slc
logo
Home   |    News
සැප්තැම්බර් 17, 2019
දින 25 ක සංචාරයක් සඳහා බංග්ලාදේශ ඒ පිල හෙට එයි

Sri Lanka Cricket

නිල නොවන සිව් දින තරග 2 කට සහ එක්දින තරග 3 කට සහභාගිවීම සඳහා බංග්ලාදේශ ‘ඒ” ක්‍රිකට් කණ්ඩායම හෙට (18 දා) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. මෙම මස 23 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලියේදී බංග්ලාදේශ ඒ කණ්ඩායමේ මෙහෙවීමේ වගකීම මොමිනුල් හක් වෙත පැවැරී තිබේ.

ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත බංග්ලාදේශ ඒ කණ්ඩායමට එරට ජාතික කණ්ඩායම නියෝජනය කරනු ලබන ක්‍රීඩකයින් කිහිප පළක්ම ඇතුළත්ව සිටීම කැපී පෙනෙයි. දින 25 ක කාලයක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බංග්ලාදේශ ඒ කණ්ඩායම ප්‍රථමයෙන්ම සිව් දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවනු ඇත. ඒ අනුව පළමු තරගය ලබන 23 වැනිදා කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත. 26 වැනි දා දක්වා පැවැත්වෙන එම තරගයෙන් දින 4 ක කාලයක් හෙවත් සැප්තැම්බර් 30 වැනිදා සිට ඔක්තෝම්බර් 03 වැනිදා දක්වා දෙවැනි තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

තරග 3 කින් සමන්විත දෙරට අතර එක්දින තරගාවලිය ලබන ඔක්තෝම්බර් 07 වැනිදා ද දෙවැන්න 09 වැනිදාද සූරියවැව ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර අවසන් තරගය ඔක්තෝම්බර් 12 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

බංග්ලාදේශ ඒ කණ්ඩායම – මොමිනුල් හක් (නායක), සද්මන් ඉස්ලාම්, ජහුරුල් ඉස්ලාම්, මොහොමඩ් මිතුන්, නුරුල් හසන්, එනමුල් හක්, සෞම්‍ය සර්කාර්, අබූ ජායෙඩ්, හොසේන් චෞද්‍රි, සුන්සමුල් ඉස්ලාම්, මොහොමඩ් හොසේන්, සලයුඩීන් සකිල්, මෙහෙදි හසන්, නජ්මුල් හොසේන්, සායිෆ් හසන්, හසන් මිරාස්.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee