slc
Home   |    News
ජනවාරි 21, 2020
පන්දු රැකීමෙන් වැළකුණු චන්දිමාල් අවධානමෙන් මිදෙයි

Sri Lanka Cricket

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය අතරතුරදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට මුහුණ දුන්නද එය පන්දුවට පහර නොදී සිටීමට තරම් දරුණු තත්ත්වයක නොවන බව කණ්ඩායම් කළමනාකරු අසන්ත ද මෙල් මහතා අවධාරණය කර සිටියි.

දෙවැනි දිනය ආරම්භයේදී ළහිරු කුමාර විසින් ක්‍රියාත්මක කරන ලද පන්දුවාරයේ දෙවැනි පන්දුව රැක ගැනීමට යෑමේදී චන්දිමාල් ඇඟිල්ලේ ආබාධයකට ගොදුරු වූ අතර දිනය පුරාම පන්දු රැකීමෙන් වැළැකී සිටියේය. තිස් හැවිරිදි වියේ පසුවන චන්දිමාල් එම අවස්ථාවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි අතර පන්දුව රැක ගැනීමට යෑමේදී දකුණතේ සුළඟිල්ල තුවාල ලැබීය.

මේ පිළිබඳව අදහස් දක්වා සිටි අසන්ත ද මෙල් මහතා, “පන්දුව රැක ගැනීමට යෑමේදී චන්දිමාල්ගේ ඇඟිල්ල පැලිලා තියෙනවා. මැහුම් දාලා නැති වුණත් අපි අවධානමක් ගන්න බැරි නිසා එයාව පන්දු රැකීම සඳහා ක්‍රීඩාංගණයට එව්වේ නෑ. නමුත් එය පන්දුවට පහර දීමෙන් වැළකී සිටීමට තරම් ලොකු ආබාධයක් නොවෙයි. ඔහු පන්දුවට පහර දීමට සූදානමින් සිටිනවා”යි සඳහන් කර සිටියේය.

තේරීම් කමිටුවේ ප්‍රධානියා වශයෙන්ද කටයුතු කරන ද මෙල් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින්, “කොහොම වුණත් අපි ඔහු ගැන පූර්ණ අවධානයකින් ඉන්නේ. පන්දුවට පහර දෙන ආකාරය අනුව අපි තීරණය කරනවා දෙවැනි ඉනිමේදී ඔහු පන්දු රැකීමට ක්‍රීඩාංගණයට යා හැකිද කියන බව”යැයි සඳහන් කර සිටියේය.

Recent Posts

  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
  • ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 62 ක පරාජයක්
    අබුඩාබිහි පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම තරග වැදි දෙවැනි එක්දින තරගයේදී ඇෆ්ගනිස්තානු පිළ හමුවේ ලකුණු 62 ක පරාජයක් ලැබීය. මෙම ජයත් […]
  • නැගීඑන ශූරතාව මුවර්ස් දිනා ගනියි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය ලැබූ මුවර්ස් ක්‍රීඩා සමාජය මේ වසරේ […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest