A Team Featured Media Centre News

ඔස්ට්‍රේලියානු ඒ පිල ජුනි මස ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියානු ඒ ක්‍රිකට් කණ්ඩායම එළැඹෙන ජුනි මසදී ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිතය.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එම තරගාවලියේදී එක්දින තරග දෙකකට සහ සිව්දින දින තරග දෙකකට ඔස්ට්‍රේලියානු ඒ පිල තරග සහභාගිවනු ඇත.
ජුනි 08දා ඇරඹෙන  එක්දින තරගාවලිය කොළඹ එස්.එස්.සී. පිටියේද සිව්දින තරග දෙක හම්බන්තොටදීද පැවැත්වෙනු ඇත.

තරග කාලසටහන

ජුනි 08 – පළමු එක්දින  තරගය එස්.එස්.සී පිටියේදී
ජුනි 10 – දෙවැනි එක්දින තරගය එස්.එස්.සී පිටියේදී

ජුනි14-17 – පලමු සිව්දින තරගය හම්බන්තොටදී
ජුනි 21-25 – දෙවැනි සිව්දින තරගය හම්බන්තොටදී

Related posts

පාසල් ක්‍රිකට් පළාත් සම්බන්ධීකාරකවරුන් 12 දෙනෙකු පත් කරයි

Web Admin

LPL සංචිතය පුළුල් වෙයි

Chamila Karawita

කොරෝනා බලපෑමෙන් කාන්තා පිලට ලෝක කුසලාන ගමන ඇහිරෙයි

Chamila Karawita