slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2020
කාන්තා පිලට අසාර්ථක ආරම්භයක්

Sri Lanka Cricket

මෙම මස 21 වැනිදා ආරම්භ වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා පිල සහභාගි වුණු පළමු පුහුණු තරගයෙන් දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 41 ක පරාජයක් ලැබූ බැවින් ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි කරගනු ලැබීය.

ඇඩිලේඩ්හි පැවැති මෙම තරගයේදී ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හිමි වුවත්, නියමිත පන්දුවාර 20 අවසන් වන විට රැස් කර ගත හැකි වූයේ ලකුණු 105 ක් පමණි. ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකාරිණියන් 8 දෙනෙකුම දවා ගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වී සිටියහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අමා කාංචනා පන්දු 15 කදී හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 24 ක් ලබා ගිනිමින් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වූවාහ. බලාපොරොත්තු තබා තිබෙන පිතිකාරිණියක් වන නායිකා චමරි අතපත්තුට මේ තරගයේදී ලබා ගත හැකි වූයේ ලකුණු 03 ක් පමණි. චමරි අසාර්ථක වුවත් අනෙක් ආරම්භක පිතිකාරිණිය වූ හසිනි පෙරේරා ලකුණුඅ 22 ක් ලබා ගත්තාය. උඵ නායිකා හර්ෂිතා මාධවීද මේ තරගයේදී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 11 ක් පමණි.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව වෙනුවෙන් මරීෂානින් කාප් ලකුණු 44 ක් රැස් කරන ලද්දේ පන්දු 44 කට මුහුණ දෙමින් ඉන් පහර 3 ක් හතරේ වලින්ද පහරක් හයේ පහරින්ද සරසා ගනිමිනි. පන්දු යැවීමේදී උදේශිකා ප්‍රබෝධනී පමණක් කැපී පෙනෙමින් තම පන්දුවාර 4 දී ලකුණු 08 ක් පමණක් ලබා දෙමින් කඩුලු 2 ක් දවා ගත්තාය.

පළමු වටයේදී ‘ඒ’ කාණ්ඩය යටතේ තරග වදිනු ලබන ශ්‍රී ලංකාව ප්‍රධාන තරගාවලියට ප්‍රථම සහභාගිවන දෙවැනි පුහුණු තරගය ලබන 18 වැනිදා එංගලන්ත පිලට එරෙහිව සහභාගිවීමට නියමිතය.

දකුණු අප්‍රිකානු පිල පන්දුවාර 20 කදී කඩුලු 5 කට ලකුණු 146 යි. – (මරීෂාන්නි කාප් 44, මිතොනොන් ඩූප්‍රීස් 28, ලයුරා වෝල්වාර්ට් 38*, චලොයි ටීරයොන් 23*,උදේශිකා ප්‍රබෝධනී 08/2, චමරි අතපත්තු 28/2)

ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 කදී කඩුලු 8 ට ලකුණු 105 යි – (හසිනි පෙරේරා 22, හර්ෂිතා මාධවී 11, නිලක්ෂි ද සිල්වා 10, අනුෂ්කා සංජීවනී 13, අමා කාංචනා 24*, කවීෂා දිල්හාරි 14, සනී ලඋූස් 20/4)

Active filters

Recent Posts

  • සෑම තරගයකදීම අපි පිටියට යන්නේ කණ්ඩායම් හැගීමෙන් යුතුවයි – මහීෂ් තීක්ෂණ
    සෑම තරගයකදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පිටියට පිවිසෙන්නේ කණ්ඩායම් හැගීමෙන් බවත්, යම් ක්‍රීඩකයෙකුගෙන් අතපසුවීමක් සිඳු වුවහොත් අනෙක් සියලු ක්‍රීඩකයින් එහි පාඩුව මකා දැමීමට කැපවීමෙන් ක්‍රියාත්මකවන බව ශ්‍රී ලංකා […]
  • ජව සම්පන්න  පහරට විශේෂඥ පුහුණුකරුවෙක්
    ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් නියෝජනය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජව සම්පන්න කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අරමුණු කර ගත් සතියක පුහුණු වැඩ සටනක් පැවැත්වීම සදහා ඒ සම්බන්ධ විශේෂඥ පුහුණුකරුවකු […]
  • දෙවැනි විස්සයි-20 තරගයෙත් ‘ටිකට්‘ විකිණී අවසන්
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය […]
  • පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්
    කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ […]
  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee