slc
Home   |    News
ජනවාරි 29, 2020
රාසාගේ පන්දු යැවීමෙන් සිම්බාබ්වේ ඉදිරියට එයි

Sri Lanka Cricket

නම් දැරූ පන්දු යවන්නන් සිටියද සිකන්දර් රාසාගේ දෑතින් ගිලිහුණු පිට දඟ පන්දු හමුවේ ශ්‍රී ලංකා පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිහරඹය හේතුවෙන් හරාරේහි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනයේදී ලකුණු 113 ක පළමු ඉනිමේ වාසියක් අත්කර ගැනීමට සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායමට හැකියාව ලැබිණ. ඒ අනුව තෙවැනි දිනය වූ අද (29 දා) සවස් යාමයේ තරගය නිමා කරන විට ලකුණු 175 කින් සිම්බාබ්වේ පිල පෙරමුණ ගෙන සිටින්නේ තවත් කඩුලු 9 ක් අතේ තබාගෙනය. 

පළමු ඉනිම වෙනුවෙන් සිම්බාබ්වේ පිල ලබා ගන්නා ලද ලකුණු 406 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 293 කට සීමා වද්දී නැවතත් සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ පිල කඩුල්ලක් දැවී ලකුණු 62 ක් ලබා සිටියි. 

අද දිනයේදී සිය ටෙස්ට් තරග දිවියේ හොඳම පන්දු යැවීම සටහන් කළ සිකන්දර් රාසා ශ්‍රී ලංකා කණ්ඩායම පූර්ණ අසරණ භාවයට පත් කරන ලද ප්‍රධානම පන්දු යවන්නා බවට පත්විය. ලකුණු 122 කට කඩුලු 2 ක්ව තිබියදී දිනය ඇරඹූ ශ්‍රී ලංකා කණ්ඩායමේ දැවී ගිය කඩුලු 10 න් 7 කම හිමිකරුවා බවට පත්වූයේ රාසා ලකුණු 113 ක් පමණක් ප්‍රතිවාදී පිතිකරුවන් හමුවේ ලබා දී තිබුණි. 

දෙවැනි දිනයේදී දිමුත් කරුණාරත්නගේ කඩුල්ල දවා ගනිමින් සිය කඩුලු දඩයම ඇරඹූ දකුණත් දඟ පන්දු යවන්නා ඊයේ උදෑසන වරුවේ කඩුලු 3 ක් සහ දිවා විවේකයෙන් පසු කඩුලු 3 ක් දවා ගනිමින් ටෙස්ට් අංශයේ ඉහළම දක්ෂතාව සටහන් කර ගත්තේය. මෙය එරට පන්දු යවන්නකු වාර්තා කරන ලද දෙවැනි හොඳම පන්දු යැවීම ලෙසද සටහන් වන අතර එහිපළමු ස්ථානය හිටපු සිම්බාබ්වේ පා දඟ පන්දු යවන පෝල් ස්ට්‍රෑන්ග් හිමිකම් කියමින් සිටියි. හෙතෙම 2000 වසරේදී නවසීලන්ත පිලට එරෙහිව ලකුණු 109 කදී කඩුලු 8 ක් දවා ගනිමින් එම වාර්තාවට හිමිකම් කියයි. 

තෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සාර්ථක වූ පිතිකරුවන් යුගලය බවට පත්වූයේ ඇන්ජලෝ මැතිව්ස් සහ ධනංජය ද සිල්වා පමණි. පන්දු 158 කට මුහුණ දුන් පළමු තරගයේ ද්විත්ව ශතක ලාභියා ලකුණු 64 ක් ලබා ගත්තේ සිය 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය සටහන් කර ගනිමිනි. 

එල්ල කරන ලද පුල් පහරක් අනපේක්ෂිත ලෙස ෂෝට් ලෙග් හි පන්දු රකිමින් සිටි කෙවින් කසූසාගේ හිසේ දැවැටුණේ පිට පිටම දෙවැනි වතාවටය. කසූසාගේ හිසේ වැදුණු පන්දුව ස්කෙවයාර් ලෙග් කළාපයේ පන්දු රැකී කාල් මුම්බා වෙත උඩ පන්දුවක් ලෙස ඇදී යෑම නිසා මෙන්ඩිස් පිටියෙන් ඉවතට ගියා පමණක් නොව පන්දුව වැදුණු කසූසාද ඉවත් විය. පළමු තරගයේ පරිදිම පන්දුව හිසේ වැදීම නිසා කම්පනයට පත් කසූසා තණතීරුව මතම ඇද වැටුණු බැවින් ඔහුව රැගෙන යන ලද්දේ ගිලන් ඇඳක ආධාරයෙනි. මෙම තත්ත්වය මත කසූසාට මෙම තරගයේදී ක්‍රීඩා කිරීමට තරම් සෞඛ්‍ය තත්ත්වයකින් පසු නොවන බැවින් ඒ වෙනුවට පළමු තරගයේ පරිදිම බොහෝ විට වෙනත් ක්‍රීඩකයකු ක්‍රීඩා කරනු ඇත 

මෙන්ඩිස්ගේ දැවී යෑමෙන් පසු පැමිණි දිනේෂ් චන්දිමාල්ටද එතරම් වේලා කඩුල්ලේ රැඳීමට රාසා හරස් වූයේ ධනංජය ද සිල්වාට වැඩි වගකීමක් දරා ගැනීමට ඉඩ පහස වෙන් කරළමිනි. බලාපොරොත්තු වූ පරිදිම වැටී සිටි අසීරුතාවයෙන් ශ්‍රී ලංකා පිල ගොඩ ගැනීමට දායකත්වය ලබා දුන් ධනංජය පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 84 ක් එක් කිරීමට දායකත්වය ලබා දුන්නේය. රාසාගේම එතරම් උඩ නොපැමිණි පන්දුව ධනංජයගේ කඩුල්ල කරා ඇදී යෑම නිසා එම වටිනා ඉනිම ලකුණු 42 දී නිමාවට පත්විය. 

පළමු කඩුලු 9 ම ලකුණු 268 ක් ඇතුළත දැවී ගියද අවසන් කඩුල්ලට විශ්ව ප්‍රනාන්දුට සහ ළහිරු කුමාර එක්ව රැස් කරන ලද ලකුණු 30 ක සම්බන්ධතාවය නිසා ලකුණු 300 සීමාව ආසන්නයට යෑමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවිය. මෙහිදී කුමාර ලකුණු 03 ක් ලබා ගනිද්දී විශ්ව ලකුණු 38 ක් ලබා ගත්තේය. 

හෙට තරගයේ සිව්වැනි දිනයයි.   

Recent Posts

  • අවසන් සටනේ මුල් දිනයේ රාගම කඩුලු 8කට ලකුණු 258යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ මුලින් පන්දුවට පහරදෙන රාගම ක්‍රිකට් සමාජය පළමු දිනයේ […]
  • දිමුත් සහ චන්දිමාල් ‘විස්ඩන්’ ලෝක කණ්ඩායමට
    ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය ලෙසින් සැලකෙන ප්‍රකට විස්ඩන් (Wisden) සඟරාව විසින් තෝරනු ලබන ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය සඳහා ක්‍රීඩා කරන ලද ලොව හොඳම ක්‍රීඩකයින් 11 දෙනා අතරට ශ්‍රී ලංකාවේ […]
  • පළමු තරගයෙන්ම ශ්‍රී ලංකා යොවුන් පිලට පහසු ජයක්
    අබුඩාබි නුවර ආරම්භ වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදීම බංග්ලාදේශ යොවුන් පිලට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් […]
  • ළහිරුගේ නායකත්වයේ ඉනිම කැන්ඩිට පළමු ජය ගෙනෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ කැන්ඩි පිලේ ළහිරු උදාර වාර්තා කළ ලකුණු 109 සමග කැන්ඩි පිල ලකුණු 8ක […]
  • ජැෆ්නා – කළම්බු තරගයට වැස්සෙන් බාධා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේ ජැෆ්නා හා කළම්බු අතර තරගයේ මුලින් පන්දුවට පහරදුන් කළම්බු පිල ඕවර් 46.3ක් තුලදී කඩුලු 9ක් දැවී ලකුණු […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest