slc
Home   |    News
ඔක්තෝබර් 27, 2019
නැගී එන ක්‍රීඩිකාවෝ අවසන් මහ තරග වරම් දිනති

sub editor

නැගී එන කාන්තා කණ්ඩායම් අතර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම අදාළ තරගාවලියේ අවසන් මහ තරග වරම් දිනා ගැනීමට අද (27 දා) සමත්විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා නැගී එන කාන්තා ක්‍රීඩිකාවෝ පන්දුවාර 33 කුත් පන්දු 4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී එම ඉලක්කය සපුරා ගත්තේය.

ශ්‍රී ලංකා නැගී එන කාන්තා පිල වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වුණු නායිකා හර්ෂිතා මාධවී ලකුණු 53 ක් ජයග්‍රහණය සඳහා වැඩි මෙහෙවරක් ඉටු කළාය. පන්දු 83 කට මුහුණ දුන් හර්ෂිතා සිය ඉනිම සඳහා හතරේ පහර 8 ක්ද එල්ල කළාය. හර්ෂිතා විසින් වාර්තා කරන ලද මෙම අර්ධ ශතකය ඇය විසින් පිට පිටම වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය ලෙසින්ද සටහන් විය. ‍මීට පෙර ඇය ඉන්දියාවට එරෙහිව ඊයේ (26 දා) පැවැති තරගයේදීද ලකුණු 55 ක් ලබා ගත්තාය.

අදාළ හඹා යෑමේදී ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට ප්‍රබල තර්ජනයක් වෙමින් පන්දු යැවීමට නහිඩා අක්තාර් සහ ෆාතිමා ඛාතූන් සමත් වූ නමුත්, හර්ෂිතාගේ ධෛර්යවන්ත ඉනිම නවතාලීමට ඔවුන්ට නොහැකි විය. පවුරක් සේ නොසැලෙමින් සිය අන්තය ආරක්ෂා කර ගැනීමට හර්ෂිතා සමත්වද්දී දැවී ගිය කඩුලු 6 න් 5 ක්ම අක්තාර් (කඩුලු 3 ක්) සහ ඛාතූන් (කඩුලු 2 ක්) බෙදා ගත්හ.

පස්වැනි පන්දුවාරයේ සිට පන්දුවට පහර දීමට පිටියට පැමිණි හර්ෂිතා මුළු ලකුණු සංඛ්‍යාව 102 ක්ව තිබියදී ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි පිතිකාරිණිය ලෙසින් පිටියෙන් ඉවත් වුවද සත්‍යා සංදීපන් ලකුණු 12 ක් සහ කවීෂා දිල්හාරි ලකුණු 09 ක් ලබා ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සනාථ වන තෙක්ම කඩුල්ලේ රැදී සිටියහ.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ නැගී එන කණ්ඩායම පන්දුවාර 48.3 කදී සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වද්දී ෆයිමා ඛතුන් සහ සොබානා මොස්ටි පමණක් ලකුණු 20 සීමාව ඉක්මවාලූ පිතිකාරිණියන් බවට පත්වූහ. පන්දු යැවීමේදී කැපී පෙනුණු කවීෂා දිල්හාරි ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගනිද්දී උමේෂා තිමාෂානි සහ සත්‍යා සංදීපනී කඩුලු 2 ක බැගින් දවා ගනිමින් බංග්ලාදේශ කාන්තා පිල අමාරුවේ දැමූහ.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest