slc
Home   |    News
ජූලි 11, 2019
නැගී එන තුන්කොන් සටනේ ශ්‍රී ලංකාව අවසන් මහ සටනට

admin

ඉදිරි ක්‍රිකට් ගැන වාස්ගෙන් ඉඟියක්

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරය යටතේ පැවැත්වෙන නැගී එන කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත්ව සිටියි. චරිත් අසලංකගේ නායකත්වයෙන් යුතුව මෙම තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ මූලික වටය යටතේ සහභාගිවූ තරග 6 න් 4 ක් ජය ගනිමින් ලබන 14 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගය සඳහා ඉඩකඩ වෙන් කර ගත්හ.

ශ්‍රී ලංකාවට අමතරව තරගාවලිය නියෝජනය කරනු ලබන දකුණු අප්‍රිකානු නැගී එන කණ්ඩායම සහ එරට සරසවි ක්‍රීඩා කණ්ඩායම මූලික වටය යටතේ සහභාගි වුණු තරග 5 න් ජයග්‍රහණ 2 බැගින් ලබා සිටින නමුත් අවසන් මහ තරගයේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන්නේ කවුරුන්ද ඔවුන් අතර අද  (11 දා) පැවැත්වෙන තරගයෙන් අනතුරුව තීරණය වනු ඇත.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ජයග්‍රහණ අතර දකුණු අප්‍රිකානු සරසවි ක්‍රීඩා කණ්ඩායමට සමඟ මූලික වටයේ අවසන් තරගය හැඳින්විය හැක. එම තරගයේදී ජයග්‍රහණය සදහා ලකුණු 296 ක දැවැන්ත ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිවූ නමුත් එය හඹා යෑමේදී 44 වැනි පන්දුවාරය අවසාන වත්ම අයහපත් ආලෝක තත්ත්වය මත තරගය නතර කර දැමිණි. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම පන්දුවාර සංඛ්‍යාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය බවට පත්ව තිබුණේ ලකුණු 242 ක් වන නමුත් ඒ අවස්ථාව වන විට කඩුලු 5 ක් දැවී ලකුණු 262 ක් රැස් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව සිටි හෙයින් ලකුණු 21 ක ජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ම ලකුණු 04 ක් ඇතුළත බිඳ වැටී තිබියදී සුවිශේෂී ඉනිමක් දියත් කළ පැතුම් නිස්සංක පන්දු 104 කදී ලකුණු 104 ක් ලබා ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමට ජයග්‍රහණය සඳහා වූ ප්‍රධාන අඩිතාලම නිර්මාණය කර දීමට සමත්වූවේය. හයේ පහරකින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කරගත් හුරුබුහුටි දකුණත් පිතිකරුවා ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගාවලියේ ශතකයක් ලද පළමු සහ එකම පිතිකරුවා බවට පත්විය. ඔහුට අමතරව කණ්ඩායම් නායක චරිත් අසලංක පන්දු 94 කදී ලකුණු 91 ක් ලබා තෙවැනි කඩුල්ල වෙනුවෙන් නිස්සංක සමඟ ලකුණු 137 ක් එක් කිරීමටද දායක විය.

තරගාවලිය පුරාම පිතිකරුවකු ලෙස සාර්ථක වුණු නායක අසලංක ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලද පිතිකරුවා බවට පත්ව සිටියි. තරගාවලියේ වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර තෙවැනි තැන හිමිකර ගෙන සිටින අසලංක මෙතෙක් පැවැති තරග 6 දී අර්ධ ශතක 2 ක්ද සමගින් ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 35.83 ක් රඳවා තබා මුළු ලකුණු 215 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ. පන්දු යවන්නන් අතරින් කැපී පෙනෙන අසිත ප්‍රනාන්දු තරග 5 කදී කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 19.45 ක් රඳවා ගනිමින් කඩුලු 11 ක් බිඳ හෙළීමට සමත්ව සිටින අතර එය මෙතෙක් තරගාවලියේ පන්දු යවන්නකු ලබා ඇති වැඩිම කඩුලු සංඛ්‍යාව ලෙසින්ද සටහන් වේ.

සිය කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශය සමඟ සම්බන්ධ වෙමින් අදහස් දැක්වූ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චමින්ද වාස් මහතා සඳහන් කර සිටියේ තම කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් හොඳ දක්ෂතා දක්වමින් සිටින බවත් එය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතය සුබ දායක වන බවත්ය.

මේ අතර අවසන් තරගය පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා, “අපි ක්‍රීඩා කරපු හොඳ තරගයක් ඒක. කළින් අපි ක්‍රීඩා කරපු තරගයෙදි අඳුරු කාලගුණ තත්ත්වය ආපු නිසා අපි දැනගෙන හිටියා මේ තරගයේදීත් ඒ දේම වෙන බව. ඒ අනුව අපි ලකුණු ලබා ගැනීමේ වේගය ටිකක් වැඩියෙන් තියාගෙනයි පන්දුවට පහර දුන්නේ. තරගය ජය ගැනීම සඳහා අපි සැලසුම් සියල්ල සාර්ථක වුණා”යි වැඩිදුරටත් පැවැසීය.

ප්‍රසාද ලකුණු සටහන
කණ්ඩායම තරග ජය පරාජ දල ලකුණු ප්‍රසාද ලකුණු
ශ්‍රී ලංකා නැගී එන පිල 6 4 2 0.123 17
දකුණු අප්‍රිකානු නැගී එන පිල 5 2 3 0.541 09
දකුණු අප්‍රිකානු සරසවි පිල 5 2 3 -0.656 8

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest