slc
logo
Home   |    News
ඔක්තෝබර් 1, 2019
ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම තරගාවලිය ජයගනී

Sri Lanka Cricket

සිඩ්නි ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා කාන්තා දෙවන එක්දින තරගයෙන්ද ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම කඩුලු නවයක ජයක් අත්කර ගත්තේ තවත් පන්දු 62ක් (ඕවර 10.3) ඉතිරිව තිබියදීය.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 84ට පිළිතුරු ලෙස කාන්තා ක්‍රිකට් ලෝක සූරියන් වන ඕස්ට්‍රේලියාව කඩුලු එකක් පමණක් දැවි ලකුණු 87ක් ලබා ගත්තේ ඕවර 9.4කදීය. තරගාවලියේ ජයද 2-0 ලෙස ඕස්ට්‍රේලියාවට අත්විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ලංකා කණ්ඩායමේ බොහෝ අපේක්ෂාවන් රැදී තිබුණේ ප්‍රථම තරගයේ ශතක ලාභිනිය වන නායිකා චමරි අතපත්තු වෙතය. දසවන ඕවරයේදී චමරි අතපත්තු ලකුණු 16ක් පමණක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීමට හසුවීමේන් පසු ප්‍රමාණවත් ලකුණු ප්‍රමාණයක් කරායාමේ ලංකා අපේක්ෂාවන් බිඳ වැටිණි. චමරි සමග හර්ෂිකා මාධවී (12) ශෂිකලා සිරිවර්ධන (19) සහ කේ.ඒ.කාංචනා නොදැවී(16) යන පිතිකාරිණියන් පමණක් මෙම තරගයේත් ලකුණු දහය ඉක්මවීය.

          චමරි සමග අවිශ්කා සංජීවනී (07) දෙවන කඩුල්ලට එක්කළ ලකුණු 17ත් චමරි සමග හසිතා මාධවී (12) තෙවන කඩුල්ලට එක්කළ ලකුණු 17ත් ලංකා ඉනිමේ හොඳම සබදතායන් ය. ඕස්ට්‍රේලියා ක්‍රීඩිකාවන්ගේ පන්දු රැකීම මේ තරගයේ ඉතාමත් උසස් මට්ටමක පැවැති අතර ප්‍රථම ඕවර 10වන විට ලංකා පිල පසුවුයේ ලකුණු 40කටත් අඩුවෙනි.

          ඕස්ට්‍රේලියාව පන්දුවට පහරදීමට පැමිණි අවස්ථාවේ ප්‍රථම විකට්ටුවට ඕවර 4.2කදී ලකුණු 38ක්ද දෙවන විකට්ටුවට ඕවර 5.2කදී ලකුණු 49ක්ද රැස්කර ඔවුන් පහසු ජයග්‍රහණයක් වාර්තා කළේය. නොදැවී ලකුණු 28ක් ලැබූ බෙත් මුනි හොඳම ක්‍රීඩිකාව ලෙස තේරිණි.

  • ශ්‍රී ලංකාව ඕවර 20දී කඩුලු 8ට 84යි.

ශෂිකලා සිරිවර්ධන 19, චමරි අතපත්තු 16, ඩී.ඒ.කාංචනා නොදැවී 16, එච්.මාධවී 12, ඒ.පෙරී 21ට 2

  • ඕස්ට්‍රේලියාව ඕවර 9.4දී කඩුලු 1ට 87යි.

බෙත් මුනි නොදැවී 28, ඊ.බර්න්ස් නොදැවී 30, කේ.ප්‍රබෝධනී 12ට 1

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රීඩකයෝ ජයග්‍රහණයකින් වැඩ අරඹති
    සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අබුඩාබි නුවර අද (13 දා) ආරම්භ වුණු ‘ඒ‘ කණ්ඩායම් අතර තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ‘ඒ‘ පිල සහභාගිවූ පළමු තරගයෙන්ම අයර්ලන්ත ‘ඒ‘ […]
  • සුපුරුදු රිද්මයට එන්න බලාපොරොත්තු වෙනවා – සධීර
    ශ්‍රී ලංකාව වෙනුවෙන් නැවත වතාවක් තරග දිනවා දිය හැකි ක්‍රීඩකයකු බවට පත්වීම තම අපේක්ෂාව යැයි ශ්‍රී ලංකා ‘ඒ ‘ ක්‍රිකට් කණ්ඩායමේ නායක සධීර සමරවික්‍රම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ […]
  • අරමුණු කිහිපයක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි – අවිශ්ක
     එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී දී මේ මස පැවැත්වෙන ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන – අයර්ලන්ත ‘ඒ ‘ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee