slc
logo
Home   |    News
පෙබරවාරි 26, 2020
මැතිව්ස්ගේ 100 වැනි තරගයේදී ශ්‍රී ලංකාව පන්දුවට පහර දෙයි

Sri Lanka Cricket

තරගාවලියේ තවදුරටත් අපරාජිතව සිටීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට ජයග්‍රහණය තීරණාත්මක වුණු දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දීම සඳහා සත්කාරක ශ්‍රී ලංකා පිලට අවස්ථාව ලබා දුන්නේය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ අද (26 දා) පැවැත්වෙන මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව පිවිසෙන්නේ 1-0 ක් ලෙස තරගාවලිය පෙරමුණ ගනිමිනි. සත්කාරකයින් පළමු තරගයට ක්‍රීඩා කරන ලද ක්‍රීඩකයින් කිසිදු වෙනස් කමක් නොකරමින් මෙම තරගයට අවතීර්ණ වද්දී සංචාරකයින් පළමු තරගයට ක්‍රීඩා කළ හේඩ්න් වෝල්ෂ් වෙනුවට ෆේබියන් ඇලන් කැඳවා තිබේ.

අද තරගය කුසල් ජනිත්ගේ එක්දින තරග දිවියේ මෙන්ම ඇන්ජලෝ මැතිව්ස් සිය මව්බිමේදී සහභාගිවනු ලබන 100 වැනි එක්දින ජාත්‍යන්තර තරගය වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා කණ්ඩායම – 1. දිමුත් කරුණාරත්න, 2.අවිශ්ක ප්‍රනාන්දු, 3. කුසල් පෙරේරා, 4. කුසල් මෙන්ඩිස්, 5. ඇන්ජලෝ මැතිව්ස්, 6. ධනංජය ද සිල්වා, 7. තිසර පෙරේරා, 8. වනිඳු හසරංග, 9. ඉසුරු උදාන, 10. ලක්ෂාන් සඳකැන්, 11. නුවන් ප්‍රදීප්.

කොදෙව් කණ්ඩායම – 1. සුනිල් අම්බ්‍රිස්, 2. ෂායි හෝප්, 3. ඩැරන් බ්‍රාවෝ, 4. රොස්ටන් චේස්, 5. නිකොලොස් පූරාන්, 6. කිරන් පොලාර්ඩ් (නායක), 7. ජේසන් හෝල්ඩර්, 8. ෆේබියන් ඇලන්, 9. කීමෝ පෝල්, 10. අල්සාරී ජෝසප්, 11. ශෙල්ඩන් කෝට්‍රල්.

Active filters

Recent Posts

  • ‘ඒ‘ තරගාවලියේ ජය ඔස්ට්‍රේලියාවට
    ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ ඔස්ට්‍රේලියානු ‘ඒ‘ කණ්ඩායම අතර පැවැති තෙවැනි නිල නොවන එක්දින තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කළ සත්කාරක ඔස්ට්‍රේලියානු ‘ඒ‘ […]
  • කණ්ඩායම් දෙකක් ජය පෙනි පෙනී පරදියි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද පැවැති තවත් තරග පහක් අතුරින් තරග දෙකක් ඉතාමත් තියුණු මුහුණුවරකින් පසුව නිමාවට පත්විණි. උණුසුම් මුහුණුවරක් […]
  • ලෝක කුසලානෙට පෙරසූදානම හෙට සිට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය හෙට (10 දා) පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙය ද්වීපාර්ශ්වික තරගාවලියක් වුවත් ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ඇති […]
  • නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ කැපවීම අපේ සාර්ථකත්වය හේතුවයි – කුසල් මෙන්ඩිස්
    ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නායකත්වයේ හා පුහුණු කාර්ය මණ්ඩලයේ සහයෝගයත් කැපවීමත් හේතුවෙන් එක්දින පිල දිනෙන් දින සාර්ථකත්වයට පත්වෙමින් ඇති බව කුසල් මෙන්ඩිස් පැවැසීය. ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ගෙවී […]
  • පානදුර ලකුණු 213කින් එන්.සී.සී. පරාජය කරයි
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන ප්‍රධාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති එන්.සී.සී. – පාණදුර ක්‍රීඩා සමාජය අතර තරගයෙන් එන්.සී.සී. ලකුණු 213කින් පරාජයට පත් […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee