slc
Home   |    News
දෙසැම්බර් 19, 2019
විශ්ව සහ ළහිරු පාකිස්තානු පිතිකරුවෝ මෙල්ල කරති

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාරගේ වේගවත් පන්දු හමුවේ කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දින  දිවා ආහාරය සදහා තරගය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තානු කණ්ඩායමේ කඩුලු 3 ක් ලකුණු 72 ක් ඇතුළත දවා ගනිමින් පීඩනයක් යොමු කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිති.

කරච්චි තණතීරුවේදී පිතිකරුවන්ට හිමි වාසිය ප්‍රයෝජනය ගැනීමේ අදහසින් කාසියේ වාසියත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට පාකිස්තානු නායක අසාර් අලී තීරණය කළද පන්දු 3 ක් ඇතුළත ශාන් මසූඩ් (05) සහ අසාර් අලීගේ (00) කඩුලු දවා ගැනීමට විශ්ව ප්‍රනාන්දු සමත්විය. මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 10 ක්ව සටහන්ව තිබියදී වමත් සහ දකුණත් පිතිකරුවන් යුගලය දැවී ගියේ කෙළින්ම පන්දුව කැඩුල්ලේ වැදීම හේතුවෙනි.

වේග පන්දු යැවීමේදී අවශ්‍යම සාධකයන් වන වේගය, ඉපිලීම සහ දෝලනය මුසු කරමින් පන්දු යැවූ මොවුන් දෙපළගේ දැඩි පීඩනය හමුවේ පිති හැසිර පළමු තරගයේ ශතක ලාභීන් වූ බාබර් අසාම් සහ අබීඩ් අලී වැටී තිබුණු පාකිස්තානු පිල ගොඩ ගැනීම වෙනුවෙන් තෙවැනි කඩුල්ලට ලකුණු 55 ක් එක් කර සිටියදී හරස් වුණු ළහිරු කුමාර අබීඩ් අලීගේ කඩුල්ල දවා ගත්තේය. දිවා ආහාරය සඳහා මිනිත්තු 20 කට පමණ පෙර අබීඩ් සිය කඩුල්ල අහිමි කර ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමිනි. ලකුණු 38 ක් ලබා සිටි අබීඩ්, සිය සහායකයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ප්‍රධාන විනිසුරු බෲස් ඔක්සන්ෆර්ඩ් මහතා ලබා දුන් තීරණය අභියෝගයට ලක් කරමින් තෙවැනි විනිසුරුගේ සහාය පැතූ නමුත්, ප්‍රතිඵලයේ වෙනසක් නොවීය. එම හේතුව නිසා පාකිස්තානු පිලට පළමු ඉනිම වෙනුවෙන් හිමි තෙවැනි විනිසුරු විමසීමේ අවස්ථාව අහිමිව ගියේය.

ආරම්භයේ සිටම ග්‍රහණයකට ලක් කරමින් පන්දු යැවීමට විශ්ව සහ ළහිරු සමත්වූ අතර එය පාකිස්තානු පිලට කෙතරම් අභියෝගයක් ගෙන දුන්නේද කිවහොත් පිත්තෙන් වාර්තා වුණු පළමු ලකුණ ලබා ගැනීම සඳහා 20 වැනි පන්දුව තෙක් බලා සිටීමට ඔවුනට සිදුවිය. ටෙස්ට් අංශය අතින් ගත් විට ළහිරු සහ විශ්වට එතරම් අත්දැකීම් නොමැති වුවත් මෙම තරගයේදී ඔවුන් දෙපළගේ පන්දු යැවීම ඉතාම ඉහළ මට්ටමකට පැවැතිණ.

දිවා ආහාරයට පෙර යවන ලද පන්දුවාර 24 න් පන්දු වාර 16 ක්ම මොවුන් දෙදෙනා යැවීමද කැපී පෙනුණු සිදුවීමක් විය. ශ්‍රී ලංකාව මෙම තරගයට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමඟ අවතීර්ණ වී සිටින බැවින් ඔවුන්ට විවේකයක් ලබා දීමේ අදහසින් අද තරගයට එක්ව සිටින වමත් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණියව 12 වැනි පන්දුවාරයේදී පන්දු යැවීමට කැඳවීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කළේය. එපමණක් නොව දිමුත් කරුණාරත්නද ඒ අතරතුර පන්දුවාරයක් යැවීමට කටයුතු කළ නමුත් ලකුණු 11 ක් උදුරා ගැනීමට ප්‍රතිවාදී පිතිකරුවන් සමත්විය.

පළමු ශතකයේදී ශතකයක් ලද බාබර් අසාම් පන්දු 46 කදී ලකුණු 27 ක්ද අසාද් ශෆික් ලකුණක්ද ලබා කඩුල්ලේ රැඳී සිටිති. පන්දුවට පහර දීමට පැමිණි මුල් අවස්ථාවේදී බාබර් අසාම් කඩුල්ල මුවා කිරීමේ වදරට හසුව දැවී ගිය පිතිකරුවකු ලෙස බෲස් ඔක්සන්ෆර්ඩ් මහතා තීරණය කළද විශ්ව ප්‍රනාන්දු විසින් යොමු කරන ලද එම පන්දුව අසාම්ගේ ඉදිරි පාදයේ වැදීමට පෙර පිත්තේ ඇතුළත දාරයේ වැදී යෑම නිසා තවදුරටත් පිටියේ රැඳී සිටීමේ වාසනාව ඔහුට උදාවිය.

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest