Sinhala Column

පාකිස්තානය පහසුවෙන්ම ඉන්දියාව පරාජය කරයි

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඉරිදා (24) පැවැති ඉන්දියා – පාකිස්තාන ලෝක කුසලාන 20-20 තරගයේදී ඉන්දියාව කඩුලු හතකට ලබාගත් ලකුණු 151ට පිළිතුරු ලෙස පාකිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 152ක් ලබා කඩුලු දහයක පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය. එම ජයග්‍රහණයේදී පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වන මොහොමඩ් රිස්වාන් ලකුණු  78 ක්ද නායක බාබර් අසාම් ලකුණු 68 ක් වශයෙන් විශීෂ්ඨ පිතිහරඹයක නියැළුණහ.

ඉන්දියාව පන්දුවාර 20 අවසානයේ කඩුලු හතකට ලබාගත් ලකුණු 151ට පිළිතුරු ලෙස පාකිස්තානය කිසිවෙකු නොදැවී ලකුණු 152ක් රැස්කළේ තවත් පන්දු 13ක් (පන්දු වාර 2.1ක) ඉතිරි කරගෙනය. ආරම්භක පිතිකරුවන් දෙදෙනා මොහොමඩ් රිස්වාන් පන්දු 55කදී හතරේ හයක් හයේ තුනක් සමඟ නොදැවී ලකුණු 78ක්දච නායක බාබර් අසාම් පන්දු 52කදී හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමඟ නොදැවී ලකුණු 68ක්ද රැස්කර සිටියේ පාකිස්තානය ක්‍රීඩාලෝලීන් අමන්දානන්දනයට පත්කරමිනි.

තරගයේ වීරයා ලෙස නම් කෙරුණේ පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 31කට කඩුලු තුනක් දවාලූ ෂාහීන් අෆ්රිඩිය. පාකිස්තාන නායක බාබර් අසාම් 20-20 ජගත් ක්‍රිකට් ශ්‍රේණි ගත කිරීමේ පිතිකරු ‍ලැයිස්තුවේ දෙවන ස්ථානයේ පසුවේ. 20-20 තරගයකදී පාකිස්තානය ඉන්දියාව පරාජය කළ දෙවැනි වතාව මෙය වේ.

පාකිස්තානය කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීම ඉන්දියාවට පැවරීය. ෂාහීන් අෆ්රිඩ් යැවූ තරගයේ ප්‍රථම පන්දුවාරයේ සිව්වන පන්දුවට ආරම්භක සහ ප්‍රබල පිතිකරු රෝහිට් ෂර්මා දැවීගියේ ලකුණු නොලබාමය. ඉන්දීය ඉනිමේ පන්දුවාර 5.4ක් වන විට ලකුණු 31කට පිතිකරුවන් තිදෙනෙකුම දැවී ඔවුන් පසුවූයේ අසීරු තත්ත්වයකය.

ඉන්දීය නායක විරාට් කෝලි පසුව සිව්වන කඩුල්ලට රිෂාබ් පාන්ට් සමඟ පන්දුවාර 6.4කදී ලකුණු 53ක් සහ පස්වන කඩුල්ලට රවින්ද්‍ර ජඩෙජා සමඟ පන්දුවාර 5.3කදී ලකුණු 41ක සබඳතා තබා ගනිමින් ඉන්දීය කණ්ඩායම යම් ස්ථාවර තත්ත්වයකට ගෙන ඒමට පියවර ගත්හ.

විරාට් කෝලි පන්දු 49කදී හතරේ පහක් සහ හයේ පහරක් සමඟ ලකුණු 57ක්ද රිෂාබ් පාන්ට් පන්දු 30කදී හතරේ දෙකක් හයේ දෙකක් සමඟ ලකුණු 39ක්ද රවින්ද්‍ර ජඩෙජා පන්දු 13කදී හතරේ පහරක් සමඟ ලකුණු 13ක්ද සූරියකුමාර් යදෙව් පන්දු අටකදී හතරේ පහරක් සමඟ ලකුණු 11ක්ද රැස්කර ලකුණු රැස්කිරීමේදී කැපී පෙනුණි. පාකිස්තානයේ සාර්ථකම පන්දු යවන්නා වූ ආරම්භක පන්දු යවන ෂාහීන් අෆ්රිඩ් ලකුණු 31ක්දී දවාලු කඩුලු සංඛ්‍යාව තුනකි.

ලකුණු සාරාංශය

ඉන්දියාව පන්දුවාර 20දී කඩුලු 7ට 151යි – (විරාට් කෝලි 57, රිෂාබ් පාන්ට් 39, රවින්ද්‍ර ජඩෙජා 13, සූරියකුමාර් යාදෙව් 11, ෂාහීන් අෆ්රිඩ් 31/3යි, හසන් අලි 44/2යි)

පාකිස්තානය පන්දු වාර 17.5කදී කිසිවෙකු නොදැවී 152යි – (මොහොමඩ් රිස්වාන් නොදැවී 78, බාබර් අසාම් නොදැවී 68,)

Related posts

නැගී එන ක්‍රීඩකයන් පිළිබදව ඉක්මන් නොවිය යුතුයි – ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් කියයි

Web Admin

23න් පහළ පිරිමි පිල කඩුලු 9කින් බංග්ලාදේශය පරදවයි

Web Admin

කන්ද උඩරටට සුන්දරත්වය ගෙන එන පල්ලේකැලේ ක්‍රීඩාංගණය

Web Admin