Featured Media Centre News SLC Invitational T20 League

චමීර සහ කුමාර විවේක ගන්වයි

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (08 දා) ආරම්භ වුණු ආරාධිත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායම් කීපයක ක්‍රීඩකයින්ගේ සුලු වෙනස්කම් කීපයක් සිදුකර තිබේ.

ඒ අනුව මීට පෙර කණ්ඩායමකට ඇතුළත් නොකර සිටි ජනිත් ලියනගේව ග්‍රීන්ස් කණ්ඩායමට ඇතුළත් කර ද්දී ග්‍රීන්ස් පිලට නම් කර සිටි වමත් වේග පන්දු යවන ඩිල්ෂාන් මදුශංක බ්ලූස් කණ්ඩායම වෙත මාරු කර තිබේ.

මේ අතර අසිත ප්‍රනාන්දුව කුසල් මෙන්ඩිස් නායකත්වය දරනු ලබන රෙඩ්ස් කණ්ඩායමටද ඇතුළත් කරද්දී බ්ලූස් කණ්ඩායමට ඇතුළත්ව සිටි ළහිරු කුමාර සහ රෙඩ්ස් කණ්ඩායමට ඇතුළත්ව සිටි දුෂ්මන්ත චමීරව මෙම තරගාවලියේදී ආබාධ නිසා විවේක ගැන්වීමට ‌ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

Related posts

ශ්‍රී ලංකාව ඉක්මනින් ලකුණු රැස් කරයි

Chamila Karawita

පළමු වතාවට ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව විස්සයි-20 තරගාවලි ජයක් ලබයි

Chamila Karawita

ශ්‍රී ලංකා ටෙස්ට් පිල බංග්ලාදේශයට

Chamila Karawita