ICC T20 World Cup 2022 Media Centre News
ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ එකම පැතුම ජනතාවට සතුටක් දීමයි - භානුක රාජපක්ෂ 

රටේ පවතින තත්ත්වය අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අපේක්ෂාව සැමවිටම ජනතාවට සතුටක්දීම බව ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ඒ වෙනුවෙන් කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් විශාල උනන්දුවකින් පසුවන බව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී හෙට (5) එංගලන්තය සමග පැවැත්වෙන තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවේදී භානුක රාජපක්ෂ පැවැසීය.

ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහභාගීවන අවසන් තරගය හෙට සිඩ්නි ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පස්වරු 1.30ට ආරම්භවීමට නියමිතය. මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය වාර්තා කළහොත් ප්‍රසාද ලකුණු සටහනේ ශ්‍රී ලංකා නාමය ඉදිරියේ ලකුණු 6ක් වාර්තා වේ. 

 “ආසියානු කුසලානයට යද්දී ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වුණා අපේ ජයග්‍රහණය. අපි කුසලානය දිනා ගත්තා. ඒ වගේම ඔස්ට්‍රේලියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී දසුන් ශානක එල්ල කළ ප්‍රහාර හා අපේ ක්‍රීඩකයන් දැක්වූ දක්ෂතා අනුව හොද විශ්වාසයක් ගොඩ නැගුණා. හැම තිස්සෙම අපි කල්පනා කළේ රටේ තියන ආර්ථික ප්‍රශ්න එක්ක ජනතාවට සතුටක් ගෙන දෙන්න. ඔස්ට්‍රේලියාවේ දේශගුණික තත්ත්වය වෙනස්. අපේ අතින් ක්‍රීඩාවේදී යම් යම් වැරදි වුණා. එවැනි දේ තරගවලදී වෙන්න පුලුවන්. නමුත් අපේ යොවුන් ක්‍රීඩකයෝ අද දක්වන දක්ෂතා අනුව අනාගතය පිළිබඳ සතුටු වෙන්න පුලුවන්. අපේ පන්දු යවන්නන් ආබාධවලට ලක්වීම විශාල පාඩුවක් වුණා. මේ වගේ දැවැන්ත තරගාවලියකදී එවැනි දේ බලපානවා“ භානුක රාජපක්ෂ පැවැසීය. 
 
“එංගලන්තය සමග තරගය ඉතාම වැදගත්. තරගාවලියකදී කවුද දිනන්නේ කියා කලින් කියන්න අමාරුයි. නමුත් ඔස්ට්‍රේලියාව ඇෆ්ගනිස්තානය හමුවේ පරාජයවී එංගලන්තය සමග තරගය අප ජයගතහොත් අවසන් පූර්ව වටයට යන්න පුලුවන්“ භානුකගේ අදහස විය. භානුක එසේ සඳහන් කර සිටියද ශ්‍රී ලංකා පිලේ ඉදිරි ගමන තීරණය වන තීරණාත්මක ඇෆ්ගනිස්තානයට එරෙහි තරගය ජය ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය. 
මෙ ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම් අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට ිවිසීමේ අවස්ථාව අහිමි ව තිබේ. 
කෙසේ වෙතත්සී හෙට තරගය ශ්‍රී ලංකා පිලට එක් තරගයක් බවට පත් වුවත් එංගලන්ත කණ්ඩායමේ ඉදිරි ගමන හෙට තරගයේ ප්‍රතිඵලය මත තිරණය වේ. යම් හෙයකින් හෙට තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අසමත් වුවහොත් ඔවුනට අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවේ. එංගන්තයට එසේ වද්දී හෙට තරගය ඔස්ට්‍රේලියානුවන්ගේගේ වැඩි අවධානයක් යොමු වන තරගයක් බවට පත්ව තිබේ. ඒ මන්ද යත් හෙට තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගතහොත් පමණක් අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ අවස්ථාව ඔවුන්ට උදාවීමයි. හෙට තරගයෙන් එංගලන්ත පිල ජය ගතහොත් සත්කාරක රට වුවද අකමැත්තෙන් වුවද ශ්‍රී ලංකාවට මෙන්ම ඔස්ට්‍රේලියාවටද අවසන් පූර්ව තරග වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවනු ඇත. 

“ සිඩ්නි පිටිය ඳග පන්දු යවන්නන් ට උචිත විකට් එකක්. පන්දුව ටිකක් කැපෙනවා. දග පන්දු යවන්නන් වැඩි පුර යොදා ගන්නවාද කියන එක විකට් එක බලලා තීරණය කරයි. අපට කොහොමටත් අමතර දඟ පන්දු යවන්නෙකු ලෙස ධනංජය ඉන්නවා. වේග පන්දු යවන්නන්ටත් විකට් එක හොද වෙයි. දඟ පන්දුව හා වේග පන්දුව යන දෙපැත්තම ගැන හිතලා අපි සැලසුම් කළ යුතුයි“ 

“එංගලන්තයට එරෙහිව අපට අවශ්‍යයි හොද තරගයක් දෙන්න. මොකද ඉදිරි තරගාවලි සදහා හොද මානසික තත්ත්වයක් එයින් ගොඩ නැගෙනවා. එංගලන්තය හොද කණ්ඩායමක්. නමුත් එංගලන්තය සමග තරගය අපට ජයගන්න පුලුවන්. ඔවුන්ගේ පුහුණුකරු ඉන්නේත් අපි එක්ක. අපි පොදු උපක්‍රම තමයි භාවිතා කරන්නේ. සාමාන්‍ය විදිහට ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය උපක්‍රම භාවිතා කරනවා“ භානුක රාජපක්ෂ මාධ්‍ය ඉදිරියේ සදහන් කළේය.

Related posts

ආරාධිත විස්සයි-20 ලීග් සටනට සියල්ල ලෑස්තියි

Chamila Karawita

අයහපත් කාලගුණය තෙවැනි දිනට බාධා කරයි

Chamila Karawita

Noteworthy performances from both camps

Web Admin