Featured Media Centre News

සී.සී.සී. පිලට තියුණු ජයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ 20-20 ක්‍රිකට් තරගාවලියේ තෙවන දිනය වූ සෙනසුරාදා පැවැති තරගවලදී පොලිස් කණ්ඩායම විසින් ප්‍රබල එස්.සී.සී කණ්ඩායම කඩුලු තුනකින් පරාජයට පත් කරමින් පෙරළිකාර ජයග්‍රහණයක් අත්කර ගැනීමට සමත්විය.

මෙදින උදෑසන පැවැති තරග හතර අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරක් ඉසිලීය. එස්.සී.සී පිටියේ පැවැති සී.සී.සී – නුගේගොඩ තරගයේදී සී.සී.සී ලබා ගත් ලකුණු 160 හඹාගිය නුගේගොඩ පන්දු වාර 20 අවසානයේ කඩුලු හතරක් පමණක් දැවී ලකුණු 152ක් රැස්කරමින් සී.සී.සී ට තියුණුම සටනක් ලබාදීමට සමත්විය.

සරවනමුත්තු පිටියේ පැවැති ලන්කන් – කෝල්ට්ස් තරගයේදී ලන්කන් කණ්ඩායම කඩුලු 4කට ලබාගත් ලකුණු 164ට පිළිතුරු ලෙසින් කෝල්ට්ස් ලකුණු 162ක් ලබා ජයග්‍රහණයට ලකුණු 3ක් පමණක් පිටුපසින් සිටියේය. මෙහිදී ලන්කන් නායක හර්ෂ කුරේ පන්දු 58කදී හතරේ හතක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 65ක් රැස්කර ජයග්‍රහණයේ නියමුවා ලෙස ක්‍රියාකළේය.

එස්.එස්.සී නායක අෂාන් ප්‍රියංජන ද පොලීසිය සමග තරගයේදී තුන්ඉරියව්වේම දක්ෂතා දැක්වීය.

යුද හමුදාව හා නාවික හමුදාව අතර තරගයේදී නාවික හමුදාව ලකුණු 85කට දැවී ගිය අතර ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු යුද හමුදාව ලබාගත්තේ කඩුල්ලක් පමණක් දැවී යාමෙනි.

මේ අතර සවස් යාමයේ පැවැති තරග සඳහා වර්ෂාව හරස් වූයෙන් ජයග්‍රාහකයන් තේරීම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත පදනවිය. ඒ අනුව කුරුණෑගල තරුණ, ගුවන් හමුදාව, බී.ආර්.සී. සහ සැරසන් කණ්ඩායම් ජයග්‍රහණවාර්තා කළහ.

එස්.එස්.සී – පොලිසිය

පොලීස් පිලට කඩුලු 3 ක ජයක්

පොලිස් කණ්ඩායමේ මධුරංග සොයිසා පන්දු 38 කදී හතරේ පහක් සමඟ ලකුණු 37ක් ද ශෙහාන් ප්‍රනාන්දු පන්දු 33කදී හතරේ හතරක් සහ හයේ පහරක් සමඟ ලකුණු 34ක් ද රැස් කරමින් එස්.එස්.සී රැස් කළ ලකුණු 122 හඹා යාමට මුල් විණි. එස්.එස්.සී වෙනුවෙන් ලකුණු අතරට පිවිසියේ සම්මු අෂාන් වන අතර ඔහු පන්දු 38 කදී ලකුණු 44 ක් රැස් කළේය.

පොලීසියේ පන්දු යවන්නන් හතර දෙනෙකුම කඩුළු දෙක බැගින් දවා එස්.එස්.සී ඉනිම ලකුණු 122කට සීමා කිරීමට වග බලාගත්හ.

එස්.එස්.සී පන්දුවාර 19.3කදී 122යි – (සම්මු අෂාන් 44, තරිදු රත්නායක 20, චරිත් අසලංක 17, සුජාන් මධුර 24/2, ඩැනල් හේමාන්න 21/3, අසේල සිගේරා 29/2,ළහිරු දියන්න 15/2)

පොලිසිය පන්දුවාර 20දී කඩුළු 7ට 123යි – (මධුරංග සොයිසා 37, ශෙහාන් ප්‍රනාන්දු 34, සුජාන් මයුර 13, හිමේෂ් රාමනායක 25/2, කළණ පෙරේරා 11/1)

යුද හුමුදාව – නාවික හමුදාව

යුද හමුදාවට කඩුළු 9ක පහසු ජයක්

කටුනායක පැවති “ඩී” කොටසේ මේ තරගයෙන් යුද හමුදාව ජය ලැබුවේ පහසු ආකාරයකිනි.යුද හමුදාවේ ජනිත් සිල්වා ලකුණු 10කට කඩුළු 4ක් දවාලමින් කැපී පෙනුණි.

නාවික හමුදාව පන්දු වාර 19.5කදී 85යි. – (චානක රුවන්සිරි 30, ශාලිත් ප්‍රනාන්දු 17, ජනිත් සිල්වා 10/4යි මහීෂ් තීක්ෂණ 9/2)

යුද හමුදාව පන්දු වාර 11.4කදී කඩුල්ලකට 87යි – (අෂාන් රන්දික44, පැතුම් දිල්ෂාන් නොදැවී 30, දිලංක අවුවාඩ් 19/1යි.)

සී.සී.සී.- නුගේගොඩ

සී.සි.සී. ලකුණු 8කින් ජය ගනී

සී.සී.සී. නායක අෂාන් ප්‍රියංජන පන්දු 25කදී හතරේ හයක් සමඟ ඉක්මන් ලකුණු 39ක් ලැබු අතර මිනෝද් භානුක පන්දු 25කදී හතරේ පහක් සමඟ ලකුණු 34ක් රැස් කළේය. නුගේගොඩ කණ්ඩායමට ලකුණු 161ක අභියෝගයකට යද්දී ප්‍රමුද් හෙට්ටිවත්ත නැවත වතාවක් ලකුණු අතරට පිවිසෙමින් නොදැවී ලකුණු 41ක් ලැබුවේ පන්දු 38කදී හයේ පහරක් සහ හතරේ තුනක් සමගිනි. උමේෂ් කරුණාරත්න ලකුණු 38 (පන්දු 31ක්) රැස් කළ අතර මින්හාජ් ජලිල් තුන්ඉරියවේම දක්ෂතා දැක්විය.

සී.සී.සී පන්දු වාර 20දී කඩුලු 9ට 160 යි – (අෂාන් ප්‍රියංජන් 39, මිනෝද් භානුක 34, ලසිත් අබේරත්න 22, පවන්ත වීරසිංහ නොදැවී 25, මින්හාජ් ජලිල් 17/2)

නුගේගොඩ පන්දු වාර 20කදී කඩුලු 4ට 152යි.- (ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 41, උමේෂ් කරුණාරත්න 38, මුදිත ලක්ෂාන් නොදැවී 24යි, මින්හාජ් ජලිල් 22, ළහිරු ගමගේ 36/2, අෂාන් ප්‍රියංජන් 30/1)

කෝල්ට්ස් – ලන්කන්

ලන්කන්ට පිලට ලකුණු 2ක ජයක්

ලන්කන් නායක හර්ෂ කුරේ මේ තරගයේ දී පන්දු 58කදී හතරේ හතක් හයේ පහරක් සමග නොදැවී ලකුණු 65ක් රැස් කරමින් නායකත්ව ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම් ප්‍රබල තත්ත්වයකට ගෙන ආවේය. කෝල්ට්ස් කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා ලකුණු 41ක්ද කවිශ්ක අංජුල පන්දු 19කදී ලකුණු 36ක් ද ලබා ගත්හ.

ලන්කන් පන්දු වාර 20කදී කඩුලු 4කට 164යි. – (හර්ෂ කුරේ නොදැවී 65, සාලිය සමන් 32, විශ්ව චතුරංග 30, ගීත් කුමාර 26, රොහාන් සංජය 14/2)

කෝල්ට්ස් පන්දු වාර 20කදී 162යි – (ප්‍රියමල් පෙරේරා 41, කවිශ්ක අංජුල 36, ජෙහාන් ඩැනියල් 25, සංගීත් කුරේ 24, රොෂාන් ජයතිස්ස 27/3, කේෂාන් විජයරත්න 30/3)

මුවර්ස් – කුරුණෑගල තරුණ

කුරුණෑගල තරුණ පිලට ලකුණු 14 ක ජයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති සී කොටසට අයත් තරගයේදී කුරුණෑගල යූත් කණ්ඩායමේ අයන සිරිවර්ධන නොදැවී 30ක් සහ කවීෂ කහදුවආරච්චි 46ක් රැස්කිරීම මත කුරුණෑගල කණ්ඩායමට ප්‍රබල තත්ත්වයක පසුවීමට අවස්ථාව උදාවිණි.

මුවර්ස් පන්දු වාර 20කදී කඩුලු 8කට 159යි – (මහේල උඩවත්ත 32, පසිදු සූරියබණ්ඩාර 33, අදීෂ තිලංචක 21, සචිත්‍ර සේරසිංහ 20, පබසර වඩුගේ 20, රන්දීර රණසිංහ 26/5යි)

කුරුණෑගල යූත් පන්දුවාර 14කදී කඩුලු 1කට 114යි – (ගයාන් මනීෂාන් 45, ධනුෂ්ක ධර්මසිරි නොදැවී 43, සචිත්‍ර සේරසිංහ 20/1යි)

බ්ලූම්ෆීල්ඩ් – ගුවන් හමුදාව

ගුවන් හමුදාවට ලකුණු හතරක ජය (ඩක් වර්ත් ක්‍රමයට)

සරවනමුත්තු පිටියේ පැවැති මෙම “බී” කොටසේ තරගයේදී බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායමේ කසුන් ඒකනායක පන්දු 59කදී හතරේ පහක් හයේ තුනක් සමග නොදැවී ලකුණු 81ක් ලබා මෙවර තරගාවලියේ දැනට වැඩිම ලකුණු ලැබීය.

බ්ලූම්ෆීල්ඩ් පන්දු වාර 20කදී කඩුලු 5ට 167යි –(කසුන් ඒකනායක නොදැවී 81, දිල්හාන් කුරේ 20, නිමේෂ් මෙන්ඩිස් 23/2, ළසඳ රුක්මාල් 23/1)

ගුවන් හමුදාව පන්දු වාර 11කදී කඩුලු 2ට 85– (උදයවංශ පරාක්‍රම 35, චාමර ප්‍රනාන්දු 25, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 6/1)

බී.ආර්.සී – ගාල්ල

බී.ආර්.සී ට ලකුණු 47ක ජය (ඩක්වර්ත් ක්‍රමයට)

එස්.එස්.සී පිටියේ පැවැති “ඒ” කොටසට අයත් මේ තරගයේදී බී.ආර්.සී ලැබූ ලකුණු 162ට පිළිතුරු ලෙස ඇදිරි කාලගුණය මත තරගය නතර කරන විට ගාල්ල කඩුලු පහක් දැවී ලබාසිටියේ 46ක් පමණකි. ළහිරු සමරකෝන් සහ දුෂාන් හේමන්ත බී.ආර්.සී වෙනුවෙන් ලකුණු අතරට පිවිසියහ.

බී.ආර්.සී පන්දු වාර 20කදී 162යි – (ළහිරු සමරකෝන් 33, දුෂාන් හේමන්ත 48, රමිදු විජේසූරිය 27, ෂානුක දුලාජ් 24, දිල්ෂාන් කාංචන 23/2යි, උමේෂ් උදයංග 20/1යි)

ගාල්ල පන්දු වාර 11කදී කඩුලු 5කට 46යි – (උමේෂ් උදයංග නොදැවී 16, රවිශ්ක විජේසිරි නොදැවී 15, මොහොමඩ් ශිරාෂ් 7/2යි)

සරසන්ස් – ටැමිල්

සරසන්ට ලකුණු තුනක ජය ඩක් වර්ත් ක්‍රමයට

කටුනායක පැවැති “ඩි” කොටසේ මෙම තරගයේදී සරසන්ස් පිතිකරුවන් තිදෙනෙකුම ලකුණු අතර පැමිණීමට සමත්වූහ.

සරසන්ස් පන්දු වාර 20කදී කඩුලු 5ට 137යි – (කවීෂ කහදුව ආරච්චි 46, හෂාන් දුමිඳු 31, අයන සිරිවර්ධන නොදැවී 30, ශිරාන් ප්‍රනාන්දු 12/1යි)ටැමිල් යූනියන් පන්දුවාර 14කදී කඩුලු 4ට 88යි – (සධීර සමරවික්‍රම 40, ප්‍රමෝද් මධුවත්ත 8/2යි)

බන්දුල මොල්ලිගොඩ

Related posts

Charith Asalanka has signaled his arrival as a potential young batsman for the future

Web Admin

Sri Lanka cricketers past and present appeal to public to fully heed warnings to combat COVID-19 Corona pandemic

Web Admin

සී. සී. සී. පිල ශූරතාව පෙනෙන මායිමට

Web Admin