slc
Home   |    News
පෙබරවාරි 18, 2020
කාන්තා පිලත් පුහුණු තරගයෙන් ජය ලබයි

Sri Lanka Cricket

මෙම මස 21 වැනිදා ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කාන්තා පිලට හිමි දෙවැනි සහ අවසන් පුහුණු තරගයෙන් එංගලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවෝ ලෝක කුසලාන තරගාවලිය සඳහා ජයග්‍රාහී ප්‍රවේශයක් ලබා ගැනීමට සමත්වූහ.

ඇඩිලේඩ්හි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 ඇතුළත කඩුලු 9 ක් දවා ගත් ශෂිකලා සිරිවර්ධන සහ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කාන්තා පිල එංගලන්ත ඉනිම ලකුණු 122 කදී නවතාලීමට සමත්වූහ. ඒ අනුව එම ලකුණු සංඛ්‍යාව හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමේ ආරම්භක පිතිකාරියන් දෙපළ වූ චමරි අතපත්තු සහ හසිනි පෙරේරා 13 වැනි පන්දුවාරයේ තෙවැනි පන්දුවේදී ජයග්‍රහණය සනාථ කර ගන්නා විට ලකුණු පුවරුවේ කඩුලු 10 ක් සහ පන්දු 45 ක් ඉතිරිව තිබිණේ ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයකට මං විවර කරමිනි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් අනගි පිතිහරඹයක් දියත් කරන ලද චමරි අතපත්තු හයේ පහර 5 ක් සහ හතරේ පහර 8 ක් සමගින් පන්දු 50 කදී වේගවත් ලකුණු 78 ක් ලබා වැඩිම ලකුණු ලාභිනිය ඉයට පත්වූවාය. පන්දු යැවීමෙන්ද ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත් චමරි තුන් ඉරියව්වෙන්ම දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකා පිලේ ජයග්‍රහණය සඳහා දැවැන්ත කාර්යය භාරයක් ඉටු කළාය. ඇයට අමතරව අනගි සහායක් ලබා දුන් හසිනි පෙරේරා හතරේ පහර 4 ක් සමඟින් පන්දු 25 කදී වේගවත් ලකුණු 29 ක් ලබා ගත්තාය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායිකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා එංගලන්ත පිලට ආරාධනා කර සිටි නමුත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 35 ක් එක් කිරීමට ඇමී ජෝන්ස් සහ ෆ්‍රිනේ ජෝන්ස් සමත්වූහ. එහිදී අමා කාංචනා විසින් ලකුණු 18 ක් ලබා සිටි ෆ්‍රාන් විල්සන්ව දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමත් සමඟ එංගලන්ත පිතිකාරිණියන් එකා පිට එකා දැවී යෑම ඇරැඹිණ. එහිදී ක්‍රියාත්මක වුණු ශෂිකලා සිරිවර්ධන ඉනිමේ වැඩිම ලකුණු ලද පිතිකාරිණියන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩිකාකාවක වූ ඇමී ජෝන්ස්ව ලකුණු 23 කට දවාළමින් එංගලන්ත ඉනිම තවත් අසීරුවට පත් කළාය.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන පළමු තරගය ලබන 22 වැනිදා නවසීලන්තය සමඟ පර්තිහි වකා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇත.

Image Courtesy: ICC

Active filters

Recent Posts

  • ශ්‍රී ලංකාවෙන් ප්‍රසාද ලකුණක් ගිලිහෙයි
    නවසීලන්තයට එරෙහිව පැවැති පළමු එක්දින තරගයේදී නියමිත වේලාවට පන්දුවාර සංඛ්‍යාව යවා අවසන් කිරීමට අපොහොසත් වුණු ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලාන සුපර් ලීග් ප්‍රසාද ලකුණු සටහනෙන් තවත් එක් ලකුණක් […]
  • මහේල නවසීලන්තයට නොයෑම ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් කරුණු පහදයි
    ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී […]
  • යොවුන් පිලට අවසන් මහ තරග අවස්ථාව ගිළිහෙයි
    අබුඩාබි නුවර පැවැත්වෙන වයස අවුරුදු 19 න්  පහළ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තිබූ අවසන් අවස්ථාව වූ ඇෆ්ගනිස්තානයට […]
  • දඹුල්ලේ අපරාජිත බව බිඳ වැටෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දඹුල්ල පිලේ අපරාජිත බව බිද දැමූ ගෝල් ක්‍රීඩකයෝ කඩුලු 5ක ජයක් වාර්තා කළහ. දැනටමත් අවසන් මහා තරගයට […]
  • කැන්ඩි දෙවැනි වරටත් ජැෆ්නාට පරදී
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් එක්දින තරගාවලියේදී දෙවැනි වරටත් කැන්ඩි පිල පරාජය කිරීමට ජැෆ්නා ක්‍රීඩකයෝ සමත් වූහ. කොළඹ සිංහල ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ   පැවති තරගයෙන් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest