Featured Media Centre News Super 4 Womens Cricket

ප්‍රධානම කාන්තා තරාවලියට කණ්ඩායම් නම් කෙරෙති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් මෙරට පවත්වනු ලබන ප්‍රධානතම ජාතික තරගාවලිය බවට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් සුපිරි කණ්ඩායම් 4 අතර තරගාවලිය සඳහා වන කණ්ඩායම් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම මස 16 වැනිදා ආරම්භ වන මෙම තරගාවලියේදී බ්ලූස්, ගීන්ස්, ග්‍රේස් සහ රෙඩ්ස් යන කණ්ඩායම් තරග වදිති.

පන්දුවාර 50 තරගාවලියක් ලෙසින් පැවැත්වෙන මෙම තරගාවලියේදී බ්ලූස් කණ්ඩායම සත්‍යා සංදීපනී විසින්ද, ග්‍රීන්ස් කණ්ඩායම කවීෂා දිල්හාරි විසින්ද, ග්‍රේස් කණ්ඩායම හර්ෂිතා සමරවික්‍රම විසින්ද සහ රෙඩ්ස් කණ්ඩායම නිලක්ෂි ද සිල්වා මෙහෙයවනු ලබති.

මෙම රගාවලියේදී ප්‍රධාන පුහුනුකාරියන් ලෙස කාන්තා පුහුණුකාරිණියන් පත් කිරීමද කැපී නෛයි. මෙහි විශේෂත්වය වන්නේ ඔවුනට සහයෝගය ලබා දීම වෙනුවෙන් පුහුණු උපදේශකවරුන් සිව් දෙනෙකුද පත්කර තිනෙ අතර, ලංකා ද සිල්වා, දිනුක් හෙට්ටිආරච්චි, රුමේෂ් රත්නායක සහ මලින්ද වර්ණපුර ඔවුහු වෙති.  

Related posts

දෙවැනි ටෙස්ට් තරගයට පෙර කාගිසෝ රබඩා දකුණු අප්‍රිකානු පිලට

Chamila Karawita

ලෝක ටෙස්ට් ශූරතාවලියේ පළමු සටනට කොදෙව්වෝ ලංකාවට එති

Chamila Karawita

ක්‍රිකට් සම්මාන ප්‍රදානයේදී චමරිට සම්මාන 4 ක් වෙන් වද්දී මාලිංග සහ තිසර ද්විත්ව සම්මාන දිනති

Web Admin