slc
Home   |    News
නොවැම්බර් 15, 2019
ශ්‍රී ලංකා ක්‍රීඩකයන් රැසක්ම ඩුබායි තරග බිමේ

Sri Lanka Cricket

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයේදී මේ මස (නොවැම්බර්) 14 සිට 24 දක්වා පැවැත්වෙන 10-10 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක්ම සහභාගිවෙති.

            හිටපු ටෙස්ට්, එක්දින සහ 20-20 නායක ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, දසුන් ශානක, නිරෝෂන් දික්වැල්ල, කුසල් පෙරේරා, ෂෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, තිසර පෙරේරා, නුවන් ප්‍රදීප්,වනිදු හසරංග, මලින්ද පුෂ්පකුමාර, දුෂ්මන්ත චමීර, අසේල ගුණරත්න සහ කෙවින් කොත්තිගොඩ යන ක්‍රීඩකයන් 15 දෙනා මේ තරගාවලියේ දී කණ්ඩායම් අටක් වෙනුවෙන් ක්‍රීඩාකරති. කෙවින් කොත්තිගොඩ හැර සෙසු සියලු ක්‍රීඩකයන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති ක්‍රීඩකයෝ වෙති.

          මේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් අට වන්නේ බංග්ලා ටයිගර්ස්, මරතා ඇරැබියන්ස්, ඩෙකන් ග්ලැඩියේටර්ස්, ඩිල්ලි බුල්ස්, නොදර්න් වොරියර්ස්, කර්නාටක ටස්කර්ස්, ටීම් අබුඩාබි සහ කොලැන්ඩර්ස්ය.

            තිසර පෙරේරා, ෂෙහාන් ජයසූරිය, ප්‍රභාත් ජයසූරිය සහ ‍කෙවින් කොත්තිගොඩ යන ක්‍රීඩකයන් සිව්දෙනා බංග්ලා ටයිගර්ස් නියෝජනය කරන අතර එහි නායකත්වය දරන්නේ තිසර පෙරේරාය. මරතා ඇරැබියන්ස් කණ්ඩායමට ලසිත් මාලිංග, දසුන් ශානක සහ වනිඳු හසරංග යන ක්‍රීඩකයන් තිදෙනාත් ඩිල්ලි – බුල්ස් කණ්ඩායමට ඇන්ජලෝ  මැතිව්ස් කුසල් පෙරේරා සහ දුෂ්මන්ත චමීර යන ක්‍රීඩකයන් තිදෙනාත් ක්‍රීඩා කරති.

            නුවන් ප්‍රදීප් අසේල ගුණරත්න නොදර්න් වොරියර්ස් කණ්ඩායමත් භානුක රාජපක්ෂ (ඩෙකන් ග්ලැඩියේටර්ස්) මලින්ද පුෂ්පකුමාර (කර්නාටක ටස්කර්ස්) නිරෝෂන් දික්වැල්ල (ටීම් අබුඩාබි) කණ්ඩායම්වලටද සහභාගිවෙති.

            මූලිකවටයේ තරග 15 සිට 18 දක්වාත් දෙවනිවටයේ තරග 19 සිට 22 දක්වාත් පැවැත්වීමට නියමිතය. තෙවැනි ස්ථානය සහ අවසාන මහා තරග නොවැම්බර් 24 පැවැත්වීමට නියමිතය. විශ්‍රාමලත් ප්‍රබලම ක්‍රීඩකයන්ද තවත් නම් දැරූ ක්‍රීඩකයන් රැස්කද මේ තරගාවලියට සහභාගිවෙති. හිටපු නායකයන් රැසක්ම මේ කණ්ඩායම් වලට නායකත්වය ලබාදීමද විශේෂත්වයකි.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest