slc
Home   |    News
සැප්තැම්බර් 8, 2019
ශ්‍රී ලංකා යොවුන් පිල අවසන් පූර්ව වටයට එයි

Sri Lanka Cricket

වයස අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගය හෙවත් මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු දෙවැනි තරගයෙන් ලකුණු 52 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (08 දා) සමත්වූහ. එක්සත් අරාබි එමීර් කණ්ඩායම සමඟ කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ලද ජයග්‍රහණයත් සමඟ අවසන් කණ්ඩායම් 4 තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් පිල සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 327 ක අසීරු ඉලක්කයක් හඹා ගිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත ලකුණු 274 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අතර තුර එක්සත් අරාබි කණ්ඩායමේ කඩුලු 9 ක්ද දවා ගැනීමට පන්දු යවන්නන් සමත්විය.

සංචාරක පිල වෙනුවෙන් අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි අන්ෂ් තන්දන් ලකුණු 100 ක් ලබා තරගය නිමා වන තුරු කඩුල්ලේ රැඳී සිටියද සත්කාරකයින්ගේ ජයග්‍රහණයට එම ඉනිමට කළ හැක්කක් නොවීය.  පන්දු 102 කින් සමන්විත වුණු නන්දන්ගේ ඉනිම හයේ පහරකින් සහ තවත් හතරේ පහර 8 කින් වර්ණවත් විය.්‍

ශතක ලාභී තන්දන් සහ ඉනිමේ අනෙක් එකම අර්ධ ශතක ලාභියා වූ ඔසාමා හසන් ලකුණු 105 කට කඩුලු 4 ක් බිඳ වැටී තිබියදී එක්ව 5 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 121 ක් එක් කළහ. පන්දු 46 කට මුහුණ දුන් හසන් ලබා ගත් වේගවත් ලකුණු 55 ක ඉනිම නිසා තරගය පිළිබඳව කෙසේ වෙතත් ශ්‍රී ලංකාව ලබා දුන් ඉලක්කය ආසන්නය වෙත යෑමේ ඉඩ කඩක් නිර්මාණය වී තිබූ නමුත්, නවෝද් පරණවිතාණ විසින් හසන්ව දවා ගැනීමත් සමඟ ඒ සියලු බලාපොරොත්තු බිඳි ගියහ.

ආරම්භක පිතිකරුවා ලෙසින් රැස් කරන ලද ලකුණු 61 ට අමතරව පන්දුවෙන්ද දස්කම් දක්වමින් කඩුලු 4 ක් දවා ගත් නවෝද් පරණවිතානට තරගයේ වීරයා සම්මානය හිමිවිය. ඔහුට අමතරව පන්දුවෙන් කැපී පෙනුණු රොහාන් සංජය සහ නායක නිපුන් ධනංජය කඩුලු 2 බැගින් දවා ගත්හ.

නවෝද් පරණවිතානට අමතරව ශ්‍රී ලංකා පිල ශක්තිමත් වූයේ අහන් වික්‍රමසිංහ දියත් කරන ලද ලකුණු 73 ක ඉනිම විය. මෙම ඉනිම නොවන්නට ශ්‍රී ලංකා පිලට ලකුණු 300 කට එහා ලකුණු සංඛ්‍යාවක් රැස් කර ගැනීමට නොහැකි වනු ඇත. වේගවත් ඉනිමක නිරත වුණු අහන් පන්දු 36 කදී තම අර්ධ ශතකය වාර්තා කරමින් පරණවිතාන සමඟ තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 86 කදී ලකුණු 113 ක් එක් කිරීමට දායකත්වය දැක්වීය. පන්දු 52 කට මුහුණ දී ලබා ගන්නා ලකුණු 73 ට හතරේ පහර 11 ක් ඇතුළත් කිරීමට අහන් වග බලා ගත්තේය.

අවසන් වසරක කාලය ඇතුළත ආරම්භක පිතිකරුවාගේ වගකීම අකුරටම ඉටු කරමින් සිටින නවෝද් පරණවිතාන තම ලකුණු 61 ලබා ගැනීම සඳහා පන්දු 60 කට මුහුණ දුන්නේය. හතරේ පහර 9 කින් සමන්විත වූ පරණවිතානගේ සිය 50 වැනි ලකුණ මුහුණ දුන් 51 වැනි පන්දුවේදී රැස් කර ගත්තේය.

අහන්ගේ දැවී යෑමත් සමඟ ලකුණු 17 ක් ඇතුළත ප්‍රභලම පිතිකරුවන් තිදෙනකු දැවී යෑම ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් ගෙන දෙන්නක් වූ නමුත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ නිපුන් ධනංජය, 6 වැනි කඩුල්ල වෙනුවෙන් චමිඳු විජේසිංහ සමඟ එක්ව ලකුණු 48 ක් ද 7 වැනි කඩුල්ල සඳහා රොහාන් සංජය සමඟ තවත් ලකුණු 75 ක සම්බන්ධතාවක් පවත්වමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව 300 ඔබ්බට රැගෙන ගියහ. 7 වැනි පිතිකරුවා ලෙසින් නිපුන් දැවී යන විට හතරේ පහර 5 ක් සමගින් පන්දු 69 කදී ලකුණු 60 ක් ලබා සිටියේය. පසු පෙළින් කැපී පෙනුණු රොහාන් සංජය පන්දු 31 කදී ලකුණු 36 ක් රැස් කරගත්තේය.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
USD United States (US) dollar

Pin It on Pinterest