Domestic Cricket Major Club T20 News Sinhala Column

තියුණු තරගයකින් පසු රාගමට ලකුණක ජයක්

අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ අද (10) පැවති තරගවලදී  සෙබස්ටියනයිට්ස්, බී.ආර්.සී, එස්.එස්.සී, කොල්ට්ස්, ටැමිල් යුනියන් සහ රාගම කණ්ඩායම් ජයග්‍රහණ අත් කර ගත්හ. ඒ අතර වඩාත් තියුණු මුහුණුවරක් ගත් තරගය ව ඒන්.සී.සී. සහ රාගම අතර තරගයේදී තියුණු තරගයකින් පසු ඒක් ලකුණක ජයක් අත්කර ගැනීමට රාගම කණ්ඩායමට හැකියාව ලැබිණ.

රාගම කඩුලු හයකට ලබා ගත් ලකුණු 162 ට පිළිතුරු ලෙස එන්.සී.සී. සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලබා ගැනීමට සමත්වූයේ ලකුණු 161 ක් බැවින් රාගමට ලකුණක තියුණු ජයක් අත්විය.

රාගම නායක සමිඳ ප්‍රනාන්දු පන්දු 44කදී හතරේ නවයක් සහ හයේ දෙකක් සමග ලකුනු 72ක් ලබා රාගම ප්‍රබල තත්ත්වයකට පත් කළේය. එන්.සී.සී.කණ්ඩායමේ කාවින්ද බණ්ඩාර ලකුණු 82ක් ලබා ජයග්‍රහණය අසලටම ගියත් ලකුණකින් පරාජයට පත් විය.

රාගම පන්දුවාර 20 කදී කඩුලු 6ට ලකුණු 162 යි –  සමිඳ ප්‍රනාන්දු 72, ළහිරු දෙවටගේ 41, ඉෂාන් ජයරත්න නොදැවී 24, සමිදු කොළඹගේ 27/3

එන්.සී.සී පන්දුවාර 20 කදී කඩුලු 4ට ලකුණු 161 යි – කාවින්ද බන්ඩාර 82, ජොහාන් ද සිල්වා 24, අශාන් වික්‍රමසිංහ නොදැවී 21, සංජුල බන්ඩාර 21/1

සෙබස්ටියනයිට්ස් කඩුලු 7කින් පොලීසිය පරාජය කරයි.

සෙබස්ටියනයිට්ස් නායක සශ්‍රික පුස්සෙගොල්ල පන්දු 40කට මුහණදී හයේ පහර හතක් සමග ලකුණු 78ක් රැස් කරමින් සහ එම කණ්ඩායමේ තරිඳු රත්නායක ලකුණු 18කට කඩුලු හතරක් දවාලීමට සමත්වීම නිසා සෙබස්ටියනයිට්ස්ට කඩුලු 7ක පහසු ජයක් අත්විය.

පොලීසිය පන්දුවාර 20 කදී කඩුලු 9ට ලකුණු 148 යි – නදීර බාලසූරිය33, චතුරංග කුමාර 23, දිල්හාර පොල්ගම්පල 22, චාමර සිල්වා 19, තරිඳු රත්නායක 18/4, සචිත ජයතිලක 22/2

සෙබස්ටියනයිට්ස් පන්දුවාර 17.5 කදී කඩුලු 3ට ලකුණු 150 යි (පන්දුවාර 17.5 යි) – සශ්‍රික පුස්සේගොල්ල 78, සාශා ද අල්විස් 41, මහේෂ් ප්‍රියදර්ශන 18/1

බි.ආර්.සී.කඩුලු 8කින් චිලව් මේරියන්ස් පරාජය කරයි

බී.ආර්.සී. නායක තිලකරත්න සම්පත් (43) සහ දුවිඳු තිලකරත්න 12/3, බී.ආර්.සී. ජයග්‍රහණයට විශේෂයෙන් දායක වූහ.

චිලව් මේරියන්ස් පන්දුවාර 18.2 කදී සියල්ල දැවී ලකුණු 98 යි – තරිඳු ජයසේකර 30, කමිඳු දිල්හාර 25, කසුන් විදුර 15, දුවිඳු තිලකරත්න 12/3, මල්ක මදුශංඛ 8/2

බී.ආර්.සී පන්දුවාර 16.1 කදී කඩුලු 2ට ලකුණු 99 යි – තිලකරත්න  සම්පත් 43, ලියෝ ෆ්‍රැන්සිස්කො නොදැවී 27, දුෂාන් හේමන්ත නොදැවී 17, අමිඳු තීක්ෂණ 18/2

එස්.එස්.සී. කඩුලු 8කින් සී.සී.සී පරාජය කරයි.

එස්.එස්.සී. නායක ෂම්මු අෂාන් ලකුණු 21කට කඩුලු හතරක් දවා පසුව නොදැවී ලකුණු 41ක් රැස් කර තුන් ඉරියව්වේම  පෙන් වූ දක්ෂතා එස්.එස්.සී. පිලට කඩුලු 8කක ජයක් ගෙන ඒමට  දායක විණි.

සී.සී.සී. පන්දුවාර 18.3 කදී සියල්ල දැවී ලකුණු 118 යි – නිමේෂ  ගුණසිංහ 36, අෂාන් ප්‍රියන්ජන් 48, ෂම්මු අශාන් 21/4, කළණ පෙරේරා 17/3, කේෂාන් විජේරත්න 18/2

එස්.එස්.සී. පන්දුවාර 16 කදී කඩුලු 2ට ලකුණු 122 යි  – නිපුන් ධනංජය නොදැවී 44, ලක්ෂිත මනසිංහ 31, ෂම්මු අශාන් නොදැවී 41, මාලින්ද පුෂ්පකුමාර 23/1, පවන්ත වීරසිංහ 22/1.

කොල්ට්ස් කඩුලු හයකින්  කැන්ඩි කස්ටම් පරාජය කරයි

කොල්ට්ස් කන්ඩායමේ චමෝද්  බැට්ටගේ (12/3) සහ සංගීත් කුරේ (නොදැවී 31) දක්ෂතා දැක්වීමට සමත්වීම කෝල්ට්ස් ජයග්‍රහණයට වැඩි දායකත්වයක් ලැබිණ.

කැන්ඩි කස්ටම් පන්දුවාර 13.5 කදී සියල්ල දැවී ලකුණු 85 යි  – සසිත් මනුරංග 33, සජිත් ප්‍රියාල් 14, නිම්න ප්‍රනාන්දු 10, චමෝද් බැට්ටගේ 12/3, අකිල ධනංජය 34/2, මුදිත ලක්ෂාන් 10/2

කොල්ට්ස් පන්දුවාර 10.2 කදී කඩුලු 4ට ලකුණු 89 යි – සංගීත් කුරේ නොදැවී 39, හෂාන් දුමිදු නොදැවී 18, තිමිර මල්ෂාන් 23/2

ටැමිල් යුනියන් කඩුලු හයකින් නිගම්බු පරාජය කරයි

ටැමිල් යුනියන් ලකුණු 138 ක ඉලක්කයක් කරා යද්දි ටැමිල් යුනියන් කන්ඩායමේ නායක සධීර සමරවික්‍රම පන්දු 46කදී හතරේ පහරක් සහ හයේ පහරක් සමග නොදැවී ලකුණු 52ක් රැස් කරමින් ජයග්‍රහණයට අඩිතාලම දැමීය.

නිගම්බු පන්දුවාර 20 කදී කඩුලු 6 ට ලකුණු 137 යි  – දිල්ෂාන් මුනවීර 42, අමෝද් විදානපතිරණ 38, දිමුත් සඳරුවන් 14, දිලුම් සූධීර 24/2

ටැමිල් යුනියන් පන්දුවාර 17.4 කදී කඩුලු 2ට ලකුණු 142  යි – සධීර සමරවික්‍රම නොදැවී 52, සුපුන් කාවින්ද 25, රවිඳු ප්‍රනාන්දු නොදැවී 20, සිතාර හපුහින්න 16, දිල්ෂාන් මුනවීර 28/2

Related posts

පළමු දිනයේදීම සිව් දෙනෙකු ශතක වාර්තා කරති

Chamila Karawita

New Coaching appointments of SLC’s Coaching Unit

Web Admin

‘ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික සංවර්ධන ගමන් මග’ යටතේ කලුතර සහ ගම්පහටත් ක්‍රිකට් ආම්පන්න

Chamila Karawita