slc
logo
Home   |    News
මාර්තු 13, 2020
උදරයේ ආබාධය බෙන් ස්ටෝක්ස්ගේ හරහට හිටියි

sinhala editor

By Chamila Karawita

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සහභාගිවී සිටින තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස්ට උදරයේ ඇතිවී තිබෙන ආබාධයක් හේතුවෙන් කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන සිව්දින පුහුණු තරගයෙන් ඉවත් කර ගැනීමට කණ්ඩායම් කළමනාකාරීත්වය පියවර ගෙන තිබේ. කෙසේ වෙතත් ලබන 19 වැනිදා ගාල්ලේදී ආරම්භ වන ටෙස්ට් තරගාවලිය සඳහා ඔහු සහභාගිවන්නේද යන්න මේ වන තෙක් තීරණයක් ගෙන නොමැත.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම සමඟ පැවැත්වෙන සිව්දින පුහුණු තරගය සඳහා නම් කරන ලද එංගලන්ත කණ්ඩායමට ස්ටෝක්ස්ගේ නම ඇතුළත් වී තිබුණද පළමු දිනයේදී පන්දුවට පහර දෙන සුපුරුදු අංක 5 ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණීමෙන් වැළකී සිටියේය. ඒ වෙනුවට එම ස්ථානයෙන් පන්දුවට පහර දීමට පැමිණියේ ඔලී පෝප් වන අතර ඔහු ලකුණු 95 ක් රැස් කර ගත්තේය.

තරගයේ දෙවැනි දිනයේ සිට ස්ටෝක්ස්ගේ සහභාගිත්වය අහිමි වන බව පවසමින් ප්‍රකාශයක් නිකුත් කර සිටින එංගලන්ත ක්‍රිකට් ආයතනය, උදරයේ ඇතිවී තිබෙන ආබාධිත තත්ත්වය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරන හෙයින් මෙම තරගයට සහභාගි නොවන බව සඳහන් කර සිටියි. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටින එංගලන්ත ක්‍රිකට් ආයතන “ඔහුගේ තත්ත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවන් ලන්ඩනයේ සිට ලැබෙන තෙක් බලා සිටිනවා. ඒ වන තෙක් ඔහු කණ්ඩායම නැවැතී සිටින හෝටලයේ රැඳී සිටිනවා” යනුවෙන් සඳහන් කර සිටියි.

“පැහැදිළිවම කියනවා නම් මෙය වෛරස් ගැටළුවක් හෝ COVID – 19 හෙවත් කොරෝනා වෛරය සම්බන්ධ ආබාධ්‍යක් නොවේ” යැයි ඔවුහු ස්ටෝක්ස්ගේ ආබාධිත තත්ත්වය ගැන තවදුරටත් විග්‍රහ කර සිටිති.

කෙසේ වෙතත් ස්ටෝක්ස්ගේ ආබාධිත තත්ත්වය උත්සන්නව තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුවහොත් එය එංගලන්ත කණ්ඩායමට දරාගත නොහැකි පාඩුවක් වනවා සේම මෙවර තරගාවලියේදී ආබාධ හේතුවෙන් ඉවත් කෙරුණු දැවැන්තම ක්‍රීඩකයින් අතර තුන්වැන්නා බවට ස්ටෝක්ස් පත්වනු ඇත. ඔශුට පෙර මාක් වුඩ් සහ ජොෆ්රා ආචර් ආබාධ හේතුවෙන් මෙම තරග සංචාරයෙන් ඉවත් කෙරිණ.

Active filters

Recent Posts

  • ලකුණු සටහ‍නේ පෙරමුණගත් දඹුල්ල අවසන් මහා තරගයට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් වෙද්දී ලකුණු සටහනේ පෙරමුණට පැමිණි දඹුල්ල […]
  • පළමු ඉනිමේ ජයත් සමඟ ගෝල් අවසන් සටනට එයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (23) නිමාවූ තරගයෙන් පළමු ඉනිමේ ජය ලබාගත් ගෝල් පිල අවසන් මහා […]
  • ශ්‍රී ලංකා ‘ඒ‘ පිල අපරාජිතව අවසන් සටනට
    තරිඳු රත්නායකගේ දක්ෂ පන්දු යැවීම හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව අද (23 දා) පැවැති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා […]
  • දෙව්මි සහ පියුමිට ජාතික කණ්ඩායමට කැඳවුම්
    ඉන්දියාව සහ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම් සමඟින් අප්‍රේල් මස 27 වැනිදා සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන කාන්තා තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කණ්ඩායමට නවක […]
  • රවිදු සහ අසංක ‘ඒ‘ තරග වරම්
    එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ අබුඩාබිහි නුවරදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියෙන්  පසු ඇෆ්ගනිස්තානු ‘ඒ‘ කණ්ඩායමට එරෙහිව  පැවැත්වෙන නිල නොවන සිව්දින ක්‍රිකට් තරගය සඳහා නම් කර ලද ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

USD United States (US) dollar