slc
logo
Home   |    News
ඔක්තෝබර් 14, 2019
සංගක්කාර එම්.සී.සී සභාපති ධුරයේ වැඩ අරඹයි

Sri Lanka Cricket

ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වර්ණභූමිය ලෙස සළකන ලන්ඩනයේ ලෝඩ්ස් ක්‍රිකට් භූමිය අයත් වන, ජගත් ක්‍රිකට් ක්‍රීඩාවේ මූලාරම්භය ලෙස ලෝකයාගේම ගෞරවයට පාත්‍ර වී ඇති එම්.සී.සී.ක්‍රීඩා සමාජයේ නව සභාපති වරයා ලෙස ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මීට සති දෙකකට පෙර (සැප්තැම්බර් 30) රාජකාරි ඇරැඹීය. මොහුගේ සභාපති ධූරයේ කාලසීමාව 2019 සැප්තැම්බර් 30 සිට 2020 සැප්තැම්බර්  30 තෙක් පවතී.

දීර්ඝ ඉතිහාසයක් ඇති මේ ක්‍රීඩා සමාජයේ මේ දක්වාම සභාපති ධුරයන් උසුලන ලද්දේ බ්‍රිතාන්‍ය පුරවැසියන් විසිනි. විදේශිකයෙකු මේ ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. හිටපු සභාපති ඇන්තනී රෙෆඩ් ධුරයෙන් ඉවත්ව යාමට පෙර කුමාර් සංගක්කාරට සුබ පතමින් ප්‍රකාශ කළේ ‘‘කුමාර් ක්‍රීඩා පිටියේත් ඉන් පිටතත් අති දක්ෂ ක්‍රියාකාර පුද්ගලයෙක්, මීට පෙර මේ සමාජයේ  ඔහු දැරූ තනතුරු ඉතාමත් සාර්ථකව ඉෂ්ට කර තිබෙනවා. එම්.සී.සී.සමාජයේ ගෞරවය ජාත්‍යන්තර මට්ටමින් ඉහළටම ඔසවා තැබීමටත් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය උදෙසාත් ඔහුගේ  තීක්ෂණ බුද්ධිය හා  තරුණ ජවය  බෙහෙවින් ඉවහල් වේවි යනුවෙනි.

ලෝඩ්ස්  ක්‍රීඩාංගනය සහ එම්.සී.සී.ක්‍රීඩා සමාජය ලන්ඩනයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය ස්ථානයක් වන සෙන්ට් ජෝන්ස් වුඩ් ආසන්නයේම පිහිටා තිබේ. මේ ක්‍රීඩා සමාජයේ නව සභාපති කුමාර් චොක්ෂානන්ද සංගක්කාර ඔක්තෝබර් 27 දිනට 42 වන ජන්ම දිනය සමරයි. ශ්‍රී ලංකා ටෙස්ට් හා සීමිත් ඕවර ක්‍රිකට් තරගාවලියන්හි මොහු තබා සිටින වාර්තා රැසකි.

සංගක්කාර නව පත්වීම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ශ්‍රී ලංකාවට පමණක් නොව ආසියාවටම ගෞරවයකි. සංගක්කාර 2011 වසරේ එම්.සී.සී.සමාජයේ පැවැත්වූ කොලින් කවුඩ්රි දේශනය මහත් ආන්දෝලනයක් ගෙනදුන් අතර 2012 වසරේදී ඔහුට එම සමාජයේ යාවජීව සාමාජිකත්වයද පිරිනැමිණි. මොහු ලද සභාපතිධුරය ශ්‍රී ලාංකිකයෙකු එම සමාජයේ ලද ඉහළම තනතුර වේ. ඊට ආසන්නව සිටිනුයේ ජාත්‍යන්තර ක්‍රිකට් තීරක මඩුල්ලේ ප්‍රධානී රන්ජන් මඩුගල්ලේය.

එම්.සී.සී.සමාජයේ ගෞරවනීය යාවජීව සාමාජිකත්වය ශ්‍රී ලාංකිකයන් 14දෙනෙකුට හිමිව ඇත. ඉන් 12ක් ක්‍රිකට් ක්‍රීඩකයන් ද දෙදෙනෙකු ක්‍රිකට් පරිපාලකයන්ද වෙති. එම පිරිස මෙසේය. දුලිප් මෙන්ඩිස් (1997) සිදත් වෙත්තමුණි (1997) නුස්කි මොහොමඩ් (1998 – හිටපු ලේකම්වරයෙකි) රොෂාන් මහානාම (2001) අරවින්ද ද සිල්වා (2005) රන්ජන් මඩුගල්ලේ (2005) අර්ජුන් රණතුංග (2005) හෂාන් තිලකරත්න (2008) මුත්තයියා මුරලිදරන් (2011) කුමාර් සංගක්කාර (2011) කුෂිල් ගුණසේකර (2012- මිත්‍රත්ව සංගමයේ සමාරම්භක) මාවන් අතපත්තු (2015) චමින්ද වාස් (2015) හා මහේල ජයවර්ධන (2015)

බන්දුල මොල්ලිගොඩ.

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

  • බංග්ලාදේශය ලකුණු 187 කින් පෙරමුණට
    ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 10 ක පළමු ඉනිමේ වාසියද සමඟ නැවතත් සිය දෙවැනි ඉනිම ආරම්භ කළ බංග්ලාදේශ කණ්ඩායම තරගයේ සිව්වැනි දිනය වූ අද (20 […]
  • එක්දින සහ විස්සයි-20 ප්‍රවේශ පත්‍ර අලෙවිය 24 වැනිදා සිට
    බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන එක්දින සහ විස්සයි-20 තරග සඳහා වන ප්‍රවේශ පත්‍ර අලෙවිය මේ ජුනි මස 24 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් […]
  • ලකුණු 250ක ඉලක්කයක් දුන්නොත් තරගයේ වැඩි වාසි අපිටයි
    – පැතුම් නිශ්ශංක බංග්ලාදේශයට එරෙහි පළමු ටෙස්ට් තරගයට තව දුරටත් හොදින් අවතීර්ණ වීමට නම් ශ්‍රී ලංකා පිල ලකුණු 200ක් 250ක් පමණ ඉදිරියෙන් සිට ඔවුන්ට තුන්වැනි ඉනිමේ පන්දුවට පහරදීමට […]
  • තරගයේ පාලනය ශ්‍රී ලංකාව අතට
    සංචාරක බංග්ලාදේශය ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී  තෙවැනි දිනය වූ අද (19 වැනිදා) තරගය නිමාවෙද්දී තරගයේ පාලනය ශ්‍රී ලංකා කණ්ඩායම වෙත රඳවා ගැනීමට පිතිකරුවෝ […]
  • ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට හිතකරයි – මිලාන් රත්නායක
    ගාලු තණතිල්ල තවමත් පිතිකරුවන්ට පාරාදීසයක් වන තත්ත්වයක ඇතැයි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවැනි වේග පන්දු යවන්නා ලෙසින් ක්‍රීඩා කළ මිලාන් රත්නායක පැවැසීය. බංග්ලාදේශ පිතිකරුවන් ‍හොඳින් පන්දුවට පහර දුන්නාසේම ශ්‍රී […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee