slc
Home   |    News
අගෝස්තු 24, 2019
කඩුලු 250ට ඉක්මනින්ම යාමට බෝල්ට් යෙදූ උපාය

Sri Lanka Cricket

නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් කණඩායම වෙනුවෙන් කඩුලු 250 ඉක්මවු තෙවැන්නා බවට ආරම්භක පන්දු යවන ට්‍රෙන්ට් බෝල්ට් (සිකුරාදා) පත්වූයේ වනාතමුල්ල සරවනමුත්තු ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකා නවසීලන්ත තරගයේ මුල් ඉනිමේදී ශ්‍රී ලංකා හිටපු නායකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් දවාලීමෙනි.

බොල්ට්ගේ මේ දක්ෂතාවය තනිකරම “ශාරීරික යෝග්‍යතාව සහ සරල පන්දු යැවීමේ ක්‍රමය” මතම රැදී පවතින බව ඔහුගේ පන්දු යැවීමේ පුහුණුකරු ෂේන් ජර්ගන්සන් පවසයි. ක්‍රිකට් ක්‍රීඩාවේ ටෙස්ට්, එක්දින සහ 20-20 අංශ තුනෙන්ම දීර්ඝ කළක් නිරන්තරයෙන් එකහාසමානව දක්ෂතා දැක්වීමට ට්‍රෙන්ට් බෝල්ට්ට අවස්ථා උදාවූයේ තම ශාරීරික යෝග්‍යතාව වෙනුවෙන් ඔහු කරන කැපවීමයි.

උප මහ ද්වීපයේ අඩුවේග තණතිලි හෝ එංගලන්ත ඕස්ට්‍රේලියා දකුණු අප්‍රිකා වේග තණතිලි වැනි ඕනෑම රටක කුමන ආකාරයක හෝ තණතිල්ලක් සැපයූවත් ඒවායේ කඩුලු ලබා තමා ලොව හොඳම පන්දු යවන්නෙකු බව හේ ඔප්පු කර ඇතැයි ඔහුගේ පුහුණුකරු ෂේන් පවසයි. වැඩි වෙහෙසක් නොගෙනම තණතිල්ලේ නියමිත ස්ථානයටම පන්දුව පතිත කිරීමට ඔහු නිතරම වග බලා ගන්නා බවද පුහුණුකරු කියයි.

අමුතුම රිද්මයක්, ශක්තියක් සහ විලාසිතාවක් අනුවයි ඔහු පන්දු යවන්නේ. ඒ සඳහා තරගයෙන් පිටතදී ඔහු විශාල කැපවීමක නිරතවනවා. ඔහු තුළ වෙනත් ක්‍රීඩකයන් තුළ දක්වට නොමැති ශක්තියක් ඇත. ඒ සඳහා නිතරම ඔහු කැපවීමෙන් ශාරීරික ව්‍යායාමයන්හි නිරතවනවා.ට්‍රෙන්ට්ගේ සාර්ථකත්වයට හේතුව එයයැයි ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් තරගයේ දෙවන දින තරගය නතර කිරීමෙන් පසුව පුහුණුකරු ප්‍රකාශ කළේය. ට්‍රෙන්ට් බෝල්ට්ගේ මේ පන්දු යැවීම මදක් ශ්‍රීමත් රිචඩ් හැඩ්ලිගේ පන්දු යැවීමට සමානවේ. මොහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් රැසක්ම නියෝජනය කර ඇති ඔවුනට නැතිවම බැරි ක්‍රීඩකයෙකි.

1989 ජූලි 22 වැනිදා උපත ලද ට්‍රෙන්ට් ඇලේක්සැන්ඩර් බෝල්ට් වමතින් වේගපන්දු යවන්නෙකු ලෙස ලොව ප්‍රචලිතය. පන්දුව දෙපසටම දෝලනය කිරීමට සමත් මොහු නවසීලන්තය වෙනුවෙන් ටෙස්ට් එක්දින හා 20-20 තරගාවලි තුනේම දස්කම් පා ඇත. ටෙස්ට් කඩුලු 250 ලැබූ නවසිලන්තයේ තුන්වන පන්දු යවන්නා මොහුවේ. ඔහුට ඉදිරියෙන් සිටින්නේ රිචඩ් හැඩ්ලි (431) සහ ඩැනියෙල් විටෝරිය. (361) ට්‍රෙන්ට් බෝලට් ටෙස්ට් තරග 63කදී කඩුලු 250ක්ද (සාමාන්‍ය 27.5) එක්දින තරග 89කදී කඩුලු 164ක්ද (සාමාන්‍ය 25.1) 20-20 තරග 25කදී කඩුලු 37ක්ද ලබා සිටී. පසුගිය ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 17ක් ලබා වැඩිම කඩුලු ලැබු අටවැන්නා බවට පත්විය.

බෝල්ට් සමග අනෙක් කෙළවරෙන් පන්දු යවන ටිම් සවුදි දැනට ටෙස්ට් තරග 67කදී කඩුලු 247ක් ලබා සිටී. මොවුන් දෙදෙනා අතර හොද සබදතායක්ද පවතී.

බන්දුල මොල්ලිගොඩ.

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest