slc
logo
Home   |    News
පෙබරවාරි 17, 2020
තරංග සහ අසේලගේ පිති හමුවේ කොදෙව්වෝ අසරණ වෙති

Sri Lanka Cricket

By Chamila Karawita

උපුල් තරංග සහ අසේල ගුණරත්න එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් රැස් කරන ලද ශක්තිමත් ලකුණු සම්බන්ධතාව හේතුවෙන් සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අද (17 දා) පැවැති පළමු පුහුණු තරගයෙන් කඩුලු 2 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI කණ්ඩායම සමත්විය. එපමණක් නොව ලද අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගත් වමත් – දකුණත් සුසංයෝගය ඉදිරියේදී ආරම්භ වීමට නියමිතව තිබෙන එක්දින තරගාවලියේදී සිය දක්ෂතා පිළිබඳව යළිත් වතාවක් සිතා බලන ලෙසට තේරීම් කමිටුවට පණිවිඩයක්ද ලබා දීමට මෙම තරගය අවස්ථාවක් කරගත්හ. 

තරග 3 කින් සමන්විත එක්දින සහ තරග 2 කින් සමන්විත විස්සයි-20 තරගාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ඇඟ උණුසුම් කර ගැනීම වෙනුවෙන් පවත්වනු ලබන පුහුණු තරග 2 දී ශ්‍රී ලංකා පිල තරමටම තම පිති මුවහත් කරගත් සංචාරක පිතිකරුවෝ ලකුණු 283 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල හමුවේ තැබූහ.

එය හඹා යෑමේදී පළමු කඩුලු 2 ම එක් ලකුණකදී බිඳ වැටූ තිබුණු මොහොතක පිටියට එක්වූ තරංග සහ අසේල ලද අවස්ථාවේදී උපරිම ප්‍රයෝජන ගනිමින් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලද්දේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 198 ක සම්බන්ධතාවක් පවත්වමිනි. 

එහිදී කැපී පෙනුණු උපුල් තරංග පන්දු 124 කදී ලකුණු 120 ක්ද ගුණරත්න පන්දු 75 කදී ලකුණු 64 ක්ද රැස් කළහ. 28 වැනි පන්දුවාරය කියාත්මක කරන ලද රොස්ටන් චේස්ට එරෙහිව පිට පිටම හතරේ පහර 4 ක් එල්ල කළ තරංග මුහුණ දුන් 113 වැනි පන්දුවේදී ශතකයක් බවට පරිවර්තනය කර ගත්තේය. පළමු ලකුණු 50 මුහුණ දුන් 55 වැනි පන්දුවේදී ලබාගත් තරංග ෆේබියන් ඇලන්ගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදී දැවී යන විට හයේ පහරක් සහ හතරේ පහර 16 ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේය.

ඔහුට අනගි සහායක් ලබා දුන් අසේල ගුණරත්න හතරේ පහර 7 කින් සිය ඉනිම වර්ණවත් කරගෙන සිටියදී කඩුලු අතර දිව යෑමට ගොස් නිකරුණේ කඩුල්ල අහිමි කරගත්තේය. ලකුණු 12 ක් ඇතුළත තරංගව සහ අසේලව දවා ගැනීමට සමත්වීම මත යළිත් තරගයට අවතීර්ණ වුණු කොදෙව් පන්දු යවන්නෝ මුලු ලකුණු සංඛ්‍යාව 236 ක් වන විට සධීර සමරවික්‍රම, ඇන්ජලෝ පෙරේරා සහ අෂේන් බණ්ඩාරගේද කඩුලු දවා ගනිමින් සත්කාරක පිල අසීරුවට ඇද දැමීය. එහෙත් ළහිරු උදාරට එක්වූ පුලින තරංග 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 20 ක නොබිඳුණු සම්බන්ධතාවක් පවත්වමින් කඩුලු 2 ක ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන XI පිල රැගෙන යන විට පන්දු 15 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබිණ.

කාසියේ වාසිය දිනා ගැනීමත් සමඟ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කිරන් පොලාර්ඩ්ගේ නායකත්වයෙන් යුතු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ශතකයක් වාර්තා කරමින් තරගාවලියට සාර්ථක ප්‍රවේශයක් ලබා ගැනීමට ඩැරන් බ්‍රාවෝ සමත්වද්දී සුනිල් අම්බ්‍රිස් සහ නිකොලොස් පූරාන් ලකුණු 41 බැගින් ලබා ගත්හ.

මුහුණ දුන් 87 වැනි පන්දුවේදී ශතකය සම්පූර්ණ කරගත් වමත් පිතිකරුවා එම පන්දු වාරය නිම වීමට ඉතිරිව තිබූ ඊළඟ පන්දුවට මුහුණ දීමෙන් පසු සෙසු පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව විවර කර දෙමින් පිටියෙන් ඉවත්විය. ඒ වන විටත් සිය ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 14 කින් සපුරා ගැනීමට බ්‍රාවෝ වග බලාගෙන තිබුණි. 

ඉනිම ඇරැඹි ෂායි හෝප් සහ බ්‍රෙන්ඩන් කිං මුලු ලකුණු සංඛ්‍යාව 03 ක්ව තිබියදී නරඹන්නන් බවට පත් කිරීමට අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මදුශංක සමත් වද්දී දෙවැනි ඉනිම වෙනුවෙන් ලකුණු 113 ක් එක් කළ ඩැරන් බ්‍රාවෝ සහ සුනිල් අම්බ්‍රිස් කොදෙව් ඉනිම ප්‍රාණවත් කළහ. ආරම්භයේ සිටම මනා පාලනයකින් යුතුව පන්දු යැවූ අසිත සහ මධුශංක කොදෙව් ඉනිමේ දැවී ගිය කඩුලු අතරින් 5 කට හිමිකම් කීහ.

ඉකුත් දා අවසන් වුණු වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන ලද ඩිල්ෂාන් මධුශංකගේ දක්ෂතා මැන බැලීම වෙනුවෙන් මෙම තරගය සඳහා ඔහුව ක්‍රීඩා කරවන ලදුව ඉනිමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වීමට මධුශංක සමත්විය. පන්දුවාර 7 ක් ක්‍රියාත්මක කළ මධුශංක ලකුණු 47 ක් ප්‍රතිවාදීන් හමුවේ ලබාදෙද්දී බ්‍රෙන්ඩන් කිං (00), ජේසන් හෝල්ඩර් (22), සහ නායක කිරන් පෝලාර්ඩ් (03)ගේ කඩුලු දවා ගත්හ. වමතින් වේග පන්දු යවන මධුශංක යම්බන්තොට හුංගම විජයබා විදුහල නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවට ප්‍රවිශ්ඨ වී සිටියි. 

34 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවෙන් පසු ඩැරන් බ්‍රාවෝ ඉවත්ව ගිය අතර අනතුරුව යවන ලද පළමු පන්දුවට පහර එල්ල කිරීමට යෑමේදී නිකොලොස් පූරාන් ආබාධයකට ගොදුරු විය. තුනටිය ප්‍රදේශය ආසන්න ආබාධයකට ලක්වීම නිසා පන්දුවට පහර දීම පැසෙකලා පූරාන් පිටියෙන් ඉවත්ව ගියද නැවත පන්දුවට පහර දීම සඳහා නොපැමිණියේය.

කොදෙව් පිතිකරුවන්ව ඇද බැඳ දැමීම සඳහා ශ්‍රී ලංකා නායකයා පන්දු යවන්නන් 8 දෙනෙකුගේ සහයෝගය බලාපොරොත්තු වූ අතර මධුශංකට අමතරව අසිත ප්‍රනාන්දු ලකුණු 17 කට කඩුලු 2 ක් බිඳ හෙළුවේය. විස්සයි-20 තරු අතර ලොව දැවැන්තම කීර්තියක් අත්කරගෙන සිටින කිරන් පොලාර්ඩ් ද අද දිනයේදී පන්දුවට පහර දීම සඳහා පිටියට සේන්දු වූ නමුත් ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 02 ක් පමණි. මදුශංකගේ පන්දුවකට එල්ල කරන ලද පුල් පහර මිඩ් විකට් කළාපයේ පන්දු රැකී කොවිඳු නදීෂාන් රැක ගැනීම නිසා පොලාර්ඩ්ගේ ඉනිම නිමාවට පත්විය. 

පුහුණු තරගයල් බැවින් මෙම තරගයේදී දෙපිළේ පන්දු යවන්නන් සහ පිතිකරුවන් මාරු කරමින් තරග කිරීමේ අවස්ථාව උදා වුවද පන්දු රැකීම සහ පන්දුවට පහර දීම සඳහා අවසර හිමිවූයේ ක්‍රීඩකයින් 11 දෙනකුට පමණි. දෙරට අතර පැවැත්වෙන මීළඟ පුහුණු තරගය ලබන 20 වැනිදා කටුනායක හලාවත මේරියන්ස් ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතය. 

ලකුණු පුවරුව
බටහිර ඉන්දීය කොදෙව් 
ෂායි හෝප්කඩුල්ල මුවා කළාප.අසිත ප්‍රනාන්දු00
බ්‍රැන්ඩන් කිංකඩුල්ල මුවා කළාප.ඩිල්ෂාන් මධුශංක00
ඩැරන් බ්‍රාවෝඅතරමඟ නවතා දැම්මා
100
සුනිල් අම්බ්‍රිස්කඩුල්ල මුවා කළාප.කවිඳු නදීෂාන්41
නිකොලොස් පූරාන්අතරමඟ නවතා දැම්මා
41
රොස්ටන් චේස්
ප.පුලින තරංග11
රොව්මන් පවලේඇ.අසේල ගුණරත්නප.තික්ෂිල ද සිල්වා19
ජේසන් හෝල්ඩර්ඇ.තික්ෂිල ද සිල්වාප.ඩිල්ෂාන් මධුශංක22
ෆේබියන් අලෙන්
ප.අසිත ප්‍රනාන්දු28
කිරන් පොලාර්ඩ්ඇ.කවිඳු නදීෂාන්ප.ඩිල්ෂාන් මධුශංක02
කීමෝ පෝල්නොදැවී
03
අතිරේක

15
එකතුව පන්දුවාර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු282
කඩුලු වැටීම – 1- 00, 2-03, 3-116, 4-195, 5-224, 6-232, 7-260, 8-274, 9-282
පන්දු යැවීම
අසිත ප්‍රනාන්දු 6.4-2-17-2ඩිල්ෂාන් මධුශංක 7-1-47-3
තික්ෂිල ද සිල්වා 5-0-30-1තරිඳු කෞෂාල් 5-0-27-0
සචිඳු කොළඹගේ 7-0-46-0අසේල ගුණරත්න 5-0-18-0
කවිඳු නදීෂාන් 6-1-48-1පුලින තරංග 8-0-42-1
ශ්‍රී ලංකා ක්‍රිකට් XI
සඳුන් වීරක්කොඩිකඩුල්ල මුවා කළාප.ෂෙල්ඩන් කොට්‍රල් 00
උපුල් තරංග
ප.ෆේබියන් ඇලන් 120
පැතුම් නිස්සංකඇ.ෂායි හෝප්ප.ෂෙල්ඩන් කොට්‍රල්00
අසේල ගුණරත්නදුවද්දී දැවී ගියාෂෙපර්ඩ්64
ඇන්ජලෝ පෙරේරාඇ.සහප.ෆේබියන් ඇලන්12
සධීර සමරවික්‍රමඇ.ෂායි හෝප්ප.කීමෝ පෝල්00
ළහිරු උදාරනොදැවී
22
අෂේන් බණ්ඩාර
ප.හේඩ්න් වෝල්ෂ්04
තික්ෂිල ද සිල්වානොදැවී
11
අතිරේක25
එකතුව පන්දුවාර 47.3 කදී කඩුලු 8 ක් දැවී ලකුණු283
කඩුලු වැටීම – 1-00, 2-01, 3-199, 4-211, 5-218, 6-222, 7-236, 
පන්දු යැවීම
ෂෙල්ඩන් කොට්‍රල් 4-0-22-2ජේසන් හෝල්ඩර් 4-0-11-0
කීමා පෝල් 7-0-56-1රොමාරියෝ ෂෙපර්ඩ් 3-0-21-0
අල්සාරි ජෝෂප් 4-0-13-0රොස්ටන් චේස් 7.3-0-37-0
හේඩ්න් වෝල්ෂ් 8-0-52-2ෆේබියන් ඇලන් 10-0-62-2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar