slc
Home   |    News
ජූලි 11, 2019
ලෝක කුසලානයෙන් ඉන්දියාව ඉවතට

admin

Thanathillen-Eha_3

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කුසලානය දිනාගනු ඇතැයි අපේක්ෂා කළ ප්‍රබලම කණ්ඩායමක් වන ඉන්දියාව අඟහරුවාදා (10) නවසීලන්තය වෙතින් තියුණු තරගයකට පසුව ලකුණු 18කින් පරාජයට පත් වීමත් සමග ඉන්දීය කණ්ඩායමට ද තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිණි. ඉන්දියාව ඉවත්වීමත් සමග ආසියානු රටවල් සියල්ලේම සහභාගිත්වයද නිමාවට පත්විය.

අයහපත් කාලගුණය මත දින දෙකක පැවැති මෙම තරගයේදී නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 239ට පිළිතුරු ලෙසින් ඉන්දියාවට ඕවර 49.3කදී සියලු පිතිකරුවන් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 221කි.

ඉන්දියාව ලකුණු 240ක පහසු ඉලක්කයක් හඹායද්දී ඕවර දහයක් නිමාවන විට ප්‍රබලම පිතිකරුවන් සිව්දෙනා (කේ.රාහුල් 01, රොහිට් ෂර්මා 01,විරාට් කෝලි 01 හා දිනේෂ් කාතික් 06යි) මුළු ලකුණු 24වන විට දැවී යාමෙන් කණ්ඩායම පත්වූයේ දැඩි අසීරු තත්ත්වයකටය. මෙයින් කඩුලු තුනක්ම දවාලූ මැට් හෙන්රි තරගයේ වීරයා ලෙස නම් කැරිණි.

ඉන්දියාව ඕවර 23කදී ලකුණු 92කට කඩුලු හයක් දැවී සිටියදී හත්වන කඩුල්ලට එක්වූ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි සහ රවීන්ද්‍ර ජඩෙජා ඕවර 17ක් තුළ ලකුණු 116ක් රැස්කරමින් මලානිකව සිටි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේ ඉන්දීය ප්‍රේක්ෂකයනට ජීවයන් ලබාදුන්නේ ජයග්‍රහණ බලාපොරොත්තු ද ඇති කරමිනි. මේ අවස්ථාවේ ජඩෙරා, බෝල්ට්ගේ පන්දුවකට නායක විලියම්සන්ට උඩපන්දුවක් දී ලකුණු 77කට (පන්දු 59යි හතරේ 4යි හයේ 4යි) දැවීයාමෙන් පසු නවසීලන්තයට නැවත තරගයට අවතීර්ණය වීමට අවස්ථාව උදාවිණි. ඉන්දීය කණ්ඩායමේ ලෝක කුසලාන අවසාන බලාපොරොත්තුව නිමාවට පත්වූයේ ලකුණු 50ක් ලබා සිටි දෝනි මුළු ලකුණු 218දි ලකුණක් කරා යද්දී මාටින් ගප්ටිල් දක්ෂ අයුරින් පන්දුව කෙළින්ම කඩුල්ල වෙත එවමින් දෝනිගේ ඉනිම නිම කළේ දුවද්දී දැවීමට හසුකරමිනි. දෝනි ලකුණු 50 ලැබුවේ හතරේ පහරක් හයේ පහරක් සමගය.

නවසීලන්තය පන්දුවට පහර දෙන අවස්ථාවේ ද ආරම්භාය් සිටම ලකුණු රැස්කළේ අපහසු තත්ත්වයකිනි. මෙහිදී හෙන්රි නිකල්ස් සහ නායක කේන් විලියම්සන් දෙවන කඩුල්ලට ලකුණු 68ක්ද (ඕවර 15) තෙවන කඩුල්ලට විලියම්සන් හා රොස් ටේලර් ලකුණු 65ක් ද (ඕවර 17) රැස්කළහ. විලියම්සන් ලකුණු 67 ක්ද (පන්දු 95යි හතරේ හයයි) ටේලර් ලකුණු 74ක් (පන්දු 90යි හතරේ තුනයි හයේ එකයි) හා හෙන්රි නිකලස් ලකුණු 28යි (පන්දු 51යි හතරේ 2යි) නවසීලන්තයේ වැඩිම ලකුණු ලැබූ පිතිකරුවෝය.

ලකුණු පුවරුව.

  • නවසීලන්තය කඩුලු 8ට 239යි.

රොස් ටේලර් 74, කේන් විලියම්සන් 67යි, හෙන්රි නිකල්ස් 28යි, බුවනේෂ්වර් කුමාර් 43ට 3, ජඩෙජා 34ට 1යි.

  • ඉන්දියාව ඕවර 49.3 දී 221යි.

ආර්.ජඩෙජා 77,එම්.දෝනි 50,හර්දික් පාන්ඩ්‍යා 32, රිෂාබ් පාන්ට් 32, ට්‍රෙන්ට් බෝල්ට් 42ට 2, මැට් හෙන්රි 37ට 3යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • නිමේෂ් විමුක්තිට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවර වෙයි
    දකුණු අප්‍රිකානු ‘ඒ’ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ හෙට (03 දා) ආරම්භ වන තරග 3 කින් සමන්විත නිල නොවන එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා […]
  • පළමු ශතකය උපුල් තරංගගෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය යටතේ ප්‍රථම ශතක ලාභියා බවට පත්වීමට  එන්. සී. සී. කණ්ඩායමේ උපුල් තරංග අද (02 දා) සමත්වූවේය. […]
  • ඇෆ්ගනිස්තානය එක්දින තරගාවලියේ පෙරමුණට
    පසුගිය වසර කීපය පුරාවටම පිතිකරුවන් දක්වන ලද අසාර්ථක භාවය අද (02) දිනයේදිත් පෙන්නුම් කිරීම නිසා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ඇෆ්ගනිස්තානය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම […]
  • ශ්‍රී ලංකාවෙන් ලකුණු 269 ක ඉලක්කයක්
    මුල් පෙළ පිතිකරුවන් අසාර්ථක්තවයට පත් වුවද පස්වැනි කඩුල්ලට එක් වුණු චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා ගොඩනංවන ලද ලකුණු 99 ක සම්බන්ධතාව පෙරමුණු කොට ඇෆ්ගනිස්තානයට එරෙහිව හම්බන්තොට මහින්ද […]
  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
USD United States (US) dollar

Pin It on Pinterest