slc
logo
Home   |    News
ඔක්තෝබර් 7, 2019
පැතුම් හා සංගීත් නැවත ලකුණු අතරට..ලංකා කණ්ඩායමේ ශිරාෂ් 63ට කඩුලු 5යි

Sri Lanka Cricket

සූරියවැව පැවැත්වෙන ශ්‍රී ලංකා ‘ඒ’ – බංග්ලාදේශ ‘ඒ’ සිව්දින නිල නොවන ටෙසට් තරගයේ බංග්ලාදේශ මුල් ඉනිමේදී ශ්‍රී ලංකාවේ මොහොමඩ් ශිරාෂ් ලකුණු 63කට බංග්ලාදේශ පිතිකරුවන් පස්දෙනෙකුම දවාලීමට සමත්විය.

ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 268ට පිළිතුරු ලෙස බංග්ලාවෙද්ශ ‘ඒ’ ඉනිමේදී ලකුණු 330ක් ලබා ලකුණු 62කින් ඉදිරියෙන් සිටියත් ශ්‍රී ලංකා ‘ඒ’ දෙවැනි ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 126ක් ලබා ගත්තේ පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 75ක් ද සංගීත් කුරේ නොදැවී ලකුණු 50ක්ද රැස් කළේ විශිෂ්ට ආරම්භයක් කණ්ඩායමට ලබාදෙමිනි.

තෙවන දින තරගය නිමවන විට ශ්‍රී ලංකාව කඩුලු දහයම අතැතිව දෙවන ඉනිමේදී ප්‍රබල තත්ත්වයක පසුවූයේ ලකුණු 64ක්ද ඉදිරියෙන් සිටිමිනි. පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 75ක් ලබාගත්තේ පන්දු 125කට මුහුණදී හතරේ දහයක් සමගය. සංගීත් කුරේ නොදැවී ලකුණු 50ක් රැස්කළේ හතරේ හතක් සමග පන්දු 103කට මුහුණදීමෙනි.

මේ සිව්දින නිලනොවන ටෙස්ට් තරගයේ අවසාන දිනය සදුදාය(7) තරග ප්‍රතිඵලයක් අපේක්ෂා කළ නොහැකිවුවත් අවසාන දිනයේදී ශ්‍රී ලංකාවට අනිවාර්යෙන්ම ගෞරවනීය තත්ත්වයකට පත්වීමට අවස්ථාව සැළසෙනු ඇත.

දෙවන දින තරගය නතර කරන විට මුල් ඉනිම වෙනුවෙන් කඩුලු හයකට ලකුණු 283ක් රැස්කර සිටි බංග්ලාදේශ කණ්ඩායමට ඉතිරි කඩුලු හතර දැවී තවත් එක්කර ගතහැකි වූයේ ලකුණු 47ක් පමණෙකි. දකුණතින් මද වේග පන්දු යවන ලංකා කණ්ඩායමේ 24හැවිරිදි මොහොමඩ් ශිරාෂ් ඕවර 21.1ක් යවා ලකුණු 63කට කඩුලු පහක්ම දවාලීමද මේ ඉනිමේ විශේෂත්වයකි. ශිරාෂ් මීට පෙර පළමු ශ්‍රේණියේ තරග 16කදී කඩුලු 35ක් ලබා සිටී. ඔහු කඩුලු පහ ඉක්මවූ තෙවන අවස්ථාවද මෙය වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ඉනිමේදී කිසිවෙකු නොදැවී ලකුණු 126ක් රැස්කළේ ඕවර 38කදීය.

  • ශ්‍රී ලංකා ‘ඒ’ මුල් ඉනිම 268යි(ඕවර 90.2යි)
  • බංග්ලාදේශ ‘ඒ’ මුල් ඉනිම 330යි (ඕවර 83.1යි)
  • ශ්‍රී ලංකා ‘ඒ’ දෙවන ඉනිම තෙවන දින තරගය නිමවන විට කිසිවෙකු නොදැවී 126යි

          පැතුම් නිශ්ශංඛ නොදැවී 75, සංගීත් කුරේ නොදැවී 50යි.

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • නවසීලන්ත කාන්තාවෝ එකට එක කරති
    නවසීලන්ත නායිකා සුසී බේට්ස් සහ බෘෘක් හෝලිඩේගේ තුන් ඉරියව්වේ දක්ෂතාත් බ්‍රී ඉලිං ගේ පන්දු යැවීමේ දක්ෂතාවත් නිසා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට එරෙහිව ක්‍රයිස්චර්ච්හි පැවැති දෙවැනි පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් […]
  • ගාල්ල පිල ලකුණු 265ක් ඉදිරියෙන්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ තෙවැනි දිනය නිමාවෙද්දී ගාල්ල […]
  • යාපනයේ ජයග්‍රහණයට ලකුණු 381ක් පසුපසින්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL) තරගාවලියේ ජයග්‍රහණය හඹා යන යාපනය පිල කඩුලු 9ක් අතැතිව […]
  • කොළඹ ලැබූ 386ට යාපනයේ පිළිතුර කඩුලු 7ක් දැවී 227යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ කොළඹ පිල පළමු ඉනිමට ලබාගත් ලකුණු 386ට පිළිතුරු ලෙස […]
  • ගාල්ල පළමු ඉනිමට ලකුණු 602යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් තෙවැනි වතාවටත් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලිග් (NSL)තරගාවලියේ ගාල්ල හා මහනුවර අතර තරගයේ දෙවැනි දිනයේදී ගාල්ල පිලේ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee