slc
Home   |    News
සැප්තැම්බර් 6, 2019
ජයග්‍රාහී ප්‍රවේශයකින් ශ්‍රී ලංකා යොවුන් පිල වැඩ අරඹයි

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ යොවුන් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේද අද (06 දා) පැවැති තරගයෙන් නේපාල පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 5 ක ජයක් අත්කරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියට ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගත්හ. ජයග්‍රහණය සඳහා ලකුණු 159 ක ඉලක්කයක් හඹා ගිය නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමින් ඉලක්කය සපුරා ගන්නා විට තවත් පන්දු 50 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නේපාල කණ්ඩායම නව වැනි පන්දුවාරය ක්‍රියාත්මක වීමත් සමඟ තරගයට වර්ෂාවෙන් බාධා ඇතිවිය. ඒ අනුව ඉනිමක් පන්දුවාර 42 කට සීමා වෙමින් පැවැති තරගයේදී නේපාල පිල නියමිත පන්දුවාර 42 ක අවසනදී කඩුලු 9 ක් දැවී ලකුණු 159 ක් ලබා ගැනීමට සමත් විය. එම ලකුණු සංඛ්‍යාව ඩක්වර්ත් ලුවිස් න්‍යායට සංසන්දනය කරන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කයද ලකුණු 159 ක් ලෙසින් සටහන් වීම කැපී පෙනිණ.

තිස්තුන් වැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී ශ්‍රී ලංකා ජයග්‍රහණය සනාථ වද්දී අවිශ්ක තරිඳු ලකුණු 25 ක් සහ චමිඳු විජේසිංහ ලකුණක් ලබා ගනිමින් කඩුල්ලේ රැදී සිටියහ. මෙම තරගයේදී කැපී පෙනෙනම ඉනිම ක්‍රීඩා කරන ලද ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 62 කට මුහුණ ටෙදමින් ලකුණු 55 ක් රැස් කරගත්තේය. ශ්‍රී ලංකා ජයග්‍රහණයට වැඩිම දායකත්යක් දක්වන ලද මිශාරගේ ඉනිමට තරගයේ වීරයා සම්මානයද හිමිවිය.

හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් තම ඉනිම වර්ණවත් කරගත් කමිල් මිශාර තෙවැනි කඩුල්ල වෙනුවෙන් අහන් වික්‍රමසිංහ සමග ගොඩනංවන ලද ලකුණු 60 ක සම්බන්ධතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රාහී පදනම වැටුණු සම්බන්ධතාවය ලෙසින් හැඳින්විය හැක. පන්දු 62 කදී ගොඩ නැංවුණු එම සම්බන්ධතාව සඳහා අහන්ගේ දායකත්වය පන්දු 36 කදී ලකුණු 30 කි.

මුළු ලකුණු සංඛ්‍යාව 115 ක්ව තිබියදී මොවුන් දෙදෙනාම දැවී ගිය නමුත් පිටියට එක් වූ නායක නිපුන් ධනංජය සහ අවිශ්ක තරිඳු පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 40 ක් රැස් කරමින් ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන යෑමේ වගකීම ඉටු කරමින් සිටියදී ජයග්‍රහණයට ලකුණු 4 ක් තිබියදී නිපුන් ධනංජය ලකුණු 18 කට දැවී ගියේය.

නේපාල කණ්ඩායමේ පළමු කඩුලු 2 ලකුණු 24 කදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුවත්, තෙවැනි කඩුල්ලට එක් වූ අශීක් සෙයිෆ් සහ නායක රෝහිත් පෞඩල් ලකුණු 91 ක සම්බන්ධතාවයක් පවත්වමින් නේපාල ලකුණු පුවරුව ඉහළ දැමූහ. අඩු ලකුණු සංඛ්‍යාවකට කඩුලු 2 ක් දැවී ගොස් තිබියදී නේපාල පිල පීඩනයෙන් ගොඩ ගත් ගෞතම් පන්දු 85 කදී කුණු 54 ක් ලබා ගත්තේය. ඔහුට අනගි සහායක් දැක්වූ පෞඩල්  ලකුණු 47 ක් ලබා ගත්තේය. 19න් පහළ නේපාල ජාතික කණ්ඩායම වෙනුවෙන් එක්දින තරග 4 කට ක්‍රීඩා කොට ඇති පෞඩල්  අර්ධ ශතකයක් ද වාර්තා කිරීමට සමත්ව ඇති පිතිකරුවෙකි. එරට විස්සයි-20 ජාතික කණ්ඩායම වෙනුවෙන් තරග 6 කට ක්‍රීඩා කර ඇති පෞඩල් තවමත් 17 වැනි වියේ පසුවන ක්‍රීඩකයෙකි.

පන්දු 136 කින් සමන්විත තෙවැනි කඩුල්ලේ සම්බන්ධතාව නවෝද් පරණවිතාන බිඳ දමන ලද්දේ ගෞතම්ව දවා ගනිමිනි. 30 වැනි පන්දුවාරයේදී එම කඩුල්ල දැවී යෑමත් සමඟ යළිත් තරගයට අවතීර්ණ වූ  ශ්‍රී ලංකා පන්දු යවන්නෝ නේපාල ඉනිමේ පූර්ණ පාලනය තමන් සතු කර ගත්තේ ඉතිරි පන්දුවාර 12 දී  ලකුණු 44 ක් පමණක් ලබා දෙමිනි. පන්දු යැවීමේදී කැපී පෙනුණු ඩිල්ෂාන් මධුශංක ලකුණු 23 කට කඩුලු 3 ක්ද නවෝද් පරණවිතාන ලකුණු 26 කටකඩුලු 3 ක්ද බිඳ හෙලූහ.

මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන මීළඟ තරගය ලබන 08 වැනිදා එක්සත් අරාබි එමීර් පිල සමඟ මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

මේ අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩා පිටියේ අද පැවැති අනෙක් තරගය වූ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ බංග්ලාදේශ අතර තරගයේදී කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්විය.

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest