slc
Home   |    News
පෙබරවාරි 23, 2020
“මේ තරගය දින්නේ ක්ලබ් තරගාවලිය නිසා” – වනිඳු හසරංග

Sri Lanka Cricket

By Chamila Karawita 

තරගයක් ජයග්‍රහණය කරා ගෙන යා හැකි ක්‍රීඩකයකු වීමට හැකිවන්නේ නම් දීර්ඝ කාලයක් ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට හැකියාව පවතින බව පවසන ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග, තමා අවධානය යොමු කර ඇත්තේ තරග දිනවන්නකු වීමට බව පවසයි.

බටහිර ඉන්දීය කොදෙව්  කණ්ඩායමට එරෙහිව කොළඹ එස්.එස්.සී.පිටියේ පැවැති පළමු එක්දින තරගයේදී පන්දු 39 කදී නොදැවී ලකුණු 42 ක් ලබාගත් වනිඳු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල්ලක් තියුණු ජයග්‍රහණයක් කරා රැගෙන යෑමට සමත්විය. එම සුවිශේෂී ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන් ද පිදුම් ලද වනිඳු තරගාවසානයේදී මාධ්‍ය හමුවේ ඉහත අදහස් පළ කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි තුන් ඉරියව් දකුණත් පිතිකරුවා, මේ ආකාරයෙන් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යෑම වෙනුවෙන් දේශීය තරග පිටියේ විස්සයි-20 අවසන් මහ තරගයේදී ක්‍රීඩා කරන ලද ඉනිමද ඉවහල් වූ බව පවසා සිටියේය.

“ඇත්තටම අද මැච් එක මෙහෙම ඉවර කරන්න පුලුවන් වුණේ එදා ටී-20 ක්ලබ් ටූනමන්ට් ෆයිනල් එකේ ගහපු ඉනිම මගේ ඔලුවේ වැඩ කරපු නිසා. ඒක ක්ලාබ් ක්‍රිකට් තරගාවලියක් වුණත් ඒ තරගය මගේ ඔලුවේ පොඩ්ඩක් වැඩ කළා. මොකද මම ඒ තරගයෙදිත් බැට් කළේ නොම්මර 7, 8 වගේ තැන්වල නිසා ඒ වගේ ගහන්න පුලුවන් කියලා හිතුඅණා. ඒ අනුව ඇවිල්ලා තමයි මම මගේ වගකීම පටන් ගත්තේ” යැයි පවසන වනිඳු හසරංග, “ටීම් එකක් මැච් එකක් ෆිනිෂ් කරන්න පුලුවන් නම් මං දන්න විදියට ඒ ක්‍රීඩකයට ගොඩක් කල් ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න පුලුවන්. ඉතිං මටත් ඕන ටීම් එකට ඒ වගේ දෙයක් කරන්න පුලුවන් ක්‍රීඩකයෙක් වෙන්න”යි පැවැසීය. 

මීට මාසයකට පෙර පැවැති අන්තර් සමාජ පළමු පෙළ විස්සයි-20 ක්‍රිකට් අවසන් මහ තරගය යටතේ සී.සී.සී. පිල නියෝජනය කළ වනිඳු මෙආකාරයේම පැවැති තරගය ජයග්‍රහණය කරා රැගෙන යෑමට සමත්විය. එම තරගයේදී නොතිබූ ජයග්‍රහණයක් කරා සී. සී. සී. පිල රැගෙන යන ලද්දේ පන්දු 34 කදී නොදැවී ලකුණු 60 ක් වාර්තා කරගනිමිනි. 

අවසන් පිතිකරු දෙදෙනා අතරින් ලක්ෂාන් සඳකැන් පිටියට පැමිණෙන අවස්ථාව වන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා පන්දු 27 කදී ලකුණු 28 ක් ලබා ගැනීමේ අභියෝගය පැවැතියත් ඒ සියල්ල මැඩ ගනිමින් තරග ජයග්‍රහණය කරා රැගෙන යෑමට වනිඳු සමත්විය. 

හසරංග පිටියට පැමිණෙන විට ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ලකුණු 75 ක් අවශ්‍යව තිබූ නමුත් තමන් වැඩිපුර උත්සාහ ගන්නා ලද්දේ තරගයේ වැඩි වගකීමක් තමන් වෙත පැවරෙන තෙක් කඩුල්ලේ රැඳී සිටීමට බවයි. “මම පන්දුවට පහර දෙන්න යනකොට ලකුණු 75 ක් ලබාගත යුතුව තිබුණා. තිසර අයියා ඒ වෙලාවේ පන්දුවට පහර දෙමින් සිටියේ. ඔහුට ඕනෑම වෙලාවක් ලොකු පහරවල් එල්ල කරන්න පුලුවන්. ඒ වගේම ගිය ගමන්ම මටත් ලේසියෙන් හයකුයි හතරකුයි ආවා. ඒක නිසා මං පුලුවන් තරම් බැලුවේ තිසර අයියා ඉන්නකොට එයාට අවස්ථාව දෙන්නත්.ඒ වෙලාවේ ඕනතරම් අපිට පන්දු ඉතිරි වෙලා තිබුණා. ඒ කිසා මම පුලුවන් තරම් බැලුවේ එයාලට සහයෝගයදිලා වැඩි අවධානම එනකම් කඩුල්ලේ රැඳී ඉන්න”යි සඳහන් කර සිටියේය.

“ඒ වෙලාවේ වහින්න වගේත් ආවා. අපි දෙන්නා සැලසුම් කළේ ඩක්වර්ත් ලිවුස් එකත් එක්ක අවශ්‍ය ලකුණු ගාණට වඩා ලකුණු 10 ක් ඉස්සරහින් යන්න. එහෙම වුණොත් අපිට ලේසියි තරගය පවත්වාගෙන යන්න. ඒ විදියට ගහපු නිසා තමයි ඇත්තටම මේ තරගය මෙච්චර ලේසියෙන් ඉවර කරන්න පුලුවන් වුණේ” යැයි වනිඳු පවසයි.

තරගයට පෙර පැවැති මාධ්‍ය හමුවට පැමිණි ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ද වනිඳුගේ දක්ෂතා ගැන මහ ඉහළින් වර්ණනා කළ සිටි අතර ඒ වර්ණනාවට සාධාරණයක්ඉටු කිරීමට වනිඳු සමත්වීමද විශේෂත්වයක් විය.

“මං දන්නවා සඳකැන්ට බැට් එකෙන් බෝලෙට ගහගන්න පුලුවන් කියලා. මොකද ඒ දේ එයා කළින් කරලා තියෙනවා මම දැකලා තියෙන නිසා. මං එයාට කිව්වේ මට ඔයාගෙන් ලකුණු ඕන නෑ, විකට් එක නොදී ඇගෙන් හරි ගහලා ඒ පැත්ත ගහලා දුන්නොත් මං මේ ගේම් එක ඉවර කරන්න පුලුවන් කියලා. එය අන්තිම ලකුණ වෙනකල්ම ඒ දේ කළා” යැයි 9 වැනි කඩුල්ලේ සම්බන්ධතාවය පිළිබඳව වනිඳු පවසා සිටියේය.

වනිඳුගේදක්ෂතා ඒ අයුරින් තිබෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම සැබැවින්ම ඉහළ තලයකට පැමිණි තිබෙනු මෙම තරගයේදී දැක ගත හැකි වූ අතර එහිදී ප්‍රතිවාදී පිලේ ලකුණු 20 කට ආසන්න සංඛ්‍යාවක් නතර කර දැමීමට සමත්වීම ජයග්‍රහණයට හේතු වුණු අතුරු සාධක අතර ප්‍රධාන තැනක් ගනු ලැබීය. පන්දු රැකීමේ පුහුණුකරු ලෙසින් කටයුතු කරන ෂේන් මැක්ඩමොට්ගේ කාර්යය භාරය පිළිබඳව විමසීමේදී අදහස් දක්වා සිටි තරගයේ වීරයා, “හොඳයි කියන්නේ ආපු කෝචස්ලා ඔක්කොම හොඳයි. එයාලා ගොඩක් වෙලාවට අපිව පොළොඹවනවා. මේ දේ වුණොත් මෙහෙමයි කියලා කියලා දෙනවා. නැතුව දේවල් නිකන් කියලා දෙනවා නොවෙයි. මේ දේ වුණොත් අපි ඉන්නේ කොතැනද ඒ තැනට යන්නේ කොහොමද කියන එක ගැන එයාලා ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට කතා කරනවා. ඒක නිසා තමයි අපි ඇත්තටම පසුගිය ටිකේ ඉඳලා කණ්ඩායමක් විදියට ඉදිරියට එන්න හැකි වෙලා තියෙන්නේ”යි පවසා සිටියේය. 

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest