slc
Home   |    News
සැප්තැම්බර් 17, 2019
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ තරගාවලි දෙකකට

Sri Lanka Cricket

ලබන වසරේ ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන 20-20 තරගාවලියට පෙර පුහුණුවක් ලබා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් මේ මස 23වැනිදා ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යති.

මේ සංචාරයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම සමග එක්දින තරග තුනකටත් 20-20 තරග තුනකටත් සහභාගිවීමට නියමිතය. 20-20 තරග තුන සිඩ්නි නගරයේත් එක්දින සීමිත ඕවර තරග තුන බ්‍රිස්බේන් නගරයේත් පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු හර්ෂ ද සිල්වා ප්‍රකාශ කරයි.තරගාවලිය නිමාවන්නේ ඔක්තෝම්බර් 10වැනිදාය.

ඕස්ට්‍රේලියාව බලායන කණ්ඩායමට ඇතුළත්වන චමරි අතපත්තු, ශෂිකලා සිරිවර්ධන සහ නිලක්ෂා ද සිල්වා පළපුරුදු ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් බව පවසන හර්ෂ ද සිල්වා මොවුන්ගෙන් අප වැඩි දායකත්වයක් බලාපොරොත්තු වුවත් ලෝක කුසලානය අරමුණු කරගෙන තරුණ ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුටම අවස්ථාව ලබාදීමද මේ සංචාරයේදී සිදුවනු ඇතැයි කීවේය.

ඕස්ට්‍රේලියා සංචාරයේ සිඩ්නි හා බ්‍රිස්බේන් තරග කිහිපයකට පෙර ලංකා ක්‍රීඩිකාවන් එහිදී පෙර පුහුණු තරග කිහිපයකට ද සහභාගිවීමට නියමිතය

මෙම සංචාරය නිම කර ශ්‍රී ලංකා කණ්ඩායම නැවත මෙහි පැමිණි පසු අන්තර් පළාත් තරගාවලියකට මේ වසරේ නොවැම්බර් හා දෙසැම්බර් මාසයන්හි සහභාගි කරවති. එම තරග කොළඹ, මහනුවර, දඹුල්ල හා ගාල්ල වශයෙන් කණ්ඩායම් හතරකට බෙදා ජාත්‍යන්තර මට්ටමේ සියළු පහසුකම් සපයා දී උසස් මට්ටමකින් පවත්වන අතර ඊට අවුරුදු 19න් පහළ සහ 23න් පහළ ක්‍රීඩිකාවන් රැසකටම ඉදිරිපත් වීමට අවස්ථාව සැපැයේ. කාන්තා ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ පෙබරවාරි හා මාර්තු මාසයන්හි ඕස්ට්‍රේලියාවේ නගර කිහිපයකදීය.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest