණි.

කැන්ඩි කස්ටම් පන්දුවාර 20කදී කඩුලු පහකට 159 යි. –(විශ්ව විජේරත්න 52,සශිත් මධුරංග 50,විනෝද් පෙරෙරා 24/3)

නුගේගොඩ කස්ටම් පන්දුවාර 19.4කදී සියල්ල දැවී 116යි – (උමේෂ් කරුණාරත්න 22,මුදිත ලක්ෂාන් 17, ළහිරු ජයකොඩි 14,සචිත්‍ර පෙරේරා 12/3,හසිත නිමල් 20/2,ෂෙහාන් රණසිංහ 12/2)

ලන්කන් – වරාය අධිකාරිය

ලන්කන්ට කඩුලු 7ක ජයක්

සී.සී.සී ක්‍රීඩාංගණයේ පැවති “බී” කොටසට අයත් මේ තරගයේ දී ලන්කන් කණ්ඩායමේ ගීත් කුමාර ලකුණු 13කට කඩුලු 4ක් දවා පෙන්වූ දස්කම් මත වරාය කණ්ඩායමට ලබා ගත හැකි වූයේ ලකුණු 95ක් පමණි. ලන්කන් ඉනිමේදී දමිත සිල්වා නොදැවී ලකුණු 41ක් ද සවන් කංකානම්ගේ ලකුණු 32ක් ද නායක හර්ෂ කුරේ ලකුණු 17ක් ද රැස්කරමින් පහසු ජයග්‍රහණයකට තම කණ්ඩායම යොමු කළහ.

වරාය පන්දුවාර 20කදී කඩුලු 9කට 95යි. – (ඉරෝෂ් සමරසූරිය 39,අදීශ නානායක්කාර 11,ගීත් කුමාර 13/4,දමිත සිල්වා 17/2)

ලන්කන් පන්දුවාර 19.1 දී කඩුලු 3ට 98 යි – (දමිත සිල්වා නොදැවී 41,සවන් කංකානම්ගේ 32,හර්ෂ කුරේ 17,ඉෂාන් අබේසේකර 23/3)

පොලීසිය – කලුතර

පොලීසියට කඩුලු හතක පහසු ජයග්‍රහණයක්

පොලීසීය සහ කලුතර අතර කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවතී “සී” කොටසට අයත් මේ තරගයේ දී පොලීසිය ලකුණු 109 ජයග්‍රාහී ඉලක්කය පසු කළේ තවත් පන්දු හතලිහක්ම ඉතිරිව තිබීයදීය . පොලීස් කණ්ඩායමේ නායක අසෙල් සිගේරා පන්දු 34 කදී හතරේ පහක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 44ක් ද දුලාජ් උදයංග පන්දු 22කදී හතරේ දෙකක් හයේ දෙකක්  සමග නොදැවී ලකුණු 37ක්ද ලබා පිත්තෙන් දස්කම් පාද්දී එම කණ්ඩායමේ සුජාන් මයුර ලකුණු 19කට කඩුලු තුනක් දවාලමින් කලුතර ඉනිම 108කට සීමා කළේය.

කලුතර පන්දුවාර 20කදී කඩුලු 8කට 108යි – ( ගිහාන් රූපසිංහ 33 ,හේෂාන් විමලධර්ම 18,කසුන් සඳරුවන් 17,සුජාන් මයුර 19/3,කනගරතනම් කබිල්රාජ් 23/2)

පොලීසිය පන්දුවාර 13.2 කදී කඩුලු තුනට 113 යි – අසේල් සිගේරා නොදැවී 44,දුලාජ් උදයංග නොදැවී 37යි,නිලංක සඳකැන් 35/2)

යුධ හමුදාව – රාගම

යුධ හමුදාවට ලකුණු 31ක ජය

සරවනමුත්තු පිටියේ පැවති “ඩී” කොටසට අයත් මේ තරගයේ දී යුධ හමුදා කන්ඩායමේ නායක අසේල ගුණරත්න පන්දු 42කදී හතරේ හතක් හයේ පහරක් සමග ලකුණු 57ක් රැස් කරමින් තම කණ්ඩායමේ ජයග්‍රහණයට මූලික වී ක්‍රීයා කළේය. රාගම නායක ඉෂාන් ජයරත්නද තුන් ඉරියව්වේම දස්කම් දැක්වූයේ ලකුණු 26කට කඩුලු තුනක් දවා පසුව ලකුණු 23ක් ද රැස් කරමිනි.

යුධ හමුදාවට පන්දුවාර 20කදී කඩුලු 6කට 143 යි -( අසේල ගුණරත්න 57,අසන්ත බස්නායක නොදැවී 26, සීක්කුගේ ප්‍රසන්න 18,හිමාෂ ලියනගේ 16,ඉෂාන් ජයරත්න 26/3)

රාගම පන්දුවාර 20කදී කඩුලු 8කට 112යි – ( නිෂාන් මධුෂාන් 24 , ඉෂාන් ජයරත්න 23, ඩෙලන් පිරීස් නොදැවී 14 ,ජනිත් සිල්වා 12/2 ,ශෂික දිල්ෂාන් 15/2)

එන්.සී.සී – කෝල්ට්ස්

එන්.සී.සී කඩුලු 8කින් ජය ගනී.

සී.සී.සී. ක්‍රිඩාංගණයේ පැවති “බී” කොටසට අයත් මෙම තරගයේදී එන්.සී.සී කණ්ඩායමේ චතුරංග ද සිල්වා, චාමික කරුණාරත්න පිත්තෙන් දැක්වූ දස්කම් මතත් අෂේන් ඩැනියල්, චාමික ගුණසේකර සහ චතුරංග ද සිල්වා පන්දුවෙන් පෑ දස්කම් මතත් එන්.සී.සී.ට පහසු ජයක් අත්විණි. චතුරංග ද සිල්වා ලකුණු 19කට කඩුලු දෙකක් දවා පසුව ලකුණු 46ක් ලැබීය චතුරංග පන්දු 30කදී හතරේ හතරක් හා හයේ පහරක් සමග ලකුණු 45ක් ද චාමික කරුණාරත්න පන්දු 33කදී හතරේ හතරක් හයේ දෙකක් සමග නොදැවී ලකුණු 41ක් ද රැස් කළහ.මොවුන් දෙදෙනා තෙවන කඩුල්ලට පන්දුවාර 8.4කදී එක් කළ ලකුණු සංඛ්‍යාව 69කි.

කොල්ට්ස් පන්දුවාර 19.1කදී සියලුදෙනා දැවී 103යි. – (සන්තූෂ් ගුණතිලක 22, විශාඩ් රන්දික 18,කිත්රුවන් විතානගේ 15,අ ශේන් ඩැනියල් 12/3, චාමික ගුණසේකර 25/2 ,චතුරංග ද සිල්වා 19/2)

එන්.සී.සී. පන්දු වාර 12.4කදී කඩුලු 2ට 105 යි – (චතුරංග ද සිල්වා 46, චාමික කරුණාරත්න නොදැවී 41, කවිෂ්ක අන්ජුල 21/1)

එස්.එස්.සී. – මේරියන්ස්.

එස්.සී.සී ට කඩුලු 7ක පහසු ජයග්‍රහණයක්

කොල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවති “සී” කොටසට අයත් මේ තරගයේ දී එස්.එස්.සී ආරම්භක පිතිකරු නිපුන් ධනංජය පන්දු 56කට මුහුණ දී හයේ පහර පහක් හතරේ දෙකක් සමඟ නොදැවී ලකුණු 80ක් රැස් කරමින් තම කණ්ඩායම පහසු ජයග්‍රහණයක් තරා ගෙන ගියේ ය.මේරියන්ස් ඉනිමේ දී පුලින තරංග (40) සහ කසුන් විදුර (50) සිව්වන කඩුල්ලට පන්දුවාර 14.5කදී ලකුණු 93ක් එක් කළහ

මේරියන්ස් පන්දු වාර 20කදී කඩුලු 5කට 124 යි. – (කසුන් විදුර 50,පුලින තරංග 40,හිමේෂ් රාමනායක 25/2,කළණ පෙරේරා 21/2)

එස්.එස්.සී පන්දුවාර 14.4 කදී කඩුලු 3ට 127 යි – (නිපුන් ධනංජය නොදැවී 80,නුවනිඳු ප්‍රනාන්දු 31,ෂෙෂාන් සිල්වා 17/1,අවිඳු තීක්ෂණ 32/1)

සී.සී.සී – බදුරලිය

සී.සී.සී ට ලකුණු 26ක ජය

එස්.එස්.සි ක්‍රීඩාංගණයේ පැවැති “ඒ” කොටසට අයත් වන මේ තරගයේදී සී.සී.සී කණ්ඩායමේ ලසිත් අබේරත්න නැවත වතාවක් අර්ධ ශතකයක් රැස්කර පිත්තෙන් දස්කම් පෑමෙන්ද ළහිරු ගමගේ ද තවත් වරක් දක්ෂ ලෙස පන්දු යවමින් ලකුණු 13කට කඩුලු 4ක් බිද දැමීමෙන්ද සී.සී.සී කණ්ඩායමට ජයග්‍රහණය ලැබීමට දායකත්වය ලබා දුන්හ. ලකුණු අතර සිටින බදුරලිය කණ්ඩායමේ යශෝධ ලංකා ද නැවත වරක් ලකුණු අතරට පිවිසෙමින් පන්දු 38කදී හයේ දෙකක් හතරේ තුනක් සමග ලකුණු 41ක් ලබාගැනීමට සමත්විය.

සී.සී.සී පන්දු වාර 20කදී කඩුලු 6කට 142යි – (ලසිත් අබේරත්න 52, ළහිරු මධුශංඛ 31, බුද්ධික සංජීව 24/3, චාමිකර එදිසිංහ 27/2)

බදුරලිය පන්දු වාර 19.1කදී 116යි – (යශෝධ ලංකා 41, බුද්ධික සංජීව නොදැවී 25, නිමන්ද මධුශංඛ 17, ළහිරු ගමගේ 13/4යි, ළහිරු මධුෂ්ක 15/2, නුවන් තුෂාර 22/2)

පානදුර – නාවික හමුදාව

පානදුරට ලකුණු 28ක ජය

සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවැති “ඩී” කොටසට අයත් වන මේ තරගයේදී පානදුර කණ්ඩායමේ හෂාන් චාමර සහ කවිඳු අෂාන් ලකුණු අතර සිටි අතරම නිමේෂ් විමුක්ති, චතුර පීරිස් සහ යොමේෂ් රණසිංහ පන්දු යැවීමේදී දක්ෂතා දැක්වූහ.

පානදුර පන්දු වාර 20කදී කඩුලු 5ට 143යි – (හෂාන් චාමර 34, කවිදු අෂාන් 33, හෑන්ස් ප්‍රනාන්දු 25, කොෂාන් ධනුෂ්ක නොදැවී 27, චානක රුවන්සිර 8/2යි බුද්ධික මධුෂාන් 34/1යි)

නාවික හමුදාව පන්දු වාර 18.3කදී 115යි – (ශලිත් ප්‍රනාන්දු 29, ඩබ්ලිව්.මයන්ත 26, තරුෂාන් ඉද්දමල්ගොඩ 24, නිමේෂ් විමුක්ති 14/3යි, චතුර පීරිස් 37/2යි, යොමේෂ් රණසිංහ 22/3යි)

Related posts

SL New Odyssey Turnaround | Kusal Janith signals arrival with match winning 120, Chameera 5/16

Web Admin

විස්සයි/20 පුහුණු තරගයේ ජය නවසීලන්තයට

Web Admin

අවසන් පූර්ව තරග දින නියමයකින් තොරව කල් යයි

Chamila Karawita