Featured Media Centre Media Releases News Sri Lanka Tour ODI & T-20 Tour of England

ධනංජය ලක්ෂාන්ට පුහුණු තරග මඟ හැරෙයි

එංගලන්තය තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ලක්ෂාන් පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්ව තිබේ.පන්දු රැකීමේ පුහුණුවේ යෙදී සිටියදී ඔහු දකුණු දණහිසේ ආබාධයකට ගොදුරුව ඇත.

එම තත්ත්වය මත ඔහුට අද (16 දා) සහ අනිද්දා (18) දා පැවැත්වෙන පුහුණු තරග සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවනු ඇත. ඔහුගේ ආබාධය සුවවීම වෙනුවෙන් වූ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් ධනංජය සිය කාලය වෙන් කර තිබේ.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 කට සහභාගිවීමට නියමිත අතර පළමු විස්සයි-20 තරගය ලබන 23 වැනිදා කාඩිෆ්හිදී ආරම්භ වනු ඇත.

Related posts

Sri Lanka U19 beat England U19 by 19 runs

Web Admin

Dambulla Viikings beat Galle Gladiators in high intensity contest

Web Admin

විශ්වාසය කැටි කොට සිංහ රැළ අද විස්සයි-20 සටන අරඹයි

Web Admin