slc
Home   |    News
ඔක්තෝබර් 20, 2019
ශ්‍රී ලංකාව 20-20 හත්වන ස්ථානයට ශ්‍රේණිගතවේ

Sri Lanka Cricket

20-20 ජගත් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී අටවන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම දැන් හත්වන ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකාව මෙලෙස ඉදිරියට පැමිණියේ පාකිස්තානය සමග 20-20 තරගාවලිය 3-0කින් ජයගැනීමෙන් පසුවය. මෙතෙක් හත්වන ස්ථානයේ සිටි ඇෆ්ගනිස්තානය දැන් පසුවන්නේ අටවන ස්ථානයේය.

ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුව විසින් 20-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී මේ වන විට කණ්ඩායම් පසුවන්නේ මෙලෙසය. 1.පාකිස්තානය (ලකුණු 274යි) 2. එංගලන්තය (ලකුණු 266යි) 3.දකුණු අප්‍රිකාව (ලකුණු 262යි) 4.ඉන්දියාව (ලකුණු 261යි) 5.ඕස්ට්‍රේලියාව (ලකුණු 261යි) 6.නවසීලන්තය (ලකුණු 252යි) 7.ශ්‍රී ලංකාව (ලකුණු 241යි) 8.ඇෆ්ගනිස්තානය (ලකුණු 235යි) 9. බටහිර ඉන්දීය කොදෙව් දූපත් (ලකුණු 224යි) 10. බංග්ලාදේශය (ලකුණු 223යි)

මේ අතර 20-20 ලෝක කුසලාන මීළඟ තරගාවලිය 2020 (වසර දෙදහස් විස්ස) ඔක්තෝබර් නොවැම්බර් මාසයන්හි ඕස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතය. එහි ප්‍රථම කාණ්ඩයට ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, පාකිස්තානය සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ද දෙවන කාණ්ඩයට ඇෆ්ගනිස්ථානය, එංගලන්තය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාවත් දැනටමත් නම් කර සිටී. ඊට සුදුසුකම් ලැබීමේ තරගාවලියක්ද පැවැත්වෙන අතර එහි ඒ කොටසට ශ්‍රී ලංකාවත් බී කොටසට බංග්ලාදේශයත් අයත් වෙති.

සුදුසුකම් ලැබීමේ තරගාවලිය 2020 ඔක්තෝම්බර් 18 වැනිදා ආරම්භවනුයේ ශ්‍රී ලංකාව සහභාගිවන තරගයකිනි. 2020 ඔක්තෝබර් 19 වැනිදා බංග්ලාදේශය සුදුසුකම් ලැබීමේ තරගාවලියට ඉදිරිපත්වේ. ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය සුදුසුකම් ලැබීමේ තරගාවලියෙන් ජයගෙන සෙසු කණ්ඩායම් අට සමග දෙදහස් විස්ස වසරේ 20-20 තරගාවලියේ සෙසු තරගවලට සහභාගිවිය යුතුවේ.

ඔක්තෝබර් 24වැනිදා ඕස්ට්‍රේලියාව – පාකිස්තානය සමගත් ඉන්දියාව – දකුණු අප්‍රිකාව සමගත් තරගවදිති.

අවසාන පූර්ව තරග දෙක පැවැත්වෙනුයේ නොවැම්බර් 11 සහ 12 වන දිනවලය. අවසාන තරගය නොවැම්බර් 15වැනිදා මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත. මෙම තරගාවලියට අයත් සම්පූර්ණ තරග සංඛ්‍යාව 45කි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest