Featured Media Centre News Womens Cricket

තරගාවලියේ දෙවැනි ශතකය විශ්මිගෙන්

කාන්තා අන්තර් සමාජ  පළමු කොටසේ ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (5)  පැවැති තරග අතුරින්  සීනිගම සහ ගුවන් හමුදා කණ්ඩායම් සමත්වූහ. කෝල්ට්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී සීනිගම කණ්ඩායම ලකුණු 183 ක ජයක්ද නාවික හමුදා කණ්ඩායමට එරෙහිව පැවැති තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 12 ක ජයක් වාර්තා කිරීමට ගුවන් හමුදා කණ්ඩායමද සමත්වූහ.

චිලව් මේරියන්ස් සහ යුද හමුදා බී අතර තරගයේදී චිලව් මේරියන්ස් කඩුලු තුනකට ලකුණු 234 ක් රැස් කළත් අයහපත් කාලගුණය මත තරගය නිමාවට පත්කළේ තීරණය නොමැතිව ,

චිලව් මේරියන්ස් කණ්ඩායමේ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 138ක් රැස් කිරීම කැපී පෙනිණ. පන්දු 149 කට මුහුණ දුන් විශ්මි හතරේ පහර 16 ක් සහ හයේ පහරක් සමඟින් එම ලකුණු සංඛ්‍යාව ලබා ගත්තාය. මෙය මෙවර තරගාවලියේ පිතිකාරිණියක වාර්තා කරන ලද දෙවැනි ශතකය බවට පත්වූවාය. ඇයට පෙර නාවික හමුදා පිලේ හංසිමා කරුණාරත්න ගුවන් හමුදා පිලට එරෙහිව නොදැවී ලකුණු 104 ක් වාර්තා කළාය.

සීනිගමට ලකුණු 183ක ජයග්‍රහණයක්

කෝල්ට්ස් ක්‍රීඩාංගණයේ පැවැති සීනිගම – කෝල්ට්ස් තරගයෙන් සීනිගම ලකුණු 183ක ජයග්‍රහණයක් අත්කර ගත්තේ තවත් පන්දුවාර 29.2ක්ම ඉතිරිව තිබියදීය. සීනිගම නායිකාව කවීෂා දිල්හාරි පන්දු 78කදී හතරේ පහක් හයේ දෙකක් සමඟ ලකුණු 68ක් රැස්කළ අතර ඇය පස්වන කඩුල්ලට පියුමි වත්සලා (16) සමඟ ලකුණු 52ක්ද හයවන කඩුල්ලට කාව්‍යා කවින්දි සමඟ ලකුණු 41ක්ද සබඳතා තබාගත්හ. මීට අමතරව කවීෂා දිල්හාරි තුන් ඉරියව්වේම දක්ෂතා දැක්වූයේ ලකුණු 13කට කඩුලු හතරකද් දවාලමිනි.

සීනිගම පන්දුවාර 50දී කඩුලු 9ට 231යි – (කවීෂා දිල්හාරි 68, සචිනි නිසංසලා 27, කාව්‍යා කවිඳි 25, නවෝද්‍යා නෙත්මිණි 21, පියුමි වත්සලා 16, ශිකාරි ද සිල්වා 24/4, ඒ.ජනකාන්ති මාලා 38/2)

කෝල්ට්ස් පන්දුවාර 20.4කදී සියල්ල දැවී 48යි – (අමාදි විජේසිංහ 09,කවුෂනී නුත්යංගා 08, සචිනි නිසංසලා 18/4, කවීෂා දිල්හාරී 13/4, විහාරා සෙව්වන්දි 8/2යි)

චිලව් මේරියන්ස් – යුද හමුදා අතර මග නවතියි

අයහපත් කාලගුණය මත චිලව් මේරියන්ස් ඉනිමෙන් පසුව මේ තරගය විසඳුමකින් තොරව අතරමඟ නතර කැරිණි. චිලව් මේරියන්ස් කණ්ඩායමේ විශ්මි ගුණරත්න මේ තරගාවලියේ ප්‍රථම ශතකය වාර්තා කළේ පන්දු 149කට මුහුණදී හතරේ 16ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 138ක් රැස්කරමිනි. යුද හමුදා “බී” කණ්ඩායමට මේ තරගයේදී පන්දුවට පහරදීමට අවස්ථාවක් නොලැබිණි.

චිලව් මේරියන්ස් පන්දුවාර 50කදී කඩුලු 3ට 234යි – (විශ්මි ගුණරත්න නොදැවී 138, සඳලි විරසිංහ නොදැවී 59, විශ්මි ගුණරත්නගේ සහ සඳලි වීරසිංහගේ සිව්වන කඩුල්ලේ නොදැවුණු ලකුණු 120ක සබඳතාවය පන්දු 111යි) අයේෂා සඳමාලි 36/1යි, මන්දාරා සමරකෝන් 33යි)

නාවික හමුදාව ගුවන් හමුදාවට පරදියි

ගුවන් හමුදාව “ඒ” කණ්ඩායමේ ඉනෝෂි ප්‍රනාන්දු මේ තරගයේදී තුන් ඉරියව්වේම පෙන් වූ දක්ෂතා කැපී පෙණුනි. ගුවන් හමුදා “ඒ” කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ පන්දුවාර 21 කදී ලකුණු 42කට කඩුලු 8ක් දැවී අසීරු තත්ත්වයක පසුවද්දී නවවන සහ දසවන කඩුලු සඳහා පැවති සබඳතාවයන් මත ඔවුනට ලකුණු 102 ක් ලබා ගැනීමට අවස්ථාව උදාවිණි. නවවන කඩුල්ලට මල්ෂා  ෂෙහානි සහ ඉනෝෂි ප්‍රනාන්දු එක්කළ ලකුණු සංඛ්‍යාව 34 කි. මල්ෂා ෂෙහානි පන්දු 79කදී හතරේ දෙකක් සමග ලකුණු 45ක්ද ඉනෝෂි ප්‍රනාන්දු පන්දු 28කදී හතර් පහරක් සමග ලකුණු 21ක්ද රැස් කළහ වැලි සරදී මේ තරගය පැවත්විණි.

ගුවන් හමුදා “” පන්දුවාර 37.3කදී 102 යි – ( මල්ෂා ෂෙහානි 45,ඉනෝෂි ප්‍රනාන්දු 21,තාරිකා සෙව්ව්දි 25/4 , උදේශිකා ප්‍රබෝධනී16/2,ඉනෝකා රණවීර 16/2 යි)

නාවික හමුදාව පන්දුවාර 38.1කදී කඩුලු 9ට 85යි –  හර්ෂිතා සමරවික්‍රම26,තාරිකා සෙව්වන්දි 13,ඕෂදී රණසිංහ 9/4,ඉනෝෂි ප්‍රනාන්දු 12/2)

Related posts

පරාජය ගැන පිතිකරණ පුහුණුකරු කතා කරයි

Chamila Karawita

ACC U19 Asia Cup : Sri Lanka Squad

Web Admin

කොදෙව්වන්ට එරෙහි විස්සයි-20 ශ්‍රී ලංකා සංචිතයේ වෙනස් කම් 3 ක්

Web Admin