slc
Home   |    News
ජනවාරි 21, 2020
මෙන්ඩිස් සහ මැතිව්ස් පරතරය 63 ට අඩු කරති

sinhala editor

By Chamila Karawita

ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 92 ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 80 ක් වශයෙන් ඉවසිලිවන්තව පිති හැසිරවීම නිසා සිම්බාබ්වේ පිලට එරෙහිව හරාරේහි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසනදී පළමු ඉනිමේ පරතරය ලකුණු 63 ක් දක්වා අවම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (21 දා)  හැකි විය.

සිම්බාබ්වේ පිල පළමු ඉනිම වෙනුවෙන් ලබා දුන් ලකුණු 358 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකාව දැඩි පීඩනකාරී තත්ත්වයක් මත්තේ තෙවැනි දිනය අවසනදී ලකුණු 295 ක් ලබා සිටින්නේ කඩුලු 4 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

කණ්ඩායමේ කළමනාකාරීත්වය බලාපොරොත්තු වූ අයුරින්ම ලකුණු අතරට පැමිණීමට සමත්වූ ඇන්ජලෝ මැතිව්ස් ලබා ගන්නා ලද ලකුණු 92 සඳහා පන්දු පන්දු 253 කට මුහුණ දුන්නේය. ඉන් 2 ක් හතරේ සීමාවට ඉහළින් යැවීමට සැලැස්වූ මැතිව්ස් 7 වතාවක් හතරේ සීමාව වෙත පන්දුව ගලා යැව්වේ තම ඉනිම හයේ සහ හතරේ පහර වලින් වර්ණවත් කරමිනි.

ලකුණු රැස් කිරීමේ ආරම්භය මන්දගාමී වුවද කියා නිම කළ නොහැකි වටිනාකමකින් කණ්ඩායමට දායකත්වයක් දක්වන ලද මැතිව්ස් තරගය නිමා කරන විට අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා සමඟ පස්වැනි කඩුල්ල වෙනුවෙන් නොබිඳුණු ලකුණු 68 ක සම්බන්ධතාවයක් පැවැත්වීය.. එහිදී ධනංජයගේ දායකත්වය පන්දු 73 කට මුහුණ දෙමින් ලකුණු 42 කිනි. මැතිව්ස් පළමු ලකුණු 18 ලබා ගැනීම සඳහා පන්දු 61 කට මුහුණ දුන්නද අර්ධ ශතකය පෙනෙන මායිමේදී එන්ස්ලි එන්ලෝව්ට හයේ පහරක් සහ ඊළඟ පන්දුවේදී ලකුණක් ලබා ගනිමින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කර ගත්තේය.

අවසන් වරට ක්‍රීඩා කරන ලද ඉනිම 18 දී ශතකයක් වාර්තා කිරීමට අපොහොසත් ව සිටින කුසල් මෙන්ඩිස්ට අද දිනයේදී ශතකයක් ලබා ගැනීමට හොඳින්ම අවකාශ තිබුණද කඩුල්ලට ඈතින් ඇදී ගිය පන්දුවකට අනවශ්‍ය ලෙස පිත්ත හුවා දැක්වීමට යෑමෙන් පෙනි පෙනී තිබූ ශතකය අහිමි කර ගත්තේය. පිට ඉන්නට සැලකිය යුතු දුරකින් වික්ටර් නියාව්චි යොමු කරන ලද පන්දුවට පහර එල්ල කිරීමට යෑමේදී එය පිත්තේ පිටත දාරයේ වැදී ස්ලිප් ස්ථානයේ පන්දු රැකි බ්‍රෙන්ඩන් ටෙල්ර්ගේ දෑත් අතර සිර විය.

ලකුණු 80 කදී මෙන්ඩිස්ගේ වටිනා ඉනිම නිමා වද්දී හේ මිනිත්තු 227 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 163 කට මුහුණ දී තිබිණ. හතරේ පහර 8 කින් තම ඉනිම වර්ණවත් කරගනු ලැබූ මෙම 24 හැවිරිදි දකුණත් පිතිකරුවා අර්ධ ශතකයකට හිමිකම් කියන ලද්දේද ඉනිම 7 කට පසුව වීමද විශේෂත්වයකි. මේ අර්ධ ශතකය මෙන්ඩිස්ගේ 11 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලෙසින් සටහන් විය.

මුහුණ දුන් 118 වැනි පන්දුවේදී අර්ධ ශතකය රැස් කර ගත් මෙන්ඩිස් ලකුණු 60 සීමාවේ රැදී සිටියදී පළමු පන්දුවාරය යවන ලද සිකන්දර් රාසාට පිට පිට හතරේ පහර 3 ක් එල්ල කරමින් සිය ලකුණු ලබා ගැනීම වේගවත් කළේය. පැමිණි මුල් අවස්ථාවේදී නිසි එල්ලය ලබා ගැනීමට රාසා අසමත්වූයෙන් ඉන් උපරිම ඵල මෙන්ඩිස් අත්කර ගත්තේය. 

දැවී යෑමට මත්තෙන් ඇන්ජලෝ මැතිව්ස්ට එක්වූ මෙන්ඩිස් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92 ක සම්බන්ධතාවයක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ දැමූහ. 154 වැනි පන්දුවේදී අර්ධ ශතකය සපුරා ගත් හිටපු ටෙස්ට් නායකයා අද දිනයේ හිමිකම් කියන ලද්දේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 35 වැනි අර්ධ ශතකයටය.

අද දිනයේ දැවී ගිය මුල්ම පිතිකරුවා වූයේ නායක දිමුත් කරුණාරත්න වන අතර හේ නියාව්චිගේ පන්දුවක් හමුවේ අයින්ස් ඩොලුවා අතට උඩ පන්දුවක් දී දැවී ගියේය. දිමුත්ගේ ඉනිම ලකුණු 37 කදී නිමාවද්දී කුසල්ගේ දැවී යෑමෙන් පසු පිටියට පිවිසි දිනේෂ් චන්දිමාල්ටද වැඩි වේලාවක් පිටියේ රැදී සිටීමට නායක විලියම්සන් ඉඩ පහස ලබා නොදිණ. යොමු කරන ලද පන්දුව පෙරළා විලියම්සන්ම උඩ පන්දුවක් ලෙස රැක ගනිමින් චන්දිමාල්ගේ ඉනිම නිමාවට පත් වූයේ ලකුණු 12 කදීය.

හෙට තරගයේ සිව්වැනි දිනයයි.

Recent Posts

  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර අද (20 දා) ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
  • ශ්‍රී ලංකාව ඉනිමකින් පරාජය කළ නවසීලන්තයට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයක්
      දෙවැනි ඉනිමේදී පිතිකරුවන් ධෛර්යවන්ත පිතිහරඹයක නිරත වූවත් පළමු ඉනිමේ වූ අතපසුවීම මඟහරවා ගැනීමට නොහැකිවීම නිසා වෙලිංටන් නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් නවසීලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉනිමක […]
  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest