Australia tour of Sri Lanka 2022 Featured Media Centre News

නුවනිඳු සහ මතීෂට ජාත්‍යන්තර දොරගුළු විවර වෙයි

By Chamila Karawita

සංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ජුනි 07 වැනිදා සිට ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක ක්‍රීඩකයින් දෙපළක් වන නුවනිඳු ප්‍රනාන්දු සහ මතීෂ පතිරණව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද (01 දා) පියවර ගෙන තිබේ.

නිමාවට පත් වුණු නැෂනල් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතා දැක්වූ විසිදෙහැවිරිදි නුවනිදු ප්‍රනාන්දු, මේ දිනවල නැගී එන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරය යටතේ දක්වන ලද දක්ෂතා සැලකිල්ලට ගනිමින් ජාතික සංචිතයට එක්වීමට අවස්ථාව උදා කර ගනිද්දී, අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන කාලයේ සිටම ලසිත් මාලිංගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවමින් දක්ෂතා දැක්වීමට සමත්වූ දහනව හැවිරිදි මතීෂ පතිරණද තේරීම් කමිටුමේ විශ්වාසය දිනාගෙන තිබේ.

නැගී එන කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයට සහභාගිව සිටින නුවනිඳු ‌ග්ලොස්ටර්ෂයර් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 126 ක් සහ සිව්දින තරග වලදී අර්ධ ශතක 2 ක් රැස් කරමින් දස්කම් දැක්වීමට සමත්වූවේය. ඊට අමතරව නිමාවට පත්වුණු නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ දක්ෂතම පිතිකරුවා බවට පත්වුයේද නුවනිඳු ප්‍රනාන්දුය. ‌වර්තමාන ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන විශ්ව ප්‍රනාන්දුගේ බාල සහෝදරයා වන නුවනිඳු මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහලින් ක්‍රිකට් පිටියට අත්පොත් තබා තිබේ.

ත්‍රිත්ව විදුහල නියෝජනය කරනු ලබන මතීෂ පතිරණ සතු අසාමාන්‍ය ඉරියව්වේ දක්ෂතාම නිසාම පාසල් අවධියේ සිටම ජාතික ක්‍රීඩකයින් නියෝජනය කරනු ලබන මෙරට ප්‍රධානතම ක්‍රිකට් තරගාවලි නියෝජනය කිරීම සඳහා වරම් ලබා දීමට තේරීම් කමිටව ක්‍රියා කරනු ලැබීය. ඒ අනුව ඔහුගේ පළමු පළමු පෙළ තරගාවලිය වූයේ ඉකුත් 2021 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පල්ලකැලේ පවත්වන ලද ආරාධිත කණ්ඩායම් අතර විස්සයි-20 තරගාවලිය විය. දිනෙන් දින ලද ආකර්ශනය හේතුවෙන් ඔහුව ඉකුත් දා නිමාවට පත් වුණු අයි.පී.ඒල්. තරගාවලියේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට තෝරා ගනු ලැබූ අතර එහිදී පළමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ඔහු සමත්විය. එවැනි දස්කමක් සිදුකරන ලද අයි.පී.එල්. සමාජයේ 9 වැනි පන්දු යවන්නා ලෙසින් මතීෂ ඉතිහාස ගත විය. තරගාවලි අවසානයේ හිටපු සුපිරී ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනි පවා මතීෂගේ පන්දු යැවීම පිළිබඳව ඉතා ප්‍රශංසා මුඛයෙන් අදහස් දක්වා සිටීමද සුවිශේෂී සිදුවීමකි.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂවද යළි කැඳවීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු වර්තමාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශාරීරික යෝග්‍යතාවය අසමත්වීම හේතුවෙන් භානුක රාජපක්ෂට 2021 වසරේ සැප්තැම්බර් මසදී පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ දොරගුළු වැසිණ.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම සඳහා භානුක රාජපක්ෂවද යළි කැඳවීමට ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුතු වර්තමාන තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. ශාරීරික යෝග්‍යතාවය අසමත්වීම හේතුවෙන් භානුක රාජපක්ෂට 2021 වසරේ සැප්තැම්බර් මසදී පැවැති දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවීමෙන් අනතුරුව ජාතික කණ්ඩායමේ දොරගුළු වැසිණ.

මේ අතර ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදි විස්සයි-20 තරගාවලියේ කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ දිනේෂ් චන්දිමාල්ව මෙම තරග සංචාරයට ඇතුළත් කර නොමැති අතර කඩුලු රැකීමේ කාර්යය කුසල් මෙන්ඩිස් වෙත පැවරී තිබේ. දේශීය තරග පිටියට අමතරව ජාත්‍යන්තර තරග කීපයකදීම කුසල් කඩුලු රකින්නකු ලෙස කටයුතු කර තිබේ. මේ අතර දෙවැනි කඩුලු රකින්නාගේ වගකීම භානුක රාජපක්ෂට පැවැරී තිබේ.

ඊට අමතරව 2021 වසරේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන කණ්ඩායමට එක්වුවද ආබාධයක් හේතුවෙන් අවසන් මොහොතේ කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවුණු තුන් ඉරියව් ක්‍රීඩක ළහිරු මධුශංකටද යළි කණ්ඩායමට එක්වීම සඳහා අවස්ථාව ලබා දී තිබේ. වේග පන්දු යවන්නකු ලෙසින් කටයුතු කිරීමට අමතරව මැද පෙලින් පැමිණ දැවැන්ත පහර එල්ල කරමින් වේගයෙන් ලකුණු කරා යෑමට ළහිරු එකසේ දක්ෂතා දක්වන්නෙකි.

මීට අමතරව ඉන්දීය තරග සංචාරයට සහභාගිවුණු ක්‍රීඩකයින්ට අමතරව කසුන් රාජිත, නුවන් තුෂාර, රමේෂ් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන්ට ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියට ඒක්වීමේ අවස්ථාව උදාවී තිබේ.

ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායම – දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, නුවනිඳු ප්‍රනාන්දු, ළහිරු මදුශංක, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, කසුන් රජිත, නුවන් තුෂාර, මතීෂ පතිරණ, රමේෂ් මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, ප්‍රවීන් ජයවික්‍රම, ලක්ෂාන් සඳකැන්.

අතිරේක – ජෙෆ්රි වැන්ඩර්සි, නිරෝෂන් දික්වැල්ල.

Related posts

SLC’s LPL second edition unfolds

Web Admin

කාන්තා ක්‍රිකට් ශක්තිමත් කරන්න 21 න් පහළ සංචිතයක්

Chamila Karawita

SL Emerging Team collapse as SA Emerging Team wins by 28 runs

Web Admin