slc
logo
Home   |    News
ජනවාරි 20, 2020
සිම්බාබ්වේ පිතිකරුවෝ කඩුලු ආරක්ෂා කරගනිති

Sri Lanka Cricket

අත්දැකීම් අතින් ශ්‍රී ලංකාවට වඩා ගව් ගණනක් ඈතින් සිටියත් ලැබුණු අවස්ථාවේදී සිය උපරිමය රඳවා ගැනීමට සමත්වූ සිම්බාබ්වේ පිතිකරුවන් ශ්‍රී ලංකාවට එරෙහිව අද (19 දා) හරාරේ ක්‍රීඩාංගණයේදී ඇරැඹි පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේදී මන්දාලෝකය හේතුවෙන් පළමු දිනට තරගය නිමා කරන විට කඩුලු 2 ක් දැවී ලකුණු 189 ක් ලබා ගැනීමට සමත්විය.

ආරම්භය තරමක් මන්දගාමී වුවත් කණ්ඩායමට තමන්ගෙන් ඉටුවිය යුතු සේවය කුමක්ද යන්න මැනවින් වටහා ගනිමින් පන්දුවට පහර දුන් ආධුනික සිම්බාබ්වේ පිතිකරුවෝ දිවා ආහාරය වන විට යවන ලද පන්දුවාර 27  ඇතුළතදී ලකුණු 66 ක් පමණක් ලබා ගත් නමුත් එකම කඩුල්ලක් හෝ ප්‍රතිවාදී පන්දු යවන්නන් හමුවේ ලබා නොදීමට වග බලා ගත්හ.

එහිදී කණ්ඩායමේ පළපුරුදුම පන්දු යවන්නා වූ සුරංග ලක්මාල් මෙන්ම පැයට කිලෝ මීටර 150 කට ආසන්න වේගයෙන් පන්දු යැවීමට සමත් ළහිරු කුමාරගේ පන්දු යැවීම හමුවේ සිය කඩුලු ආරක්ෂා නවක ක්‍රීඩකයින් වූ ප්‍රින්ස් මසාවුරේ, කෙවින් කසූසා සිම්බාබ්වේ ඉනිම ශක්තිමත් කළහ.

දිනයේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ කෙවින් කසූසා ලකුණු 63 ක් ලබා ගනිද්දී මසාවුරේ සහ පළපුරුදු ක්‍රෙග් අර්වින් ලකුණු 55 බැගින් රැස් කර ගත්හ. මසාවුරේ සහ කසූසා දිනයේ දැවී ගිය පිතිකරුවන් බවට පත්වද්දී සිය අන්තය ආරක්ෂා කරගත් ක්‍රෙග් අර්වින් තම ලකුණු 55 සඳහා පන්දු 116 කට මුහුණ දුන් නමුත් හතරේ පහර 3 කින් සහ හයේ පහර 3 කින් සිය ඉනිම වර්ණවත් කර ගැනීම කැපී පෙණින.

දැවී ගිය පිතිකරුවන් වූ මසාවුරේ පන්දු 149 කටද  කසූසා පන්දු 214 කට මුහුණ දුන්නේ ලකුණු ලබා ගැනීමට වඩා මුල් තැන ලබා දුන්නේ සිය කණ්ඩායමේ ස්ථාවර භාවය වඩාත් වටිනා බව වටහා ගනිමිනි. මෙහිදී මසාවුරේ හතරේ පහර 7 කින් තම ඉනිම වර්ණවත් කරගනිද්දී කසූසා හතරේ පහර 5 ක් සහ එක් හයේ පහරක් සිය ඉනිමට එල්ල කර තිබුණි.

වසර 3 කට ආසන්න කාලයකින් පසු මව්බිමේදී ටෙස්ට් තරගයකට ක්‍රීඩා කරන ලද පළමු තරගයේදීම කිසිම පැකිළීමකින් තොරව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ පිතිකරුවෝ බලාපොරොත්තු වූ අයුරින්ම පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවයක් එක් කරන ලද්දේ පන්දු 301 ක් ඒ සඳහා වැය කරමිනි.

ඉනිම ඇරැඹි කසූසා මෙන්ම වමතින් දඟ පන්දු යවන ඒන්ස්ලි එන්ලෝව් සහ විකට් නිචුචි අද දිනයේදී සිය මංගල ටෙස්ට් වරම් දිනා ගන්නා ලද අතර මංගල තරගයේදීඹ අර්ධ ශතකයකින් ඉනිම වර්ණවත් කර ගැනීමට කසූසා සමත්වීම ආරම්භක දිනයේ කැපී පෙනෙන සිදුවීමක් බවට පත්විය.

පාකිස්තානු තරග සංචාරයට ඇතුළත් නොවුණු සුරංග ලක්මාල් මෙම තරගයේදී පන්දුවාර 15 ක් යැවූ නමුත් ලබා දුන්නේ ලකුණු 18 ක් පමණි. එහෙත් ඔහුට අද දිනයේදී එකම කඩුල්ලක් හෝ දවා ගැනීමට නොහැකි විය. දැවී ගිය කඩුලු 2 ලසිත් ඇඹුල්දෙණිය සහ ළහිරු කුමාර අතර බෙදී ගියහ. හෙට තරගයේ දෙවැනි දිනයයි.

ලකුණු සාරාංශය

සිම්බාබ්වේ පන්දුවාර 84 කදී කඩුලු 2 ට ලකුණු 189 යි – (ප්‍රින්ස් මසාවුරේ 55, කෙවින් කසූසා 63, ක්‍රෙග් අරවින් 55*, බ්‍රෙන්ඩන් ටෙල්ර් 13*, ලසිත් ඇඹුල්දෙණිය 69/1, ළහිරු කුමාර 37/1)

Active filters

Recent Posts

  • ඔස්ට්‍රේලියා ‘ඒ‘ පිල ලකුණු 165ක්  ඉදිරියෙන්
    සංචාරක ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායම හා ඔස්ට්‍රේලියා ‘ඒ‘ ක්‍රිකට් පිල අතර, ඔස්ට්‍රේලියාවේ ඩාර්වින් හි මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ‍තෙවැනි දිනය නිමාවෙද්දී […]
  • තීරණාත්මක ගැටුමේදී පීඩනය දෙපිළ මතටම
    කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ හෙට (16 දා) පැවැත්වෙන තෙවැනි සහ අවසන් විස්සයි-20 ජාත්‍යන්තර තරගය ශ්‍රී ලංකාවට මෙන්ම බංග්ලාදේශයට අතිශය තීරණාත්මක තරගයකි. දෙපිළම තරගය බැගින් ජය ගෙන සිටින හෙයින් හෙට […]
  • තුන්වැනි තරගයේත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර මේ මස 16 වැනිදා (බදාදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට තෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේ සියලුම ප්‍ර වේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා […]
  • ඔස්ට්‍රේලියානු ‘ඒ‘ පිතිකරුවෝ සෙමින් ලකුණු රැස් කරති
    ශ්‍රී ලංකා ‘ඒ‘ ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ඩාර්වින් නුවර පැවැත්වෙ පළමු සිව්දින ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (14 දා) තරගය නිමා කරද්දී සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ඔස්ට්‍රේලියානු […]
  • රනේෂ්ගේ ශතකයෙන් ඒස් කැපිටල්ට ජය
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ ප්‍රධානතම එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පානදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී තියුණු තරගයකින් පසු ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට ඒස් කැපිටල් […]

Pin It on Pinterest

USD United States (US) dollar