මාධ්‍ය නිවේදනය
ලෝක කුසලාන ක්‍රිකට් තරාගාවලියේ අවසානයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ජාත්‍යන්තර තරගාවලිය ලෙසින් යෙදී තිබෙන බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය ලබන මස 26 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.
එක්දින තරග 3 කින් සමන්විත එම තරගාවලිය සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබන 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර දින 10 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇත. ලබන මස 26, 28 සහ 31 යන දිනයන්හි පැවැත්වීමට නියමිත මෙම තරග තුනම දිවා/රාත්‍රී තරග වශයෙන් පැවැත්වෙනු ඇත.
මෙම තරගාවලියේ සියළුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර සංචාරක කණ්ඩායම එම තරගාවලිය නිමවා බංග්ලාදේශ කණ්ඩායම ලබන අගෝස්තු මස 01 වැනිදා නැවතත් පිටත්ව යෑමට නියමිතව තිබේ.
තරග කාල සටහන
ජූලි 26 – පළවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 28 – දෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ජූලි 31 – තෙවැනි එක්දින තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
අගෝස්තු 01 – බංග්ලාදේශ පිල පිටත්ව යෑම
මාධ්‍ය ඒකකය – ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය