Australia tour of Sri Lanka 2022 Featured Media Centre News

ඕෂධ යළිත් කොරෝනා ආදේශකයා වෙයි

ඔස්ට්‍රේලියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය අතරතුරදී ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් වෛරසය ආසාධනය වී තිබේ. සිදුකරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් පසු ඔහුට වෛරසය ආසාධනය වී තිබෙන බව දැන ගත් වහාම ශ්‍රී ලංකා පිල නවා තැන් ගෙන සිටින හෝටලයෙන් වහාම වෙනත් හෝටලයක් වෙත පැතුම්ව මාරු කර යැවීමට පියවර ගෙන තිබේ.

පැතුම්ගේ සේවය කණ්ඩායමට අහිමිවීම නිසා ආදේශක ක්‍රීඩකයා ලෙස ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට එකතුවන අතර දෙවැනි ඉනිමේදී ඔහුට පන්දුවට පහර දීමේ අවස්ථාව හිමිවනු ඇත. පළමු ටෙස්ට් තරගය අතරතුරදී ඇන්ජලෝ මැතිව්ස්ට කොරෝනා ආසාධනය වීම නිසා ඕෂධට කණ්ඩායමට එක්වීමට අවස්ථාව උදාවුවත් ඔහුට රැස් කරගත හැකි වූයේ ලකුණු 12 ක් පමණි.

Related posts

SLC invite Alex Marshall to probe match fixing allegations

Web Admin

ස්ටැලියන්ස් අභියෝගයට වයිකින්ස්ගෙන් වෙනස්ම සැලසුමක්

Web Admin

සිව්දින තරගයේ දෙවැනි දිනත් වැස්ස නිසා අහිමි වෙයි

Chamila Karawita