Featured India tour of Sri Lanka 2021 Media Centre News

ශූරයින් තෝරන තරගයේ ඉන්දියාව පළමුව පන්දුවට පහර දෙයි

තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ ශූරයින් කවුරුන්ද යන්න තේරීම වෙනුවෙන් අද (29 වැනිදා) පැවැත්වෙන තීරණාත්මක තෙවැනි විස්සයි-20 තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක ශිකර් ධවාන් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

දෙරට අතර පැවැති පළමු තරගයෙන් ඉන්දියාවද, දෙවැනි තරගයෙන් ශ්‍රී ලංකාවද ජය වාර්තා කිරීමට සමත්ව සිටීම නිසා මෙම තරගයට දෙපිළම පිවිසෙන්නේ 1-1 ක් ලෙස තරගාවලිය කරට කර හිඳිමිනි. ඒ අනුව අද තරගයේ ජය ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයින් ලෙස කිරුළු දරනු ඇත.

තරගය සඳහා සකස් කර ඇති තණතීරුව මීට පෙර භාවිතා නොකරන ලද නවතම තණතීරුවක් වන බැවින් ඊයේ තරගයට වඩා වැඩි ලකුණු සංඛ්‍යාවක් බලාපොරොත්තුවිය හැක. කෙසේ වෙතත් කාසියේ වාසිය උරගා බැලීමෙන් අනතුරුව අදහස් දක්වා සිටි දසුන් ශානක සඳහන් කර සිටියේ පන්දු යැවීමට අවස්ථාව හිමිවීම සතුටට කරුණක් බවයි.  

කණ්ඩායම තුළට කොවිඩ් – 19 වෛසරය ඇතුළුවීම හේතුවෙන් නම් දරා සිටින හර්දික් පාණ්ඩ්‍යා, සූර්යකුමාර් යාදව්, කෘනාල් පාණ්ඩ්‍යා, මනීෂ් පාණ්ඩේ මෙන්ම නවක ක්‍රීඩකයින් වන දීපාක් චහර්, ඉෂාන් කිෂාන් යන ක්‍රීඩකයින් හුදෙකලා කිරීමට ලක්ව සිටින බැවින් දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද කණ්ඩායමේ නව්දීප් සයිනි වෙනුවට කේරළ ප්‍රාන්ත ක්‍රීඩකයකු වන සංදීප් වොරියර් අද විස්සයි-20 වරම් දිනාගත්තේය.

මේ අතර දෙවැනි තරගයට ක්‍රීඩා කරන ලද ඉසුරු උදාන ආබාධයක් හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකරන අතර ඒ සඳහා පැතුම් නිස්සංක ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකාව – 1. අවිෂ්ක ප්‍රනාන්දු, 2. මිනෝද් භානුක,3. සධීර සමරවික්‍රම, 4. ධනංජය ද සිල්වා, 5. පැතුම් නිස්සංක, 6. දසුන් ශානක (නායක), 7. වනිඳු හසරංග 8.  චාමික කරුණාරත්න,  9. රමේෂ් මෙන්ඩිස්, 10.  අකිල ධනංජය, 11. දුෂ්මන්ත චමීර.

ඉන්දියාව – 1. ශිකර් ධවාන් (නායක), 2. රුටුරාජ් ගයික්වාඩ්, 3. දෙව්දත් පඩික්කාල්, 4. සංජු සැම්සන්, 5. නිතීෂ් රානා, 6. භුවනේෂ්වර් කුමාර්, 7. කුල්දීප් යාදව්, 8. රාහුල් චහර්, 9. සංදීප් වොරියර්, 10. චේතන් සකරියා, 11. වරුන් චක්‍රවර්තී.

Related posts

ආසියානු කුසලානේ ශ්‍රී ලංකා ඉදිරි ගමන තීරණය – ‘පිටියේ සටනින්’

Chamila Karawita

වනිඳු යළිත් ඉදිරියට

Chamila Karawita

Chamari Atapattu 3/21 and cameo 78 as Sri Lanka Women blow off England Women

Web Admin