slc
logo
Home   |    News
ඔක්තෝබර් 8, 2019
ලංකා පිතිකාරිණියන් සිව්දෙනෙකුම ප්‍රථමවරට ලකුණු අතරට

Sri Lanka Cricket

ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්හි පැවැති ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා දෙවැනි කාන්තා එක්දින තරගයේදී ශ්‍රී ලංකා පිතිකාරිණියන් සිව්දෙනෙකුම ප්‍රථමවතාවට ලකුණු අතරට පිවසිම මත ශ්‍රී ලංකා ඉනිම වෙනදාට වඩා ස්ථාවර තත්ත්වයකට පත්වනු දක්නට ලැබිණි.

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලබාගත් ලකුණු 282ක ප්‍රමාණය හඹායද්දී ආරම්භක පිතිකාරිණිය චමරි අතපත්තු ලකුණු 14කට දැවීගියත් ඉන්පසු පැමිණි. පිතිකාරිණියන් හතරදෙනාම ලකුණු අතරට පිවිසීමේන් ශ්‍රී ලංකාවට ලකුණු 172ක් වැනි සතුටුවිය හැකි ලකුණු ප්‍රමාණයක් කරායාමට උදාවිණි.

මෑතකදී පාසලින් ඉවත්වූ තරුණ ක්‍රීඩිකාවක වන හර්ෂිකා මාධවී පන්දු 61කදී හතරේ හතරක් සමග ලකුණු 39ක්ද අනුෂ්කා සංජීවනී පන්දු 69කදී හතරේ පහරක් සමග ලකුණු 36ක්ද නිලක්ෂි ද සිල්වා පන්දු 42කදී හතරේ දෙකක් සමග ලකුණු 25ක්ද නායිකාව ශෂිකලා සිරිවර්ධන පන්දු 37කදී හතරේ තුනක් සමග ලකුණු 22ක්ද රැස්කිරීමෙන් 2019 වසරේ ඕස්ට්‍රේලියානු සංචාරයේදී ප්‍රථමවතාවට ලංකා ක්‍රීඩිකාවන් දක්ෂතා අතරට පිවිසීම කාන්තා ක්‍රිකට් අනාගතයට සුබපෙර නිමිත්තකි.

ඕස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවට පහරදෙද්දී අචිනි කුලසූරිය ලකුණු 50කට කඩුලු තුනක්ද සුගන්ධිකා කුමාරී ලකුණු 66කට කඩුලු දෙකක්ද දවාලමින් පන්දු යැවීමේදී කැපීපෙනුණි. මේ ජයග්‍රහණයත් සමග ඕස්ට්‍රේලියාව මෙතෙක් පැවැති තරග දෙකම ජයගෙන තරගාවලියද 2-0ක් ලෙස දැනටමත් ජයගෙනසිටී. තෙවැනි තරගය 9වැනිදා බ්‍රිස්බේන්හිදීම පැවැත්වේ.

බ්‍රහස්පතින්දා (9) තරගයෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු සංචාරය නිමාවට පත්වේ.

ඕස්ට්‍රේලියාව ඕවර 50දී කඩුලු 8ට 282යි.

රසෙල් හේන්ස් 118, ඇලිසා හීලි 69, මෙග් ලැනින් 45, අචිනි කුලසූරිය 50ට 3, ශෂිකලා සිරිවර්ධන 41ට 2, සුගන්ධිකා කුමාරි 66ට 2

ශ්‍රී ලංකාව ඕවර 50දී කඩුලු 9ට 172

හර්ෂිකා මාධවී 39, අනුෂ්කා සංජීවනී 36, නිලක්ෂි ද සිල්වා 25, ශෂිකලා සිරිවර්ධන 22, ජොනස් 31ට 4, වොර්හම් 29ට 2

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee